(ඉන්දිකා රාමනායක)

වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය එකමුතුව සංවිධානය කළ සයිටම් විරෝධී පාගමනට කොළඹ ලෝටස් පාරේදී අද(24) පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
ජල ප්‍රහාරක රථ ද යොදා ගනිමින් පොලිසිය එම පිරිස පළවා හැරීමට කටයුතු කළ අතර පාගමන කොළඹ කොටුව දුම්රියපොළ අසලින් අද දහවල් ආරම්භ කෙරිණි.

පොලිස් ජල පීඩන ජල ප්‍රහාරයකට ලක්වූ මාධ්‍ය ඡායාරූප ශිල්පියකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.