(තරිඳු ජයවර්ධන සහ ඉන්දිකා රාමනායක)
අධිකරණ නියෝගය නොතකා සයිටම් විරෝධී උද්ඝෝෂණයට එක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු සාමාජිකයයන් හඹා ගිය පොලිසිය අවස්ථා 15 කදී පමණ කඳුළු ගෑස් ගැසූවත් විරෝධතාකරුවන් පාලනය කරගත නොහැකි විය.
පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුම හේතුවෙන් තුවාල ලද 21 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද අතර තවත් 10 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්විය.
අද දිනයේ කොළඹ නගරශාලාව ආශ්‍රිත පෙදෙස්හි මෙම විරෝධතාව නොපවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝගයක් නිකුත් කර තිබියදීත් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට රැස්වූ ශිෂ්‍ය සංගම් තුනේ සාමාජිකයෝ ‘සයිටම් අහෝසි කරණු....අධ්‍යාපනය හා සෞඛ්‍ය නොවිකුණනු‘ යයි උද්ඝෝෂණය කරමින් කොළඹ යුනියන් පෙදෙස හරහා විහාර මහ දේවි උද්‍යානය අසළට පැමිණියහ.
බදාදා සහ බ්‍රහස්පතින්දා යන දෙදින තුළ වෝඩ් පෙදෙස, ජාතික රෝහල, අක්ෂි රෝහල සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ප්‍රදේශයන් හිදී මහජන සාමය කඩවන පරිදි සහ මහජනයාගේ දෛනික කටයුතුවලට බාධාවන පරිදි කිසිදු පෙළපාලියක් හෝ උද්ඝෝෂණයක් පැවැත්වීම තහනම් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ 1979 අංක 15 දරන අපරාධ නඩු විදාන සංග්‍රහ පනතේ 106 (01) වගන්ති ප්‍රකාරව කුරුදුවත්ත පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගැනීමෙනි.
විරෝධතාකරුවන් පුරහල දෙසට පැමිණීමත් සමගින් පුරහල ඉදිරිපිට මාර්ගය මාර්ග බාධක යොදා වසා දමන ලදි. පුරහල ඉදිරිපිට පොලිස් කැරලි මර්දන රථ නවතා තිබූ අතර කොළඹ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා විරෝධතාකරුවන්ට උසාවි නියෝගයක් පෙන්වූවේය.
පසුව උද්ඝෝෂණකරුවන් මාර්ගයේ අනෙක් පසට පිවිසීමත් සමගම කඳුළු ගෑස් ගැසීම ආරම්භ විය. ඒවිට උද්ඝෝෂණකරුවන් විහාරමහා දේවී උද්‍යානයට ඇතුළු වූයෙන් පොලිසිය විහාර මහා දේවි උද්‍යානයට කඳූළු ගෑස් ගසමින් විරෝධතාකරුවන් හඹා යන්නට විය. මෙලෙස කඳුළු ගෑස් ගැසීම නිසා උද්‍යානයේ සිටි සාමන්‍ය ජනතාව ද මහත් අපහසුතාවට පත් විය.
උද්‍යානයේ ආපන ශාලාවේ සහ වැසිකිළිවල ජලය කපා හැර තිබූ අතර විහාර මහා දේවී උද්‍යානයට කඳුළු ගෑස් ගැසීම සම්බන්ධයෙන් එහි සිටි සාමාන්‍ය වැසියෝ පොලිසියට දෝෂාරෝපණය කළහ. එහෙත් ඒ බව තඹයකට මායිම් නොකළ පොලිසිය ආපන ශාලා තුළට මෙන්ම වැසිකිළිවලට ද කඳුළු ගෑස් ගසමින් විරෝධතාකරුවන් එළියට ගැනීමට උත්සහ කළේය.
කඳුළු ගෑස් නිසා අපහසුතාවට පත් ජනයා උද්‍යානයේ පොකුණුවලින්ද මුහුණු සෝදාගැනීමට උත්සුක වනු පෙනිණි. විහාර මහා දේවී උද්‍යානය ඇතුළටම පැමිණ කඳුළු ගෑස් ගැසූ හෙයින් උද්‍යානයේ සිටි කුඩා දරුවෝ මෙන්ම විදේශිකයෝද මහත් භීතියට පත්ව සිටියහ.
අද දිනය පුරා 15 වතාවක් පමණ පොලිසිය කඳුළු ගෑස් ගැසූ අතර එය ශ්‍රී ලංකාවේ පැවැති උද්ඝෝෂණයකදී වැඩිම වතාවක් කඳුළු ගෑස් ගැසූ අවස්ථාව ලෙසද වාර්තා වේ.



එක් මංතීරුවක කැරලි මර්දන රථ නවතා තිබූ අතර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෙන්වූ උසාවි නියෝගය නොසලකා කැරලි මර්දන රථ මගහරිමින් පුරහල දෙසට ගමන් කිරීමට විරෝධතා කරුවෝ උත්සාහ ගත්හ.
ඉන්පසු පොලිසිය කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර විරෝධතාකරුවෝ විහාර මහා දේවී උද්‍යානය තුළට පැනගත්හ.




පොලිසිය මේ වන විට විහාර මහා දේවි උද්‍යානය තුළටද කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටී. උද්‍යානයේ සිටි සාමාන්‍ය ජනතාවද කඳුළු ගෑස් වැදීමෙන් අපහසුතාවට පත්ව සිටිති.




විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දෙසට යන මාර්ගය පුරහල ඉදිරිපිටින් අවහිර කරමින් පොලිසිහ හා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇත.
පොලිසිය විහාර මහා දේවි උද්‍යානයට වට කරමින් සිටී.
නෙළුම් පොකුණ අසලින් නව නගර ශාලාව දෙසට ගමන් කිරීමට විරෝධතාකරුවන් උත්සහ කළ අතර පොලිසිය නෙළුම් පොකුණ ඉදිරිපිටදී කඳුළු ගෑස් එල්ල කළේය.
විහාර මහා දේවි උද්‍යානය තුළට කඳුළු ගෑස් එල්ල කිරීම ගැන මහ ජනතාව පොලිසියට දොස් නගති.
පස් වැනි වතාවටත් පොලිසිය උද්‍යානය තුළට කඳුළු ගෑස් එල්ල කරයි.
උද්‍යානයේ ආපන ශාලාවේ හා වැසිකිළිවල ද කඳුළු ගෑස් පැතිරගොස් ඇති අතර මේ හේතුවෙන් උද්‍යානයේ සේවකයින් හා ජනතාව අසීරුතාවට පත් වී සිටිති.
උද්‍යානයේ ජලය කපා හැර ඇති අතර ආපන ශාලා හා වැසිකිළි තුළට ද කඳුළු ගෑස් එල්ල කරයි.



12 වැනි වතාවටත් පොලිසිය විහාර මහා දේවී උද්‍යානයට කඳූළු ගෑස් එල්ල කරයි.වැඩිපුර කඳූළු ගෑස් ප්‍රහාරවලට ලක්වන්නේ සාමාන්‍ය ජනතාව බව දක්නට ලැබේ.
පොලිසිය විශ්ව විද්‍යාල සිසුන්ට විහාර මහා දේවී උද්‍යානයෙන් පිටතට පැමිණීමට නොහැකි වන සේ වටකර කඳුළු ගෑස් එල්ල කරයි.
පොලිසිය 15 වැනි වතාවටත් කඳූළු ගෑස් එල්ල කරයි
බැටන් පොලු රැගත් පොලිස් නිලධාරීන් පිරිසක් උද්‍යානය මැදට පැමිණෙමින් සිටිති.පොලිසිය උද්‍යානය මැදටම පැමිණ කඳුළු ගෑස් එල්ල කරන අතර සාමාන්‍ය වැසියෝද උද්‍යානයෙන් පිටතට යාමට නොහැකිව අපහසුතාවට පත්ව සිටිති.විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝද උද්‍යානයෙන් පිටතට යාමට නොහැකිව සිටිති.
විහාර මහා දේවී උද්‍යානයේ ළමා උද්‍යානයට විශේෂ කාර්ය බලකාය සමග පොලිසිය කඩා වදී.
උද්‍යානය මැදට පැමිණි පොලිසිය හා විශේෂ කාර්ය බලකාය විශ්ව විද්‍යාල සිසුන්ට කඳූළු ගෑස් එල්ල කර සිසුන් උද්‍යානයෙන් පිටතට පන්නා දැමූ අතර ශිෂ්‍ය පිරිස් මේ වන විට මහජන පුස්තකාලය ඉදිරිපිට පාරේ රැඳී සිටිති.





විරෝධතාකරුවෝ අනගාරික ධර්මපාල මාවතේ බිම ඉඳගෙන සිටිති.කොල්ලුපිටිය හරස් මාර්ගයට හැරෙන ස්ථානයේ පොලිසිය රැඳී සිටියි.
“අප අතේ තියෙන්නේ සටන් පාඨ විතරයි.එහෙම ආපු අපිට තමයි අද පන්න පන්න ගැහුවේ“යැයි අන්තරේ කැඳවුම්කරු ලහිරු වීරසේකර පැවසීය.


10 දෙනකු රෝහල් ගත කර ඇති අතර 10 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි වාර්තා වේ.
(ඡායාරූප - තරිදු ජයවර්ධන)
COMMENTS
උතුරු නැගෙනහිර පළාත්වල උද්ගෝෂණයක් තිබ්බනම් බලන්න එපැයි
සෙට් එකම අල්ලලා උසාවි දන්නා ඕනි . එතකොටවත් හැදෙයිනේ
මෙයාලට ඇති සයිටම් එකක් නෑ නිකන් දෙසපාලුවන්ගේ අතකොලුවෙලා රට කාලා දානවා, මේවාට දැඩි මර්දනය ගෙනා යුතුයි..
මෙහි නායකයින් ඇත. අත්අඩංගුවට අරන් නීති මගින් කටුයුතු කරන්න. දැඩි දඬුවම් දිය යුතුයි.
ජන ජීවතය අවුල් කරන අයට දැඩි දඬුවම් දිය යුතුයි.. සයිටම් ප්‍රශ්නය උසාවියෙන් බේරාගනිමු.
පොලිසියට අපේ උපහාරය. මේ දෙය මීට කලින් කලානම් මේ නාඩගම් නැවතිලා ගොඩක් කල්. ලහිරු වීරසේකර කියන්නේ මෙඩිකල් කොලජේ පළමු වසර තුන්පාරක් අසමත් වෙලා උපාධිය අහිමි කර ගත්ත මෝඩ කුහකයෙක්.
සාමාන්‍ය මහජනතාවගේ බදු මුදලින් ලැබෙන වරප්‍රසාදයෙන් ඉගෙනුම ලබනු වෙනුවට තව අයෙකුට වල කැපීමේ මහා උද්ගෝෂණය.. උසාවියට අපහස කිරීමේ වරදවත් තකන්නේ නැති මෙවැනි පරපුරක් රටකට කුමටද? මේ ඔක්කොම අල්ලලා හිරේ දාල හෝ පන්ති තහනම් කරලා සමාජයේ නීතියට ගරු කිරීමේ වටිනාකමත් හැසිරීමත් උගන්නන්නේ නැතිව රටක් කෙසේ ඉදිරියට යාවිද????
දවස් කීපයකට උඩදී ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් කිව්වා නේද මේ විරෝධතා වලට වෙනම ස්ථානයක් දෙනවාය කියා. ඇයි ඒ දේ නොකර, සාමාන්‍ය මහජනායට හිරිහැර කිරීමට ඉඩ දෙන්නේ? ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ආරක්ෂකයින් යොදා ගත් සුඛෝපභෝගී වාහන වලින් ගමන් කරන බැවින් සමරවිට ඒ අයට සාමාන්‍ය මහජනායට සිදුවන මේ හිරිහැර දැනෙන්නේ නැතුව ඇති.
උසාවියත් සයිටම් එක ගැන තීන්දුව ඉක්මනට දෙන්න ඕන. ඊට පස්සෙ ආණ්ඩුව කියන්න ඕන කෙලින්ම මේක වහනවද නැද්ද කියල, එතකොට මේ අයට තීරණය කරන්න පුළුවනි, පන්තිවලට යනවද, පාරෙම ඉන්නවද කියල. පාරෙම ඉන්න තීරණය කලොත්, අන්තරේට ඔය පිට්ටනියක් වෙන් කරල දුන්නම මහජනයාට පහසුයි.
උද්ගෝෂණ පැවැත්විමේදිත් සිමාවක් තියෙන්න ඔනා. මිනිස්සුන්ටත් මේක එපා වෙලා තියෙන්නේ. අපේම සල්ලි වලින් ඉගෙන ගෙන අපිට පාරක බැහැලා යන්න බැ. ඔයාලාට ඉගෙන ගන්න බදු ගෙවන්නත් එක්ක තමයි මිනිස්සු රස්සාවට යන්නේ. ඒ එහෙම කරන මිනිස්සුන්ටමයි ඔය උද්ගෝෂන වලින් කරදර වෙන්නේ. පහල ජනයාට පිඩාවන කිසිදු වැඩකින් විප්ලවයක් සාර්ථක වෙන්නේ නැ.
ආණ්ඩුවේ ආයුෂ කෙටියි වගෙයි, ගිය ආණ්ඩුවේ ගමන කෙටිවීමට හේතුවුනේ මෙවන් සිදුවීම්
යහපාලනේ කියල බුරුල දෙනවට කරේ නගිනව නම්. ඔක්කොම ටික වැලිකඩට ගාල් කරල විශ්ව විද්‍යාල ඊලඟට ලකුණු තියෙන සිසුන් විශ්ව විද්‍යාල වලට ගන්න ඕන. මේගොල්ලන්ගෙ වුවමනාවට මුළු ලෝකෙම තියෙන පෞද්ගලික විශ්ව විද්‍යාල මෙහෙට එපා කියන්නේ මේ ගොල්ලන්ට නිකන් හමුවෙන නිසා. මේ අය ඉල්ලන්නෙ තියෙන ඒව වහන්න හරි රජයට ගන්න කියල. මේ අය නිකන් ඉගෙන ගන්නව මදිවට තව කොටසකට මහජන සල්ලි වලින් උගන්නන්නද කියන්නෙ.
සයිටම් හොදයි කියනවා නෙවෙයි. මම එකට විරුද්ධයි. නමුත් මොකක්ද මේ නිදහස් අධ්‍යාපනය රකිනවා කියල මේගොල්ලෝ කියන්නේ? ඉංජිනේරු, කලා, නීති, කළමනාකරණ ආදී සියලුම උපාධි මුදලට දෙනවා. ගොඩක් ඒවගේ ප්‍රමිතියක් නැ. මේ වෛද්‍ය ශිෂයෝ ඒවාට සද්ද නැතුව හිටිය. තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ උපාධිය බාල්දු වෙනකොට සද්දයක් නැ . අඩු තරමේ ඒවාට විරුද්දයි කියල වචනයක්වත් කිව්වේ නැ. දැන් බොරුවට නිදහස් අධ්‍යාපනය රකින්න යනවා තමන්ගේ බඩට වදිනකොට. වෛද්‍ය ශිෂයෝ කියන්නේ තනිකරම ආත්මාර්ථකාමී පිරිසක්. මේක අනිත් ශිෂ්‍යන් තේරුම් ගන්න ඕනි.
අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ ලොකු වැරද්දක් තියන බව පේනවා. නැත්නම් මේ වගේ මෝඩයෝ කොහොමද විභාග සමත් වෙන්නේ. සුද්ද දීල ගිය ක්‍රමය හැරුණු විට කාලයට උචිත අධ්‍යාපන ක්‍රම වේදයක් තවම සකස් වෙලත් නැහැ. අනුන් හදන්න කලින් තමුන් හැදිලා ඉවරවෙලා පසුව රට හදන්න පුළුවන් කියන සංකල්පය හරිම සරලයි එත්, ඉතින් එක තේරුම් ගන්නත් මොළේ වර්ධනය වෙන්න ඕනා.
සයිටම් වගේ ඒවා දහයක් අරින්න කියලා සරත් විජේසුරිය මහාචාර්යතුමා කියනවා. එකකට මෙච්චර නම් දහයකට කොහොම හිටීවිද.
සෞඛ්‍ය විකුන්නේ එයාලාමනේ. පෞද්ගලික රෝහල් වල ඩිස්පැන්සරි වල විකුනන්නේත් එයාල. මොන විහිලු සටන් පාඨද?
මේ අයට කඳුළු ගෑස් ගහල මදි. නිදහස් අධ්‍යාපනයේ වරද.
රටේ මිනිස්සුන්ගේ බදුමුදල් නාස්ති කරමින් ඉගෙන නොගන්න හා විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්නා ළමයින්ගේ කාලය විනාශ කරන අන්තරේ අපතයින්ට මෙහෙම කරලා මදි
උසස් අධ්‍යාපනයට විශ්ව විද්‍යාල වලට ප්‍රතිපාදන වෙන් කරනවා වෙනුවට, ඇමෙරිකාවේ වගේ, විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලබන ළමුන්ට ප්‍රතිපාදන ලබා දීල මුල් වාරිකය ලබාගත් දින සිට උපරිම වසර පහකට හෝ හයකට සිමා කලානම් ඉවරයි. මේ වගේ පාරේ ලැගල වසර පහකින්වත් උපාධිය අවසන් කරගන්න බැරි වුනොත් අතින් ගෙවලා ඉගෙනගන්න වෙනවා. පන්තිවලට සහභාගී වුනොත් පමණයි විශ්ව විද්‍යාල වලට මුදල් මුදා හරින්නේ. මේවගේ කාබාසිනියාකාරයින්ගෙන් ඉතිරි වෙන මුදල් මීළඟ වසරේදී වැඩිපුර සිසු පිරිසක් සඳහා ලබාදෙන්නත් පුළුවනි. ළමයින්ටත් රජයේ විශ්ව විද්‍යාල වලින් හරි වෙනත් ඕනෑම තැනකින් හරි තමන් කැමති විෂය ධාරාවක් ඉගෙනගන්නත් පුළුවනි.
මෙයාලා ඉරිසියාව නිසා අන්තිම දුෂ්ට දුර්ජනයින්ගේ තත්වයට පත්වෙලා. මුන්ට රකින්න ඕන නිදහස් අධ්‍යපනයක්වත් සෞඛ්‍යයක්වත් නැහැ. මුන්ට ඕන අර බංකොලොත් දේශපාලන පක්ෂය සහ ඉරිසියාකාර GMOA එක රකින්නයි. මුන්ගෙන් බහුතරයක්(60 %) දිස්ත්‍රික් කෝටා ක්‍රමයට විශ්ව විද්‍යාල තුලට අඩු සුදුසුකම් වලින් ගිය එවුන්. එහෙම යනවා මදිවට ඉහල සුදුසුකම් ලබා තමන් උපන් දිස්ත්‍රික්කය නිසා තමන්ට හිමි විශ්ව විද්‍යාල ප්‍රවේශය නැති කරගත් ඒවගේම තමන්ගේ වැඩි සුදුසුකම් මත තමන්ට හිමි විශ්ව විද්‍යාල ප්‍රවේශය අනුන් වෙනුවෙන් කිසිම ඉරිසියාවකින් තොරව මෙතෙක් කල් පුජා කර නිශ්ශබ්දව සිටි එසේම කෙසේ හෝ තමන්ගේ ඉඩකඩම් හෝ ගෙවල් දොරවල් හෝ උකස් කර බැංකු ණය ලබාගන මුදල් සොයාගන ඉගෙන ගෙන රටට සමාජයට සේවයක් කර රටට බරක් නොවී ජීවත්වීමට එන්න හදන අපේම රටේ තවත් දරුවන් කණ්ඩායමකට විරුද්ධව නේද මුන් පෙළපාලි යන්නේ? මුන් දේශපාලන ඉත්තෝ . දිය යුතු උපරිම දඬුවම් මුන්ට ලබා දෙන්න.
විශ්ව විද්‍යාලෙට තේරුනාම ඔලුවේ අං එන ශිෂ්‍යයෝ ඉන්නේ මේ ශ්‍රී ලංකාවේ පමණක් කියලා තමයි මට නම් හිතෙන්නේ. අන්තිමට ඉතින් විශ්ව විද්‍යාලෙන් පිටවෙන්නේ, තමන්ටත් රටටත් වැඩක් නැති ජීවීන් කොටසක් තමයි. දැන් ඔය කරනවා වගේ විශ්ව විද්‍යාලෙන් පිට වුනාට පස්සේ, කවුරු හෝ දේශපාලකයෙකුගේ කකුල් ලෙවකාල ලබා ගන්න රජයේ රැකියාව තමයි කරන්නේ. ඉතින් මෙහෙම අයට කොහෙද යහපත් ආකල්ප පිහිටන්නේ? උපන්දා සිට ලබා ගත්තු අධ්‍යාපනයත් පිනට? රැකියාවත් පිනට? සේවය නම්, පගාවට? අනේ, අපි නොදන්නා මහලොකු සමාජවාදියෝ??
ඔබේ සටන ලකෂ 120k නැති අහිංසක දරුවන් වෙනුවෙන් බව අපි දන්නවා පුතේ .ඔබට ජය .
මේ උද්ගෝසකයන්ට කිසිම හිමිකමක් නැහැ සාමාන්‍ය මිනිසාගේ කටයුතු වලට අවහිර කරන්න. ඔවුන් නීතිගරුක නොවේනම් අල්ලලා හිරේ දැමිම සාදාරනයි . පොලීසියට අපේ උපහාරය. රටක නීතියක් තිබීම අවශ්‍යයයි.
ශ්‍රී ලංකා පොලිසියට අපේ ප්‍රණාමය , මහජන මුදල් කාබාසිනියා කරන මුන්ට ,නැවත නොඑන්න දෙන්න ඕන , මෙතන තියෙන්නේ පරාජිත දෙසපලුවන්ගේ සෙවනැලි ,
රොෂාන් කියපුදෙය හරි මෙතරම් මෝඩයෝ උසස්පෙළ සමත්වුනේ කොහොමද කියල සැකයක් ඇතිවෙනවා මොවුන් මෝඩයෝ නොවේනම් අනුන් රජකරන්න මෙතරම් මහන්සිවේද අපේ කියමනක් තියෙනවනේ පනනම් තණ අග පිනිබිඳු වන්නේ කියල ඉන් කියන්නේ ජීවිතය ඉතාම කෙටි කියල නේ මොවුන් තේරුම් ගන්නේ නැහැ අවුරුදු 22 දී විශ්ව විද්‍යාලයට ඇවිත් අවුරුදු 30 පමණ පිටවුණාම ජීවිතයේ ඉදිරිය කොහොමවේද කියල මොවුන් කරන දෙයින් දැනට පාසල් වල සිටින දරුවන්ටත් පාඩුවෙනවා රටේ සංවර්ධනයත් නැතිවෙනවා කියල
සුසන්ත මත්තයෝ. උතුරු පළාතේ,නැගෙනහිර පළාතේ තියෙන්නේ මේ යහපාලු රජයේ පොලිසිය හෝ නිතිය නොවේනේ. . ඒවගේම ඒ පළාත් වල සිටින්නේ ඇති විශේෂ ජනවර්ගයක් මිස , දේසපාලඥයන් වූ සිංහලයන් නොවෙයිනේ.
දැන් සයිටම් වහපු ගමන් රටේ සියලු ප්‍රස්න විසදී කිරියෙන් පැණි යෙන් ඉතිරී රට සුකිත මුදිත වේවී අ.පො.ස උසස් පෙල සමත් වන සියලු දෙනාට විශ්ව විද්‍යාල ලැබේවී මහජන මුදලින් ඉගෙන ගෙන පුද්ගලීක සේවයේ යෙදෙන වෛද්‍යවරු තම උපරිම කාලය රොහල් තුල ගත කරයි.
මේගොල්ල රටට සාපයක්
ආණ්ඩුව සත පහකට මේවා ගණන් ගන්න නරකයි, පාරට බහින දවස්වලට මුන්ට ගහල එලවල, තවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල කීපයක් ඇරියනම් රටට ඇතිවෙන්න දොස්තරල බිහිවෙයි, මොකද ඒ ලමයි මේ විකාර කරන්නෙ නැහැනෙ.. ඒගොල්ලො දන්නව දෙමව්පියන් වියදම් කරන සල්ලිවල අගය.
මේවා පිටුපස ඉන්නේ ජනතාව විසින් ජනවාරි 8 වෙනිදා පන්නා දමාපු හොර නායකයා ඇතුලු හොර නඩයයි . ඔවුන් මේවා දඩමීමා කරගෙන රජය පෙරළා දමන්නයි වෑයම. අත් අඩංගුවට ගත යුත්තේ අන්න ඒ හොරු ටිකයි.
අධිකරණ නියෝග කැඩූ උද්ඝෝෂකයන්ට දැඩි දඩුවම් දෙන්න
ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට ගිහිල්ල බලන්න ඕන මෙයාල දොස්තරලා වුනහම තියෙන ගණන්...
උසාවි නියෝග තුලින් නිරායුද නිදහස් මිනිසුන්ගේ විරෝදයන් විනාස කරන්න කිසිකෙනෙකුට පුළුවන් කමක් නැත තව දවසක එක්කෝ පොලිසියේ අය මරණ කාලයක් උදාවී අසරණ උගත් ලමයි දාස් ගණන් පොලිසියෙන් මරලා දාවි.
මේවා ජවීපෙ වැඩ. රට ඉස්සරහට ගෙනියන්න බාධා කරමින් තමන්ගේ අරමුණු ඉටුකරගන්නය් මේ ගොල්ලොන්ට උවමනා.අනුන්ගේ දියුණුවට හරිම ඉරිසියඊ.
සයිටම් ඕන කියන අය ලෙඩ හැදුනහම ප්‍රයිවට් බෙහෙත් ගන්න එයාලගෙන්ම. අනිත් අය රජයේ තැන්වලින් ගන්න .ස්ට්‍රියික් වලදී දොස්තරලා ප්‍රයිවට් චැනලින් විතරක් නවත්තන්න ඕන. කව්ද කැමති සයිටම් දොස්තරලාගෙන් බෙහෙත් ගන්න?
අදහස් දක්වා අති අතිබහුතරයක් වූ උගතුන් සහ දාර්ශනිකයන්. ඔබේ දරුවාට අධ්‍යාපනය ලබා දීමට ඔබට මුදල හිගවූ විට මොවුන්ගෙ උත්සහය ඔබට අවබෝධ වේවි. එතෙක් ඔබට සිදුවූ අපහසුතාවයට මොවුන්ට අපහාස කිරීමට, බැන වැදීමට ඔබට හැක. ප්‍රශ්නය ඔබේ නොවන තාක් ඔබගෙ අදහස් දාර්ශනික වන්නේය.
ඇමතිතුමනි, මෙයාලට කොන්දේසියක් දාන්න.. සයිටම් අහෝසි කරන්නේ පුද්ගලික චැනල් සේවයේ නොදෙන බවට ගිවිසුමක් අත්සන් කලොත් විතරයි කියලා.. ඔච්චර රෝගීන් ගැන අනුකම්පානම් නොමිලේ ඉගෙනගත්ත එකේ මහජනතාවට උපරිම සේවය කරන්න.. අසරණ මිනිසුන්ගේ සල්ලි ගසා කන්නේ නැතිව...
සිසුවන් ඉගෙනීම පසෙකලා බංකොලොත් දේශපලුන්වට කඩේ යෑම කිසිසේත් අනුමත නොකරමි. මේ සිසුන් දන්නේ නැහැ ඔවුන් කරනා කියනා දේවල පසුකාලින වාසිය හෝ අවාසිය , මොවුන් පිටුපස සිටින බංකොලොත් දේශපාලුවන් තමා මොවුන් කඩාකප්පල් කරන්නේ
ගොඩක් සතුටුයි. මෙතන ඉන්න හැමෝටම ලක්ෂ 120ක් තියෙනවා වගේ. එකනේ මෙච්චරම කඩේ යන්නේ. ඔහොම යං පස්සේ හොම්බ බිම ඇනුනාම කියන්න එදා මෙයාලා උද්ඝෝෂණ කලේ මේකටනේ කියලා. අනික මෙතන කිසිම දේශපාලන කඩේ යැමක් නැහැ. මොකද අපේ පවුලත් මුල ඉදන්ම unp නිසා. එත් සයිටම් එකට විරුද්ධයි.
සිසුන් වෙන මක් කරන්න ද රජය වංචා දුෂණ වල යෙදෙමින් එක්තරා කොටසක් වෙනුවෙන් පමනක් පෙනි සිටින විට....
සයිටම් එකට පක්ශව අදහස් දක්වලා තියෙන අයගෙන් කීදෙනෙක්ටද සල්ලි ගෙවල තමන්ගෙ ළමයව ඒකට දාගන්න පුලුවන්??? අපෙ වගේ රටකට වැඩිපුර අවශ්‍ය නිදහස් අධ්‍යාපනය මිසක් මිලක් ගෙවලා ගන්න නෙවේ. අනිත් දේ වසර 13ක පාසල් අධ්‍යාපනයත් මහජනතාවගේ බදු සල්ලි තමා. රජයක් පුද්ගලික ආයතනයක් වෙනුවෙන් මෙ තරම් කඩේ යන්නෙ ඇයි කියන දේත් කල්පනා කල යුතු දෙයක්. මේක රාජ්‍ය දේපල පුද්ගලිකකරණයේ ආරම්භය.
මෙය කුමන්ත්‍රණයක්. අධිකරණයට අපහාසයක්. මොවුන්ට දැඩි දඬුවම් දෙමු.
ලංකාවේ දොස්තරලා නොමිලේ ඉගෙනගෙන අහිංසක රෝගීන්ට පිහිටවෙනවා කියල පොරොන්දු වෙලා ඒ අහිංසක මිනිසුන්ගේ මුදල් හූරා කනවා ඒ මදිවට සල්ලි ගෙවල ඉගෙන ගන්න අයට විරුද්දව සටන් කරනවා මුන් මිනිස්සුද නැතිනම් සත්තුද