(ශ්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද)
සයිටම් වෛද්‍ය උපාධි ආයතනය අහෝසි කිරීම හැර අද රටේ මතුවී තිබෙන සයිටම් විරෝධී ප්‍රශ්නයට වෙනත් විසඳුමක් නැතැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳුදා (03) බත්තරමුල්ලේ දී පැවැසීය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ලෙස මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා යළිත් පත් කරන ලෙස ඉල්ලා සිටි ඇමැතිවරයා එතුමා තනතුරෙන් ඉවත් කර සයිටම් ප්‍රශ්නයට විසඳුමක් ලබාගත හැකි යැයි සිතිය යුතු නැතැයි ආණ්ඩුවට මතක් කරන බව ද කීය.
ඇමැති චම්පික රණවක මහතා එසේ පැවැසුවේ ජාතික හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.
”පෞද්ගලික විශ්වවිද්‍යාල සංකල්පයට අපි පක්ෂයක් ලෙස සම්පූර්ණයෙන්ම විරුද්ධයි. අධ්‍යාපනයේ නිදහස ද නිදහස් අධ්‍යාපනය ද කියන බොරු සංවාද දැන් හදාගෙන වැඩක් නැහැ. සිසුන් 12,000කගේ පමණ අධ්‍යාපනයේ ඉදිරි ගමන් මග මේ ප්රශ්නය නිසා වසරක් තිස්සේ නැවතිලා. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක් එනතුරු සිටිය යුතුත් නැහැ.
ශ්‍රේෂ්ඨාධිකරණය කරන්නේ මෙහි නීති ගැටලූ විසඳීම පමණයි. එහෙත් සයිටම් අද එයින් එහාට ගිය විශාල සමාජ දේශපාලනමය ප්‍රශ්නයක් බවට පත්වෙලා. මෙය යළි අසූනවයක් නිර්මාණය කරන තත්ත්වයක් දක්වා ගමන් කරන තුරු නොසිට සයිටම් නීත්‍යානුකූලව අහෝසි කර රජයේ විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම දැන් ගත යුතු හොඳම තීරණයයි” යැයි ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මෙන්න අලුත්ම මායාව''. "මයා රණවකගේ මෙවැනි කපටි වදන්වලට රැවටෙන්න එපා"... ලස්සනට තිබුණ කොළඹ නගරය විනාශ කරන්න පාර කැපූ මෙවැනි අවස්ථාවාදීන් ඊලඟ මැතිවරණයේදී නිසැකයෙන්ම ඉවත් කරමු. හිටපු ජනාධිපතිතුමාට බනින, ගරහන, අපහාස කරන දේශපාලනයේදී දෝෂදර්ශනයට ලක්වූ ඇතැම් ඇමැතිවරු සිංහල ජාතියටම මහා අවමානයක්...
ඉතාම ප්‍රායෝගික, බුද්ධිමත්, අනගි, අදහසක්.. වැඩේ කරලා පෙන්නුවොත් ඔබතුමාටත් හොඳයි. පසුගිය දේවල් මොනවා වුණත්...
රජයේ ඔයතරම් බුද්ධියක් තියන අය ඉන්නවනම් අහවල් එකකටද ඒක තවමත් ඇරගන ඉන්නේ පත්තර වලට මාධ්‍ය වලට බොරු සංදර්ශන දාන ආණ්ඩුවේ ඉන්න මැති ඇමති වරු එකෙකුටවත් කොන්ද පන තිබේනම් මේ ආයතනය නීති විරෝදී කියල කියන්න එක වහන්න ආණ්ඩුවට බල කරන්න මේ ප්‍රශ්න මේ තරම් දුර දිග යන්න නැ ගිය ආණ්ඩුව කලේ කීව මහින්ද එකදිපති බලය යොදල එයාට ඕනේ දේ කලා කියල දැන් මොන බලයද යොදල තියෙන්නේ දැන් ඉන්න ඔකොගේම බල ශුන්‍ය වෙලාද ආණ්ඩුවේ ඉන්න නුගත් රැලක් කරන අමන මාරි මෝඩ ක්‍රියාවන් නිසා අද අසරණ ජනතාව දුක් විදිනවා දොස්තරලා උන්ට වැසිකිලි යන්න බැරි උනත් වර්ජනය කරනවා මහජන මුදලින් ඉගෙනෙම කරගන මහජන මුදලින් වැටුප් ලබාගන මහජන මුදලින් සියලු සුඛවිහරණ ලබාගන ජනතාවගේම බෙල්ල මිරිකලා ලේ බොන්න උන් ටික වලිකනවා උන්ගේ පදේට විශ්වවිද්‍යාලවල ඉන්න දේසපාලන හැල්පරුවෝ අනෙක් ලමයිටත් ඉගෙනීමට ඇති කාලය විනාස කරමින් මහපාරට ඇදල අරන් පොලිසිය ලවා අතපය කැඩෙනකල් ගුටි ගස්සනවා ඇතටම අපේ රටේ ඉන්නේ මිනිස්සුද නැත්නම් තිරිසන්නුද මේකටද කෝටිගණන් වියදම් කරලා ජනතාවට බදු පටවල මුන්ට අධ්‍යාපනය දෙන්නේ චන්දෙ දීල පත් කරන්නේ
මෙයාගේ ඉහමොළ දැන්ද රත්වෙලා තියෙන්නේ ? වසර කීයක් නිදා ගෙන හිටියද? මෙන්න තුන් කල් නොදකින නායකයෝ.
ඇමති තුමා තවම ජීවත් වෙන්නේ එක්දහස් නවසිය හැට ගණන් වල වගෙයි පෙනෙන්නේ.
ලෝකය සෙසු රටවල් සාර්ථක ලෙස පෞද්ගලික විශ්වවිද්‍යාල සංකල්පයට ගොස් එහි ඵල නෙලගන්නවා, කොටින්ම අපේ රටේ වගේ රජයෙන් යැපෙන සහනාධාර වලින් යැපෙන සංකල්ප දියුණු වන රටවල නැහැ ඔවුන් තනි තනි පුද්ගලයා වශයෙන් පවුලක සමාජයක වගකීම්ද රනවා , අපේ රට නැවත ගෝත්‍රික යුගයකට යන ගමන අරඹලා. සුබ ගමන්
සයිටම් එක වැහුවොත් ඊට පස්සේ ජී එම් ඕ ඒ එක වර්ජන නොකර ඉඳීවිද ?? ජී එම් ඕ ඒ එක තහනම් කලානම් රටේ ප්‍රශ්න වලින් භාගයකට විසඳුම් ලැබෙනවා .
අඩුමගානේ මේ උත්සහයවත් සාර්ථක කරගන්න ඔබතුමාට හැකිඋනොත් ලොකුදෙයක්...
ඔබ නිවැරදියි, මෙම ගැටලුවට විසදුම එපමණයි,
ඔබ තුමත් පිට් පොකට් ගහලා දුවන පිට් පොකට් කාරයා කෑ ගහන විදිහටම කෑගහනවා වගෙයි.
අදාළ නැහැ නේද?
ඔබතුමා ඔය යල් පැනපු අදහසුත් එක්ක දේශපාලනයෙන් ඉවත් වීම තවත් විසඳුමක්.
ඈය ඔච්චර කල් හිටියේ ඕක කියන්න
සුවර්ද ? ගලේ පහරපු බලලත් කිව මතකි.
කෙහෙල්මල් සිටම් එකක් ගැන කතාකරමින් ඉන්නේ නැතුව , කොළඹ කුණු ප්රශ්නය , උම ඔයේ ප්රශ්නය වැනි තමන්ට අධාල දෙයක් ගැන හොයල බලන්න , සිටම් ප්‍රශ්නයට සවුක්ය ඇමති , ජනාධිපති වැනි අදාල පුද්ගලයන් මැදිහත් වෙලා ඉන්නේ , බොරුවට වෙනත් ප්‍රශ්න වලට මුව වෙලා තමන්ට අදාල ප්‍රශ්න මග හරින්න හදන්න එපා , ඕවට කැබිනට් අනුමැතිය දෙනකොට , ඔබතුමත් එම රජයේ කැබිනට් ඇමති කෙනෙක්
කිසිම අදාලත්වයක් නැත. තමුන්ගේ රාජකාරිය කරන්නේ නැත. TV එකක් ඉදිරියේ මාධ්‍ය සාකච්චාවක් කරලා වීරයෙක් වෙලා 2020 ජනපති වෙන බලාපොරොත්තු තිබේ. බීලා වාහන හප්පන්නේ නැතිව ඕන දෙයක් කලාට කම් නැත.
නියමයි... මෙහෙම කාලයක් තිබුන කෝටි ගණනක් ආයෝජනය කළ... අඩුපාඩු ඇත්නම් ඒවා හදාගන ඉදිරියට යනවා මිසක් ජී.එම්.ඕ.ඒ. එකේ අයගේ තරහවල් පිරිමහන්න කටයුතු කළාම හරියනවද? සයිටම් වහන්න කියලා කියන එකෙන්ම පේනවා කලමනාකරණ දැනුමේ ඇති බංකොලොත් භාවය...
විශ්ව විද්‍යාලයේ පිරිත් පින්කමට ත්රස්තවාදීන් ගහපු එකට හිත පැරිලා නෑ වගේ....