(ඉන්දිකා රාමනායක)
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසිකරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය සංගම් කිහිපයක් විසින් සංවිධානය කරනු ලබන විරෝධතා පාගමන මීට සුළු මොහොතකට පෙර කොළඹ නෙළුම් පොකුණ රඟහල අසලදී ආරම්භ විය.
එම පාගමන කොළඹ කොටුව බලා ගමන් කිරීමට නියමිත ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව අවුරුදු 10ක් ගියාම ඔයගොල්ලන්ගෙන් භාගයක් කියාවි කලේ මෝඩකමක් කියා. තවත් අවුරුදු 5ක් ගියාම අනිත් කට්ටියත් කියාවි අපි කලේ මෝඩකමක් කියලා...
අදත් හොඳටම කන්න තමයි වෙන්නේ. රජයේ සයිටම් එකට බෙහෙත් ගන්න යන්න වෙයි.
ඔන්න අද කට්ටිය කොටුවට අරගෙන යනවා වගේ නේද?
අහිංසක ළමයිනේ මේ අහන්න! අන්තරේ ඇතුළු ශිෂ්‍ය සංගම් කිහිපයක්ව අපි ඉගෙන ගන්න කාලෙත් (88/89) තිබුණා. හැබැයි එයාලත් ඔයාලා වගේ ඉගෙන ගන්නවා වෙනුවට දේශපාලනය කරන්න ගිහින් අන්තිමට කරගත්තු දෙයක් නෑ... (නටපු තොවිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නෑ). එ්කේ හිටපු ගොඩක් කට්ටිය (අහිංසක දුප්පත් ළමයි) නිකන් අපරාදේ ජීවිතයෙන් වන්දි ගෙව්ව එක විතරයි වුනේ. අපේ පිනකටද කොහෙද ඒ පාරට වැටුනේ නෑ. එහෙම වුණානම් අද අපිත් නැහැ. මම දන්නා කීප දෙනකුගේ මල සිරුරුවත් අන්තිමට ලැබුනේ නෑ (මේවා ගැන වැඩි විස්තර ඔයාලගේ දෙමව්පියන්ගෙන් අහල දැනගන්න). ඒක නිසා දෙයියන්ගේ පිහිටෙන් රට හදන්න කලින් උපාධිය ඉවර වෙලා, තමන් හැදිලා තමාගේම කකුල් දෙකන් නැගිටින්න පුළුවන් වුනාම ඕන තරම් දේශපාලනය කරගන්න. ඔය වැඩෙන් කාටවත් හොඳක් වෙන්නේ නෑ. දේශපාලනය කරන අය පස්සේ ගිහින් තමාගේ අනාගතය සහ ජිවිතයෙන් වන්දි ගෙවනට තමයි ඔයාලට වෙන්නේ...
කෝ... අර දොස්තර සංගම්.... ජවිපෙ පිරිස... දැනට කතාවලින් බැහැරව ඉන්න වෛද්‍ය සිසුන්ට සතියක් කල්දීලා නාවොත්, ඒ පීඨය වසා දමන්න. අපිනේ බදු ගෙවන්නේ.!
ගණන්කාරකම පෙන්නන්නනේ යන්නේ. වෙන මොනවටද? විසඳුම ආණ්ඩුවෙන් දීල තියෙද්දිත්....
නීති කඩන්නන්ට අනුකම්පාවක් නොදැක්විය යුතුයි.
දැන් නම් පැහැදිලිවම පේනවා තවමත් ඉන්නේ මොකටද කියලාෙ.... මේ ගොල්ලන්ගේ නියෝජිතයෙක් පහු ගිය දවසක එක්තරා ප්‍රසිද්ධ රූපවාහිනි නාලිකාවක, ප්‍රසිද්ධ වැඩ සටහනකට ගිහිල්ලා ගැටළුවකට මුහුණදුන්නා. මාධ්‍යෙව්දීන් අහපු ප්‍රශ්නවලට නෙමෙයි උත්තර දුන්නේ. දැන් කෝ වෛද්‍ය සංගමය? බය වෙලා ...අලුත් සංගමයක් එනවා කිව්වම, අර පොඩි කාලේ ප්‍රින්සිපල්ට ගිහිල්ලා නහයෙන් අඬලා කියනවා වගේ, අගමැති තුමාට කිව්වා. රාජිත ඇමතිතුමා වෙන සංගමයක් පටන්ගන්න යනවා. ඒකෙන් මේ ගෞරවනීය වෘත්තියට අගෞරවයක් වෙනවා කියලා. ඒ වෙලාවේ වෙන්න ඇති ඒවා මතක් වෙන්න ඇත්තේ....
රටම විනාශ කරන්න එපා. කොටුවේ නිදාගත්තත් කමක් නැහැ.
මේ අයගේ ප්‍රතිචාරවලට ලියන්නම හිතුණා. ඔය දරුවන් එක එක්කෙනා රවටන්න පුළුවන් අය නොවේ. ඔවුන් ඔය සටන කරන්න... ඔවුන් වෙනුවෙත් නොවේ. අනාගතයේ ඔතනට එන්න ඉන්න දුප්පත් දරුවන් වෙනුවෙන්... එමනිසා ඔවුන්ට පරිභව නොකර ඉන්න. බුද්ධිමතුන්ට දෙයක්වෙන්න පෙර අනාගතයේ මහා විනාසයක් වෙයි. මෙය එය නතර කරන්න දරන සටනක්. දරුවනි නුඹලා සමඟ අපි ඉන්නවා... කවුරු කෙසේ කීවත්...
රජය පය බරවට පිටිකර බෙහෙත් බැන්දා වගේ වැඩක් කරලා තියෙන්නේ.. සයිටම් එකෙන් පවරාගන්න ඕනේ.