රංජන් කස්තුරි
කිසිසේත් සයිටම් ආයතනය වසා නොදමන අතර වැඩවර්ජන, උපවාස, උද්ඝෝෂණවලින් අධිකරණ තීන්දු වෙනස් කළ නොහැකි යැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියයි.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් විභාග වන හෙයින් එතෙක් අධ්‍යාපන කටයුතුවල නිරතවන්නැයි වෛද්‍ය සිසුන්ට උපදෙස් දීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේත් බුද්ධිමත් වෘත්තීය සමිතිවලත් යුතුකමකැයි ද කිරිඇල්ල මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔහොම කෙලින් ඉන්න ඇමතිතුමා. කුහකයන්ට පාඩමක් උගන්වන්න
ඔබගේ කෙලින් තීරණය ගැන ස්තුතිවන්ත වන අතර මහජනතාව වෙනුවෙන් යමක් මතක් කරදීමට කැමතියි. මොවුන් උසාවි තීරණ වලට විරුද්ධව හැසිරෙන්නේ නම් රජයේ වගකීම වන්නේ මොවුනට විරුද්ධ උසාවි මගින් හෝ රටේ නීතියට අනුව වෙනත් ආකාරයකින් දඬුවම් කර රටේ නීතීය පවතින බව මහජනතාවට ඔප්පු කිරීමය.
උද්ගෝෂණ වැඩ වර්ජන උපවාස හැමදේම කරන්නේ රටේ සාමාන්‍ය ජනතාව. අද ලංකාවේ 75%ක් saitm එක වහනවට කැමති.එහෙම තියනකොට ලංකාවේ මිනිස්සුන්ගේ චන්දෙන් පාර්ලිමේන්තු ගිය කෙනෙක් කියන කතාවක්ද මේ. එයාල දැනගන්න ඕන පාර්ලිමේන්තුවේ ඉන්නේ රටේ ජනතාවගේ නියෝජිතයෙක් මිසක් රටේ සම්පුර්ණ පාලනය අයිති කෙනෙක් නෙවෙයි කියල.
සයිටම්නම් නොවැහුවත් එකෙන් ලොකු අවුලක් වෙන එකක් නැහැ.
ලක්ෂ්මන් මේක වහන්නේ නැහැ.
රජයෙන් පඩි ලබන වෛද්‍යවරුන්ට පෞද්ගලික රෝහල්වල වැඩ කරන එක තහනම් කියල පනතක් ගේන්න ලැහැස්ති වුනා නම් ඇති. ඔය දොස්තරලා එක් කෙනෙකුටවත් SAITM තියෙනවද නැද්ද කියලවත් මතක් වෙන්නේ නැහැ.
අචලා නාවින්නේ .... ලංකාවේ 75% අකමැති බව සදහන් කෙරුවට ඔයාට ලැබිල තියෙන ලයික්ස් වලින් පේනවා. මිනිසුන්ව නොමග යවන්න එපා
මේ සේරම නිදහස් අධ්‍යාපනයේ වරද. නැත්නම් මේ වගේ වර්ජනය කරන කාලකන්නි දොස්තරලා බිහි වෙන්නේ කොහොමද.
ඇත්තටම මෙතන කමෙන්ට්ස් දමන හුඟදෙනෙක් නිදහස් අධ්‍යාපනේ නොතිබුනානම් මොනවා කරනවා ඇත්ද? ඇයි ඔයගොල්ලෝ නිදහස් අධ්‍යාපනේට ඔය තරම් ගරහන්නේ මතක තියාගන්න අපිට තියෙන මේ නිදහස් අධ්‍යාපනේ මොන අඩුපාඩු තිබුනත් අපි බොහොමොයක් වැඩවසම් ක්‍රමයෙන් මිදිලා මිනිස්සු වගේ ඉන්නේ එ්කේ පිහිටෙන්
ජනතාවගේ බදු මුදලින් පිනට ඉගෙනගෙන, ඒ අසරණ ජනතාවටම සෞඛ්‍ය සේවය කළුකඩ මුදලට විකුණන දොස්තරලා තමයි මේ නිදහස් අධ්‍යාපනය ගැන අපට උගන්වන්න හදන්නේ ?? ඔය මහා ලොකුවට කතාකරන දොස්තරලා "නිදහස් සෞඛ්‍ය සේවය" ගැන කතා නොකරන්නේ ඇයි? ලජ්ජා නැතිකම දොස්තර කමටත් වඩා ලොකුයි කියලා තමයි අපට කියන්න තියෙන්නේ???