මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට (සයිටම්) එරෙහිව බ්‍රහස්පතින්දා(02) කොළඹ දී පැවති උද්ඝෝෂණයට සහභාගී වූ සිසුන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් කැළණිය විශ්වවිද්‍යාල සිසූහූ අද(03) උද්ඝෝෂණයක නිරත වූහ.
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට (සයිටම්) එරෙහිව බ්‍රහස්පතින්දා(02) කොළඹ දී පැවති උද්ඝෝෂණයට සහභාගී වූ සිසුන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් කැළණිය විශ්වවිද්‍යාල සිසූහූ අද(03) උද්ඝෝෂණයක නිරත වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්වත් අල්ලා සිපිරිගෙට ගාල් කළයුතුය. අනෙක් අයටත් එය පාඩමක් වේවි (නි)
මොවුන් විශ්ව විද්‍යාල සිසුන්ද? රස්තියාදුකාරයින් කොටසක්ද? (නි)
හොඳට ඉගෙනගත් අය නිසා මොවුන්ට මේ ගැන කැක්කුම තියෙනවා. සයිටම් කියන්නෙ උ/පෙළ කරලා අඩු ලකුණු අරගෙන කැම්පස් යන්න බැරිවුණාම සල්ලි ගෙවලා උපාධිය ගන්න ආ අය ඉන්න තැනක්. එතැනදී ඉගෙනගත් අයට අසාධාරනයක් වෙනවා. (නි)
ලංකාවේ උගත් නූගත් හැමෝම ප්‍රශ්න වලට උත්තර හොයන්නේ බලහත්කාරකමෙන්. ඒ මොකද ඒ අය දන්නවා උසාවි ගිහින් තමන් කියන දේ ඔප්පු කරන්න බැහැ කියලා. (නි)
අනේ! පුළුවන් කෙනෙක් ඉන්නවා නම්, මොවුන් ටිකත් අල්ලලා ඇතුළට දානවද?මෙහෙම අයද අනාගතයේදී මේ රට බාරගන්න ඉන්නේ? (නි)
අඩු ගානේ පිළිවෙලකට රැවුල කොණ්ඩය කපාගන්න දන්නේ නැති උදවිය රට හදන්න යනවා. වෙන කෙනෙක් ඉගෙනගන්නවාට ඊර්ෂ්‍යාවේ පැලි පැලී, අපේ බදු මුදල් නාස්ති කරමින් කරන පිස්සුවක්. (නි)
පුද්ගලික වෙද විදුහල් වලට විරුද්ධ නම් පිටරට උපාධිය අරගෙන එන අයටත් විරුද්ධ වෙන්න. (නි)
මොවුන් ලවුඩ්ස්පිකර දමාගෙන ප්‍රසිධියේ අධිකරණයට අපහාස කරනවා අල්ලලා රිමාන්ඩ් කරන්න , (අ)
නීතිවිරෝධීව උසාවි තීන්දුවකට විරුද්ධව කටයුතු කළ මේ අයව අත්අඩංගුවට නොගෙන වෙන මොනවද කරන්නේ (නි)
අධ්‍යාපනය පුද්ගලීකරණය කළොත් මේවගේ පිළිවෙලක් නැති අය විශ්ව විද්‍යාල වලට එන එකත් නතර වෙනවා. (අ)
උද්ඝෝෂණ කළහැක්කේ විධායකයට විරුද්ධව මිසක් අධිකරණයට විරුද්ධව නෙමෙයි. මෙතන තියෙන්නේ අධිකරණ තීන්දුවකට විරුද්ධව පෙළපාලියාමක්. එතනදි කලබල කළොත් අත්අඩංගුවට ගන්න වෙනවා නේද? (නි)