(ඉන්දිකා රාමනායක)
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (08) උදෑසන 10ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අට්ටාලයේදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට නියමිතය.
මෙම සත්‍යග්‍රහය සඳහා පසුගිය අරගලවලදී මිය ගිය සිසුන්ගේ දෙමාපියන් ද එක්වීමට නියමිත බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා!!! කිහිප දෙනෙකුගේ වුවමනාව වෙනුවෙන් මේ යහපාලන ආණ්ඩුව මේ සයිටම් ප්රශ්නය විසඳන්නේ නැහැ.
ලංකාව කියන ධන උල්පත පස්සට අදින කෙනෙක් තමයි මේ ලහිරු වීරසේකර. එයාට වැඩකුත් නෑ. රටට වැඩකුත් නෑ.
මට මේ සයිටම් ගැන විශේෂ කැක්කුමක් නැහැ. එ්ත් අද කාලේ සමහර දෙමව්පියන් තරම් කුහක කොට්ටාශයක් තවත් නැහැ තමන්ගේ දරුවා විතරයි ඉගෙන ගත යුත්තේ ! අපේ අම්මා විශ්‍රාමික ගුරුවරියක්. ලංකාවේ ඔක්කොම ගුරුවරුත් ඔය ආකල්පයම දැරුවා නම් මොකද වෙන්නේ ?
ඔය උපවාස සත්යග්රහ දියවන්නාව පැත්තේ කරොත් තමා හොඳ. මොකද කොටුව දුම්රියපොළට ඇමැතිවරු එන්නේ නෑ. ජනතාව ඔය අට්ටාලේ දිහා බලන්නේ සත්තුවත්තට ගිහින් දැක්ක අමුතු සත්තු ඉන්න කුඩුවක් දිහා බලනවා වගේ.
ඔය සත්යග්රහ නවතා සාකච්ඡා මාර්ගයට පිවිසෙන්න. රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නීතිගත කරමු. සයිටම් වහමු.
ඔය සත්යග්රහ බොරු වැඩ. අද වෙනතුරු ලංකාවේ සිදුවුණු බෝධි පූජා, බලි තොවිල්, පොල් ගැසීම්, සත්යග්රහ සහ අනෙකුත් සියලු වර්ගයේ දෙවියන්ට කරන ලද කන්නලව් ගැන සලකා බැලුවොත්, අද ලංකාව සුර පුරයක් විය යුතුයි. නමුත් යථාර්තය නම්, අපේ රට තවමත් තුන්වන ලෝකයේ හිඟා කන රටක්. කරුණාකරලා, රටේ මහජනයා දහදිය මහන්සියෙන් ගෙවන බදු මුදල් අපතේ නොයවා, සරසවි වලට ගොස් තමන්ගේ අධ්‍යාපන කටයුතු නිමා කරගන්න.
දැන් දොස්තරල කීපාරක් අඛණ්ඩ වර්ජන කලාද ? ඒ වගේ මේ අඛණ්ඩෙත් ඉක්මනට ඉවර වෙයි.. ගනන් නොගෙන ඉන්නයි තියෙන්නෙ.