(හර්ෂණ තුෂාර සිල්වා මහනුවර සිට)
මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් විශේෂ තීන්දු තීරණ රැසක් හෙට (15) ප්‍රකාශයට පත්කරන බව මහා මාර්ග හා උසස් අධ්‍යාපනය අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහනුවර දී අද(14) පැවැසීය.
රජයේ තීන්දු තීරණ ක්‍රියාත්මක කරන තුරු සිසුන් බඳවා ගැනීම අත්හිටුවන්නැයි සයිටම් පාලනාධිකාරියට දැනුම් දුන් බව ද උසස් අධ්‍යාපනය අමාත්‍යවරයා එහිදි කීවේය.
එක්සත් ජාතීන්ගේ 14 වැනි වෙසක් දින සැමරුම් උළෙල අවසානයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහාමාර්ග හා උසස් අධ්‍යාපනය අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.
එමෙන්ම මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ආණ්ඩුවට පවරා ගන්නා බවත්, ඒ සඳහා වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා කැමැත්ත පළ කර ඇති බවත් ඒ වෙනුවෙන් කිසිදු මුදල් ගෙවීමක් නොකරන බවත් මහාමාර්ග හා උසස් අධ්‍යාපනය අමාත්‍යවරයා කීය.
එහිදි අදහස් දැක් වූ කිරිඇල්ල අමාත්‍යවරයා මෙසේ ද කීය.
“නෙවිල් ප්‍රනාන්දු රෝහල අපි ආණ්ඩුවට පවර ගන්නවා. ඒ සඳහා වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා කැමැත්ත පළ කර තිබෙනවා. ඒ වෙනුවෙන් අපි කිසිදු වන්දි මුදලක් ගෙවන්නේ නැහැ. නෙවිල් ප්‍රනාන්දු මහතා කැමැත්තෙන් රෝහලට අපට දුන්නා. අපි පහුගිය ආණ්ඩුව වගේ කිසි දෙයක් බලෙන් ගන්නේ නැහැ. නෙවිල් ප්‍රනාන්දු මහතා එක්තරා සීමාවකට ආවා. ඔහු රෝහල කැමැත්තෙන් දුන්නා. රෝහල ඉතා දියුණු රෝහලක් කරන්න ඔහුට අවශ්‍යයි. ඒ නිසා ඔහු රෝහල රජයට ලබාදෙනවා“
“ඒ වගේම හෙට තීන්දු තීරණ දැනුම් දෙන නිසා ඒවා ක්‍රියාත්මක කරන තෙක් සිසුන් බඳවා නොගන්නා ලෙස අපි සයිටම් බලධාරීන්ට දැනුම් දී තිබෙනවා. අපි පොරොන්දු වූ වෙනස්කම් රැසක් හෙට ප්‍රකාශයට පත් කරන තීන්දුවලට ඇතුළත් වෙනවා. සයිටම් සිසුන්ගේ ප්‍රමිතිය නැති බව කී නිසා සයිටම් සිසුන් අවසාන විභාගයට පෙනී සිටින්න කැමැත්ත පළ කළා. මේ සියල්ල කඩිනමින් අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා බැංකුවට සින්න වෙන්න යන එක නෙව්ල් මුදලාලි මහත්තය රජයට දෙන්නං කිව්යවලු. අවුලක් නෑ කිරිඇල්ල වගේ ඕන ගොනෙක් පාර්ලිමේන්තු යවන ජහමනතාවක් ඉන්න රටක්නෙ මේක
එතකොට සිසුන් බඳවාගැනීම නවත්තන්න කියල තියෙන්නේ එක දවසකටනේ, ඒකත් ඉරිදා දවසක්! මේ ජෝක් හොඳයි 62 ලක්ෂයක් තණකොළ කන උදවිය තව තවත් ගොනාට අන්දන්නම!
මෙම කාරණාව ගැන රජය නොසැලී සිටිය යුතුයි. සයිටම් වගේ පෞද්ගලික විශ්ව විද්‍යාල තවත් බොහෝමයක් ඉදිරියටත් ආරම්භ කල යුතුයි.
SAITM හි වැඩි ප්‍රමාණයක් ඉගෙනගන්නේ මේ රටේ සේවය කරන වෘර්ථිකයන්ගේ ළමුන්. ඔවුන් සොයන මුදල් වියදම් කරන්නේ මෙරටේ. රට හැර ගොස් පිටරට වල පදිංචි අයගේ ළමයින් KDU එකට ඇවිත් ඉතා අඩු මුදලක් ගෙවා MBBS උපාදිය අරගන්නවා. ඒවාට කිසිම සද්දයක් නැ මේ සද්ද දාන කට්ටියගෙන්. මේ සද්ද දන්නේ කුහකයන් පිරිසක් බව මෙයින් මනාවට ඔප්පු වෙනවා. මේකට කියන්නේ දූපත් මනසිකත්වේ කියල. දුපත ඇතුලේ පොරවල් වගේ ඉන්නන තමයි අපේ සමහර දොස්ස්තරලට ඕනේ වෙලා තියෙන්නේ. වැඩි හරියක් දොස්තරලා ඉතා හොඳ මිනිස්සු. GMOA නිලතල දරණ සුළු පිරිස තමා කුහකකමේ උපරිම සංකේතය.
ලෝකේ කොහෙවත් නැතුව ඇති මහා මාර්ග සහ උසස් අධ්‍යාපනය එකට එකතු කරපු අමාත්යයන්සයක්.
ජනතාව ඉල්ලා සිටියේ සයිටම් කැම්පස් එක ජනසතු කරන්නයි. නමුත් රෝහල ජනසතු කරන්න යයි. අපේ පාලකයින්ට ජනතා සිතුම් පැතුම් නොතේරනවා වගෙයි. එම්.බී.බී.එස්. උපාධියකට රාජ්‍ය විශ්වවිද්‍යාලය ඇස්තමේන්තු කර ඇත්තේ රුපියල් ලක්ෂ විසිපහක්ලු. සයිටම් එක ඒ වගේ හතර ගුණයක් අයකරන්නේ ඇයි? අපේ බුද්ධිමත් පාලකයින්ට මේ බව නොතේරෙන්නේ ඇයි? පහත් බිස්නස්කරුවන්ට රජය සහයෝගය දෙන්නේ ඇයි?
වටේ ඉන්න උදවියගෙයි නෙවිල් මහත්තයගෙයි සාක්කුව පුරවගන්නයි, සයිටම් ළමයින්ට මිනිසුන්ගේ සල්ලි වලින් රජයේ ඉස්පිරිතාලයක් දෙන්නයි .... ඉතිින් මේ ලෑස්තිය. කොහොමද අැල්ලගෙ ටිකිරි මොලේ...
රෝහල දීලා වැඩක් නෑ. සයිටම් එක රජයට ගන්න ඕනේ. නැත්තම් වහන්න ඕනේ. එතනින් එහා විසදුමක් නෑ.
ඉතින්,... එහෙනම් වෛද්‍ය විද්‍යාලය රජයට පවර ගන්න කියන අය නෙවිල් මහත්තයාට සත පහක්වත් ගෙවන්න එපා කියලද කියන්නේ... එ්ක පරිපාලනයට සල්ලි ඕන නැහැ කියලද හිතන්නේ?
රෝහල නෙමේ නේද මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ? ඉතින් අැයි රජයෙන් කොයි වෙලෙත් රෝහල ගැන කතා කරන්නේ.... කාලෙන් කාලෙට සිස්ටම් වෙනස් කරන උපාධි කඩේ ගැන කතා නොකර....
ඕනෙම කෙනෙකුට යුද්ධ කරන්න පුළුවන් වුණාට ඔබතුමාට උසස් අධ්‍යාපන ඇමතිකම කරන්න බැහැ....
ඔය මොන දෙයක් කතාකලත් රටේ දුප්පතුන් ඉහළට එන එක නතර කරන්න. හැමදාම ඕන, ඉගෙන ගත්තෙත් නිදහස් අධ්‍යාපනය තිබුණ නිසා.. අද ඔක්කොම ජනතාවගේ සල්ලි හොරකම් කරලා දානපති වෙලා.. ඒ අයගේ පවුල්වලට අද ලෝකේ ඕනෑම රටකට ගිහින් උගන්වා ගන්න පුළුවන්... එහෙත් රටේ 70% ක් දුප්පතුන් ඉන්න ජනතාවක් ඔවුන්ගේ දරුවන්ට එම අනගි අවස්ථාව දෙන්න සිම් හෝ වෙනත් ඕනෑම දෙයක් නතර කළයුතුමයි. ඔය මල්ලෙන් ගහන විසඳුම් අපට එපා...
සයිටම් එකේ ළමයිට පහසුකම් නෑ කියලනේ කියන්නේ එකට පහසුකම් දෙන්න තමයි හොස්පිටල් එක රජයට දෙන්නේ ඒ ළමයින්ට මේකේ ඉගෙනගන්න පුළුවන් රෝගීන්ඕනෑතරම් මේකට එයි. එතකොට පහසුකම් තියනවා හැම රටකම තියන දේවල් ඇයි අපේ රටට එපා කියන්නේ. මේක දේසපාලන පලිගැනීමක් මිනිස්සුනේ බුද්ධිමත්ව හිතන්න