ඇතැම් රජයේ වෛද්‍ය පීඨවල සයිටම් ආයතයේ සිටින සිසුන් තරම්වත් සුදුසුකම් නැති අය සිටින බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීත්‍යනුකූල කිරීමෙන් පසු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය ඇමැතිවරයා එසේ කියයි.
‘පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබිය යුතුයි. අපිත් එක්ක එදා 80 දශකයේ දී වේදිකාවේ කථා කරපු මහාචාර්ය නලින් ද සිල්වා මහතා කියා තිබෙන්නේත් මේකට සහයෝගය දෙමු කියලා. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ මතයත් ඒකයි. ඔය වෛද්‍ය සංගමය ඇතුළු කට්ටිය ඇයි 2011 ඉඳන් මේකට විරුද්ධ වුණේ නැත්තේ. මේකද පළවැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය. කොතලාවල එකක් හැදුවා මුලින්ම. ඒ ළමයිට රජයේ රෝහල් දුන්නා. වෛද්‍ය විද්‍යාව පෞද්ගලිකව හැදෑරුවොත් නිදහස් අධ්‍යාපනය නැතිවෙනවානම් විරුද්ධ වෙන්න තිබුණේ එදා. මේක යටතේ තිබෙන්නේ දේශපාලන අරමුණක්. නිදහස් අධ්‍යාපනයේ තිබෙන පළවැනි පරමාර්ථය තමයි අධ්‍යාපනය ලැබීමට තිබෙන නිදහස.‘ යැයි ද ඇමැතිවරයා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්මාල්ගේ කටේ මසුරන් දාන්න වටිනවා. (නි)
හේරත්, කොහේ ඉගනගත්තත් කමක් නැහැ. අපිට වෙදකම් කරන්න නම් එපා (නි)
ඇමතිතුමනි, ඔය සංගමයේ නිලධාරීන්ගේ උසස්පෙළ ප්‍රතිඵල ප්‍රසිද්ධ කරන්න බැරිද? (නි)
මොකද දන්නෙ නැහැ ඔච්චර කෑ ගහන්නේ. (නි)
තමන්ගේ ලේලි වෙනුවෙන් මුළුමහත් රටේ දරුවන්ගේ නිදහස් අධ්‍යාපනය පාවාදෙනවා (බ)
මම නම් හිතන්නේ නැහැ මේ වගේ අය අපේ රටට අනාගතයක් ලබාදෙයි කියලා. මම මොරටුවේ උපාධිය ගත්ත කෙනෙක්. අපි නියම මාර්ගෙන් එ්කට ගිය නිසා ඕස්ට්‍රේලියා වලත් වැඩ කරන්නේ ගොඩක් නම්බුවකින්. (නි)
අනේ කරුණාකරලා ඔය කට වහගන්න (නි)
අධ්‍යාපනය ලබා දෙන්නෙ රාජ්‍ය අංශයෙන්ද, පුද්ගලික අංශයෙන්ද කියන එක ඒ හැටි වැදගත් නැහැ. වැදගත් වෙන්නෙ ඇතුලත් වීම, පාඨමාලාව සහ පිටවීම තත්ත්ව පාලනයකට යටත් වෙනවද කියන එකයි. ජාත්‍යන්තර තත්ත්ව පාලනයකට යටත් වෙනවා නම් වඩාත් හොඳයි. ලංකාවේ වයිද්‍යා ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකම එහෙම වෙනවද කියන එක සක සහිතයි. අපි අනිත් අයට වඩා උසස් කියන තර්කය පමණක් පිළිගන්න පුළුවන්ද (බ)
මම හේරත් කියනදේට එකඟයි. පුද්ගලික පාසල් වල අය ගෙදරට වෙලා ඉන්නද කියන්නේ. ලංකාවේ උපාධි අරන් අනිත් රටවල් වලට යන අයටත් මේ ලෙඩේ තියනවා. එයාලා හිතන්නේ එයාලා තරම් උගත් අය නැහැ කියලා. අනිත් අය අවතක්සේරු කරනවා. ඒගොල්ලොත් අනිත් රටවල අධ්‍යාපනය හෑල්ලු කරමින් ඒ රටවලටම ගිහින් උසස් අධ්‍යාපනය ලබනවා. ලංකාවේ අධ්‍යාපනය අනිත් රටවල් වලට වඩා උසස්ලු (නි)
මේ රටේ දොස්තරලා කැමති නැහැ තව දොස්තරලා බිහිවෙනවට. එහෙම වුණොත් ඔවුන්ගේ ඒකාධිකාරය නැතිවෙනවා. ඔවුන් සයිටම් එකට විරුද්ධ එම නිසයි. ඇත්තටම සමහර වෛද්‍ය පීඨ වල තත්වය සයිටම් වලට වඩා දුර්වලයි. (නි)
සල්ලි තියෙන එ්ත් මොළේ උඩ ඉඳගෙන ඉගෙනගන්න සල්ලිකාරයන්ගේ මෝඩ පුත්තු දොස්තරලා වුණාම ලංකාවේ ජනගහණය වැඩිවීමේ ප්රශ්නය අපූරුවට විසඳාවි (නි)
ලක්මාල්ගේ කටට මසුරන් දාන්න වටිනවා! (නි)
ලංකාවේ දේශපාලකයන්ට වඩා විශ්ව විද්‍යාල සිසුන් මේ ගැටලුවට ගන්න තීරණ හොදයි කියල හිතෙනවා. රාජිත ඇමතිතුමා මුදුනට ඇවිල්ල වගේ. (බ)
හේරත් මොකද කියන්නෙ තමුන් කැමතිද තමුන් අසනීප උනාම සුදුසුකම් නැති දොස්තර කෙනෙක් ලගට ගිහින් තමන්ගෙ ජීවිතේ අවදානමට ලක් කරලා බෙහෙත් ගන්න? තමුන් සල්ලි තියනව නම් හොඳ තැනකින් බෙහෙත් ගනී. ඒත් සල්ලි නැති සාමාන්‍ය ජනතාවට මොකද වෙන්නෙ? (ර)
ලක්ෂ ගණන් ගෙවලා රජයේ පාසලකට ළමයි ඇතුලත් කර ගනිද්දී, අසනීපයක් උනාම සල්ලි ගෙවලා බෙහෙත් ගන්න සිදුවෙලා තියෙද්දී, එතන කොහෙද නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවයක් තියෙන්නේ? නිදහස් කතාව ඉස්සරහට දාගෙන, හැමදේම ආණ්ඩුවෙන් පිනට ලබාගන්න උත්සහකරන පින්ගුත්තරයින්ව අන්දවා, තරුණ සිසුන්ගේ ආවේගවලින් ප්‍රයෝජන ගනිමින්, දොස්තර මාෆියා කල්ලියේ පටු අරමුණු ඉටුකර ගැනීමට දරන ප්රයත්නයක් ලෙස තමයි අපි නම් මෙය දකින්නේ. (ර)
කට ඇරියොත් මෙහෙම කතාවක් තමා කියන්නේ. මේ තරම් විරුද්ධව හැම කෙනාම නැඟීසිටිනකොට මේකට සහයෝගය දෙන්නේ ඇයි? (නි)
දොස්තර සංගමය නිදහස් සෞඛ්‍ය සේවය වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. ගිණි ගණන් වලට චැනල් කරන එක ගැනත් විරුද්ධ වෙන්න ඕනනේ ... (ර)
මහත්තයෝ, මතක තියාගන්න, ඉංජිනේරුවෝ හදන්නේ මිනිස්සු හදන දේවල්. දොස්තරලා හදන්නේ දෙවියෝ නිර්මාණය කරපු දේවල්. එ්ක ලෝකේ අමාරුම හා වගකීම උපරිමව තියන රස්සාවක්. ඇමරිකාවෙත් පුද්ගලික වෛද්‍ය පීඨ තියනවා. හැබැයි ඒවා වල කඩයිම් විභාග තියනවා. සල්ලි තිබුණ පළියට උපාධිය දෙන්නේ නැහැ දියුණු රටවල. සල්ලි වලට වඩා මිනිස් ජීවිත වටිනා බව ඔයාලා දන්නේ නැහැ මහත්තයෝ. (නි)
මේ දරුවෝ රැකගන්න හදන්නේ අපේ දරුවන්ගේත් අනාගතය. මේ ළමයින්ට ආයේ දොස්තරලා වෙන්න කොහෙවත් යන්න ඕනෑ නැහැ. පාඩුවේ ඉගෙනගත්තා නම් ඔක්කොම දොස්තරලා වෙනවා. නමුත් ඔවුන් මේ දුක්විඳින්නේ අනාගත පරපුරේ අයිතිය වෙනුවෙන්. ඇයි රාජිතට කියන්න බැරි දුප්පත්, හොඳ ප්‍රතිඵල තිබිලත් මෙඩිකල් ෆැකල්ටි යන්න බැරිවුණු ළමයි ප්‍රමාණයක් සයිටම් එකට ගන්න කියලා? (නි)
ඇමතිතුමා, දේශීය වෙදකම ගැන ඔහොම උනන්දු නැහැනේ? දේශීය වෙදකම දියුණු කළා නම් ලංකාවට විදේශ විනිමයත් ලැබෙනවා. ඔක්කොම උනන්දු බටහිර වෙදකමටනේ. ලෙඩ හොඳ කිරීම සහ ජනතා සේවය කොහොම වෙතත් කට්ටිය දුවන්නේ කුට්ටිය සහ ඉහළ සමාජ තත්වයක් ලැබෙන බටහිර වෙදකම පස්සෙනේ (නි)
පිටරට වල පෞද්ගලික විශ්ව විද්‍යාල තියෙනවා. හැබැයි ගිය අය සහ යන අය තමයි දන්නේ ලෙවල් එක (නි)
ඔව් ඉතින් ඔබතුමාලා යන්නේ සිංගප්පූරුනේ! (නි)
මේක විසඳෙන ප්‍රශ්නයක් නෙමෙයි වගේ (නි)
ඕක ඉතින් කොහොමත් ඇරගත්ත ගමන්මනේ තියෙන්නේ (නි)
ලෙඩ්ඩු සූරාකෑමේ අයිතිය රජයේ වෛද්‍යවරුන්ට පමණද? (නි)
අලුත්ම නාටකය දැන්මම පෙන්වන්න පටන්අරන් වගේ (නි)
අධ්‍යාපනය ලැබීමට තිබෙන නිදහස නම් හොඳයි ඉතින්. හැබැයි ලෙඩේට බෙහෙත් දෙන්න අධ්‍යාපනය ලැබීමේ හැකියාවකුත් තියෙන්න ඕනෑ. විභාග තියෙන්නෙ ඉතින් ඕක මනින්නනේ. එය විධිමත්ව සැකසීම ගැන තමයි කතා කරන්න ඕනෑ. (නි)
ඇමතිතුමා, දෙගොල්ලන්ගෙම සුදුසුකම් එළියට දාන්න. එතකොට ඇත්ත නැත්ත බලාගන්න පුලුවන් (නි)
එස් තුනේ සයිටම් දොස්තරලා කියලා නම හැදිලා ඉවරයි. ඒ තත්ත්වය යටතේ සයිටම් එකට යන්න ඉන්න අය හොඳට හිතලා බලන්න (නි)
කළයුතුව තිබුනේ පාඨමාලාව ද්වේශසහගත ලෙස තහනම් කිරීම හෝ නවතා දැමීම සඳහා විශ්ව විද්‍යාල සහ ජනතාව කුලප්පු කිරීම නොව අවශ්‍ය නිර්ණායක නිර්දේශ කර එය ශාක්ෂාත් කර ගැනීමට උපකාර ලබාදීමයි. ප්‍රවේශ විභාගය කිරීම අනිවාර්ය නොවීම නිසා පිටරට උපාධිය ලබන අයත් නඩු මඟට බැසීම ප්‍රායෝගිකව අපහසු නොවෙන්න ඉඩ තිබේ. වෛද්‍ය සභාවට කිරීමට තිබුනේ තම සභාවෙන් කමිටුවක් පත්කර විමර්ශනය කරමින් මේ සඳහා දායකවෙමින් තමන් බලාපොරොත්තු වන නිර්නායන විභාග කිරීමට හොඳ අවස්ථාවක් ලබාගැනීමයි. දැන් එය නැති කරගෙන හමාරය. (නි)
ආ! ආයෙත් පටන් අරගෙන නේද? (නි)
සුසන්ත, ලැජ්ජා නැද්ද පම්පෝරි ගහන්න. ලංකාවේ අහිංසක මිනිසුන්ගේ සල්ලි වලින් ඉගනගෙන ඕස්ට්‍රේලියාවට වෙලා ඉන්න එක මහා ලොකු දෙයක් කියලි හිතුවද. සල්ලි වලට ඉගෙනගෙන හරි ලංකාවට සේවයක් කරනවා නම් මොකක්ද වැරැද්ද. අනෙක එයාල ලංකාවෙන් ගියත් රටට මුදලින් පාඩුවක් නැහැ, රටට අදායමක් ලැබිලානේ. (නි)
පෞද්ගලික විශ්ව විද්‍යාල තිබුනට කමක් නැහැ. නමුත් ඒවාට බඳවාගන්න අවම සුදුසුකම සාමාන්‍ය සාමාර්ථ 3ක් නොව රජයේ විශ්ව විද්‍යාල වලට ලකුණු කීපයක් මදිවෙන සිසුන් පමණක් විය යුතුයි. විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇත, යනුවෙන් සඳහන් වූ සිසුන් පමණක්. (නි)
මීට කාලෙකට ඉස්සර පේරෙ දන්ත වෛද්‍ය පීඨයේ සුදුසුකම් නැති කෙනෙක් හිටියා. දැන් ඒකා ලංකාවේ සෞඛ්‍ය ඇමති. (බ)
ලේලි වෙනුවෙන් දොස්තර රාජිත කට අරි (බ)
නියම ප්‍රතිචාර ටිකක්! (නි)
මේ රට කාලා ඉවරයි. තියෙන ටිකත් කන එක තමා කරන්නේ. රජයේ විශ්ව විද්‍යාල වල අඩුපාඩු තියෙන්නේ මේ දේශපාලකයෝ රට පාලනය කරන නිසා. (නි)
ඔබතුමාගේ අයත් සයිටම් ගියේ රජයේ සරසවිවල ඉගෙනගන්න තරම් හැකියාවක් නැති නිසා නේද? (බ)
අැමතිතුමෝ මතක නැද්ද මේක පටන් ගන්ත වෙලේ ඉඳලා මේකට කොච්චර විරෝධතා තිබ්බද. රජයේ වෙෙද්‍ය පීඨ හැල්ලු කරන්නෙ අැයි සයිටම් එකෙ අවම සුදුසුකම එස් 3යි ලක්ෂ 120නෙ. අැමතිතුමො දැන් තමා පටන් ගත්තෙ. හැලිය රත්වෙනකම් කකුලුවො උඩ පැන පැන ඉන්නවා. ඔය සයිටම් හිතවාදීනුත් මේ දවස්වල එහෙමයි. රාගම පුද්ගලික වෙෙද්‍ය පීඨයත් මේ වගේම උසාවියන් නීති ගත කළාට පස්සෙ තමා අාණ්ඩුවට පවරා ගන්න වුනේ. දන් නැති අය දැන ගන්න. මොන තර්ක ගෙනාවත් සයිටම් එක වසා දැමිය යුතුයි. (බ)
ඇතැම් රජයේ වෛද්‍ය පීඨවල සයිටම් ආයතයේ සිටින සිසුන් තරම්වත් සුදුසුකම් නැති අය සිටින බව ඇමතිවරයා පැවසීම බරපතල ගැටළුවකි. එවැනි අය විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබූ ආකාරය සොයා බැලිය යුතුයි. මේ ප්‍රකාශයට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වගකිව යුතුයි. (නි)
ඇයි මේ ඔක්කොම සයිටම් විතරක් අල්ලාගෙන ඉන්නේ. ලංකාවේ ගොඩක් ආයතන තියනවා අවම සී - 2, එස් -1 ට පිටරට (රුසියාව, මැලේසියාව වගේ) යවලා වෛද්‍යවරු කරනවා. ඒ අයට ලංකාවේ වෛද්‍ය විද්‍යාලයේ තියන විභාගය සමත් කළොත් ලංකාවේ වැඩ කිරීමට හැකියාව ලැබෙනවා. මේවා ගැන කවුරුවත් උද්ඝෝෂණ කරන්නේ නැහැ. මෙතන තියෙන්නේ දේශපාලන උවමනාවක් (නි)
විශ්ව විද්‍යාලයට යන්න අවම සුදුසුකම එස් 3 බව නොදන්නා ධනුෂ්ක උසස්පෙළ කර නැති බව පෙනේ. (නි)
උගත් ඇමති කෙනෙක් වුනහම වාචාල දොඩවන්න එපා. (බ)
සයිටම් එකට විරුද්ධව ඒ කාලේ තිබුණු රැස්වීම්වල රාජිත ප්‍රධාන කථිකයෙක් වුණා නේද? (නි)
හැකර කට විතරයි (බ)
සයිටම් යන්නෙ ලොකු ලොකු මිනිසුන්ගෙ ළමයි. ඔවුන් කොහොමහරි දොස්තරලා වුණත් දුෂ්කර පළාත් වලට යන්නෙ නැහැ. යන්නෙ ප්‍රයිවට් හොස්පිටල් ටිකට. එතකොට අන්තරේ දොස්තරලට ප්‍රයිවට් හොස්පිටල් යන්න බැහැ. ඒ නිසා දැම්ම මේක නවත්වන්න සහයෝගය එක දීපන් අන්තරේට පුතේ... (නි)
මේ ආණ්ඩුවත් ඉක්මනින් ගෙදර යයි වගේ. අලුතෙන් විශ්ව විද්‍යාල ඇති කරන එක සහ ඉසෙඩ් අගය අනිවාර්ය කිරීම තමයි කළයුත්තේ. සල්ලි තියන පලියට හැම උපාධියම දෙන්න ගියොත් අල්ලපු රටට වුණ වැඩේ තමයි අපිටත් වෙන්නේ (නි)
දත් දොස්තරකම කරගෙන ඉන්නේ නැතුව නොදන්න දේවල් කතා කරන්න එනවා... පුතාගේ බිරිඳ සයිටම් ගියා කියලා මුළු රටේම අධ්‍යාපනය වළපල්ලට දාලා සයිටම් ගොඩදාන්න හදනවා. (බ)
චන්ද්‍ර වීරසිංහ හරියට හරි (නි)
ලංකාවේ දොස්තරවරු ඉන්දියාවේ දොස්ත්රුන්ගේ තක්සේරුවට වැටීමට ඉතා ආසන්නයි ......අපිනම් ලංකාවේ නෙමේ අපිට කමක් නැහැ ඕනි බම්බුවක් .(බ)
අනේ දනුෂ්ක පුද්ගලික විශ්ව විද්‍යාල වහන්න කියනවනම් අද රටපුරා තියෙන පුද්ගලික පාසලුත් වහන්න කියනකො රජයේ පාසල් වලින් එන සිසුන්ට රජයේ විශ්ව විද්‍යාල තියනවම් පුද්ගලික පාසල් වලින් එන සිසුන් ගෙදරට වෙලා ඉන්නද ඒ සිසුන්ටත් ඉගෙන ගන්න නිදහස තියෙන්න ඕනි (බ)
මගේ ඇඟේ මාලු නටනවා (නි)
ඊළඟ බයිපාස් එක සයිටම් එකෙන් කරගනිමු සිංගප්පුරු නොයා. (හේ)
ඔව් රාජිත මහත්තයෝ, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබිය යුතු බව අපටත් පිළිගත හැකියි. එහෙත් ඒවාගේ අධ්‍යාපන තත්වය පිළිගත හැකි මට්ටමක උසස් එකක් විය යුතුයි. දූෂණයෙන්, අක්රමිකතාවෙන්, වංචාවෙන්, ඥාති සංග්‍රහයෙන් ඔද්දල් වෙච්ච දේශපාලු නායකයන් ඉන්න මේ රටේ ඔය වැඩේ හරියට කරන්න බැහැ. (නි)
කට ඇරියොත් ඔහොමම තමයි (නි)
සයිටම් එකෙයි, රජයේ වෛද්‍ය විද්‍යාලවලයි ඉන්න අයගෙ ප්‍රතිඵල ප්‍රසිද්ධ කරන්න, එතකොට බලාගන්න පුලුවන් එස් 3 කතාව ඇත්තද කියල. පත්තර මල්ලිල ඇමතිට කියන්න මේක එලියට දාන්න කියල. (බ)
රාජිත ඉතින් ඔහොමමනේ! (නි)
ඔව් අැමතිතුමෝ සුදුසුකම් අඩුයි තමා. සයිටම් එකේ අවම සුදුසුකම වන එස් 3 හා ලක්ෂ120 කියන සුදුසුකම් වලින් රජයේ වෙෙද්‍ය පීඨ වල සිසුන්ට ලක්ෂ120 කියන සුදුසුකම නැ. ඊටත් වඩා සුදුසුකම් අඩු අය රජයෙ වෙෙදය පීඨවල ඉන්නවනම් අපිද ඔවුන් බඳවා ගත්තේ. අපි ද එ්කට වග කියන්න ඕනෙ. ඔහෙලනේ එ්වට වග කියන්න ඕන. මාර කතාවක්නේ. (බ)
කන්න ඕනෑ වුනාම කබරගොයත් තලගොයාවෙනවනේ,ඊ<ගට මෙයා කියයිද දන්නේ නැහෑ මාක්ස්ගේ දරුවොත් එංගලනතයේ පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් තමයි ඉගෙන ගත්තේ කියලා .(බ)
එතකොට දතාත් සුදුසුකම් නැතිවද දන්ත වෛද්‍යවරයෙක් වුනේ. (බ)
හොර උපාධි කඩේ කට්ටිය නම් ගොඩ යයි වගේ (නි)
හේරත් මහත්තයෝ, සතුරු හමුදාවකට පහරදෙද්දි මුලින්ම පහර දෙන්නේ හොඳම මර්මස්ථානයකට. එතකොට පොඩි පොඩි මුරපොලවල් ඉබේම යටත් වෙනවා. මෙතනත් තියන ලොකුම වැඩේ සයිටම් එක වහන එක. අනික් පුද්ගලික එ්වා ගැන පස්සෙ බලමු. (නි)
රජයේ විශ්ව විද්‍යාල වලට ලකුණු කීපයක් මදිවෙන සිසුන්? පැහැදිලි මදි? මගේ ළමයාට ඒ 3 තියෙනවා. කොළඹ නිසා ගෙදර. සී 3 අය ඇතුළේ. ඇතුළේ ඉන්න අය කෑ ගහනවා මගේ ළමයට කොහෙන්වත් පොත් කියවන්න ඉගෙනගන්න ඉඩ දෙන්න එපා කියා. (නි)
දොස්තර සංගමය කියන තරම් දේශප්‍රේමි නම් හෝ මහජනතාවට හිත නම් ගිණි ගණන් වලට චැනල් කරන එක නවත්තලා රජයේ රෝහලෙන් බෙහෙත් ගන්න එන අසරණ ලෙඩුන් ගැන බලන්න එපායැ. (නි)
අයින්ස්ටයින්ට එස් 3 වත් තිබුනේ නැහැනේ. පරණ හණමිටි බමුණෙක් වෙන්න එපා. කවදාවත් දියුණු වෙන්න බැහැ (නි)
හේරත්ලා වගේ අය මොනවා කියවනවද කියලා එයාලම දන්නේ නැහැ. ඒක කරන්න පුලුවන් නම් මේක කළාම මොකද කියන්න කලින් හිතන්න ඒක හොඳයිද කියලා. (නි)
වෙනස සැපද? (නි)
තනූජා,ඔබ හරියටම හරි. මටත් ඇත්තේ ඔබට ඇති පසුතැවීමමයි. දේශපාලකයෝ කියන අය අපේ රට නැත්තටම නැතිකරලා දැන් අපිට බෙහෙත් පොවන්න යනවා. ප්‍රමිතියට කිසිම දෙයක් නැති මේ රටේ දොස්තර දෙන බෙහෙත ගැනවත් අද ඉඳන් විශ්වාසයක් නැතිවෙයි. (නි)
ලක්ෂ 120 හොයාගන්න පුලුවන් ලංකාවේ 1% කට විතරයි. ඉතිරි 99%ට තියන අධ්‍යාපන අයිතිය සල්ලි තියන අය වෙනුවෙන් කැපකරන එකද නිදහස් අධ්‍යාපනය?කෝච්චියේ බස් වල තෙරපිලා රැකියාවට යන පොඩි මිනිහගෙ උගත් දරුවන්ගෙ අනාගතය ගැන හිතන අයද, උපාධි කඩේට කඩේ යන අයද කුහක....? (නි)
සයිටම් එකේ අඩුපාඩු තිබේ නම් කළයුතු වන්නේ අඩුපාඩු නැතිකිරීම නේද? වහන එක නෙමෙයි. (නි)
සමහරු මාරුවෙන් මාරුවට සයිටම් කරත්තේ දැක්කුවේ ඔවුන්ගේ පුද්ගලික වාසි වෙනුවෙන් මිසක් රට ගැන හිතලා නෙමෙයි. ඔවුන්ව ඡන්දෙන් පරාජය කළත් වැඩක් නැහැ. කූඩැල්ලෝ වගේ අපේ ලේ බොන්න කොහොම හරි අවස්ථාවක් හොයාගන්නවනේ. (නි)
ඉදිරියේදී යහපාලනය යටතේ එස් 3 අරගෙන ලක්ෂ 120 ක් වියදම් කරලා දොස්තරලා වෙනවා. විශ්ව විද්‍යාලයට යන ලකුණක් දෙකක් අඩුවෙන දරුවන් ඒ දොස්තරලා යටතේ "නර්ස්ලා" වෙලා ඉන්නවා. හරිම ලස්සනයි නේද? (නි)
මේ සයිටම් එකේ ළමයින්ගේ හෝ දොස්තරවරුන්ගේ හෝ දැන් ඉගෙනගන්න විශ්ව විද්‍යාල වල ප්‍රශ්නයක් නොවෙයි. රටේ 95% දුක්විඳින ජනතාවගේ ළමයින්ගේ අධ්‍යාපනයට අදාළ සමාජ විශමතාවයේ ප්‍රශ්නයක් (නි)
මෙන්න නියම යහපාලනයේ නියමුවෝ. (නි)
රාජිතට මොකද මේ ගැන මෙච්චර උවමනාවක්? (නි)
ධනුෂ්ක, නිකන් මෙතන කුහකයෙක් නොවී ඉගෙනගන්න අවශ්‍ය කෙනෙකුට ඔවුන්ගේ සල්ලි වලින් ඉගෙනගන්න ඉඩදෙන්න (නි)
මෙයාලා බෙහෙත් ගන්නේ සිංගප්පුරුවෙන්. සයිටම් එකේ අයට අවසර දුන්නම මැරෙන්නේ අහිංසක මිනිස්සු මිස දේශපාලුවෝ නොවේ. (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
සල්ලි තියෙන මනුස්සයා පුද්ගලික රෝහලෙන් බෙහෙත් ගත්තත්, එයාගේ දරුවාව පුද්ගලික විශ්වවිද්‍යාලයකින් දොස්තරකෙනෙක් කරගත්තත් කව්රුත් මොනවත් දොසක් කියන්නේ නැහැ. මෙතන සයිටම් එකට කඩේයන කාටවත් උද්ගතවී තිබෙන මූලික ගැටලුව සම්බන්ධව හරි වැටහීමක නැහැ. සමහරු තමන්ගේ කව්රුහරි සයිටම් එකට යන නිසාත්, තවත් අය දොස්තරලා එක්ක තිබෙන බද්ධ වෛරය නිසාත්, තවත් අය තමන්ට රජයේ විශ්වවිද්‍යාලයකට යාමට නොහැකිවූ නිසාත්, බහුතරය පාරම්පරික දේශපාලනය නිසාත් සයිටම් එකට කඩේ යනවා. (බ)
ඇමතිකමක් කරන්න ගොඩක් සුදුසුකම් තියෙන්න ඕනෑ. (නි)
ඔව් ඇමතිතුමා, ඔබතුමා හරියටම හරි. ඔබතුමා ඊළඟ වතාවේ ඉඳලා සිංගප්පුරු නොයා සයිටම් එකෙන් බේත් ගන්න පුළුවන් (නි)
ඉතා හොඳ දෙයක්. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබිය යුතුමයි. වහල් මානසිකත්වයෙන් මිදිලා මැදහත්ව සිතන්න. (නි)
රාජිත මහත්තයෝ, මම ඉන්නේ ප්‍රංශයේ. මේ රටේ පුද්ගලික වෙද විදුහල් නැත්තේ මොකද? මෙහෙ ළමයින්ට ඒවාට යන්න සල්ලි නැති නිසාද? කන්න හිතුනම කබරයා තලගොයා කරන න්‍යායක් නේද ඔබ කරන්නේ. (නි)
ලංකාවේ දොස්තරලා ඉන්දියාවේ දොස්තරලා ගානට වැටෙනවා නම් කොච්චර හොඳද? ලෝකේ හැම රටකම වැඩියෙන් ඉන්නේ ඒ දොස්තරලා (නි)
ලෝකයේ ඉන්න අන්ත දුෂිත මෝඩ දුර්දාන්ත ගෝත්‍රිකයන් සිටින දූපතක් ඇත. ඒ දුපතේ වැසියන්ගේ කඳුලින් ලියවුන තවත් අසුන්දර කතාවක මුල පටන්ගැන්මයි මේ... අවාසනාවකට අපිත් මේ ගෝත්‍රිකයින් අතර ඉපදුනානේ. අනේ දෙවියනේ මිළඟ ආත්මයේදී නම් මාව වෙන ඕනෑම රටක උපද්දවන්න. මේ දේශයේ නම් එපා.එපා එපා... (නි)
හේරත් මහත්මයෝ, ඉගෙනගන්න නිදහස තියාගන්න. සල්ලි ගෙවලා දොස්තර උපාධි බැරි නම් ගගනගාමි උපාධියට හරි ඉගෙනගන්න. අවුල තියෙන්නේ මිනිසුන්ට බෙහෙත් කරන්න දෙනවද නැද්ද කියන එක. මිනිසුන්ට බෙහෙත් කරන්න දෙන්නේ කවුද කියන එක තීරණය කරන්නේ වෙද්‍ය සභාව. වෙද්‍ය සභාව කියන විදියට පිටරට උපාධි අරගෙන එන අය ලියන විභාගයම සයිටම් එකේ අයත් ලියලා ආවා නම් ඉවරයිනේ. (නි)
බල්ලෝ බිරුවට සඳ කඩාවැටෙන්නේ නැහැ ඇමතිතුමා. ඔයා කට ඇරගෙනම ඉන්න. මොකද පුරුදු නැති දෙයක් නෙමෙයිනේ. කිසිම විදියකින් රජයේ වෛද්‍ය විද්‍යාලවල ඉන්න ප්‍රමාණයට වැඩියෙන් එක් කෙනෙක්වත් වෛද්‍යවරු වෙනවට මමත් කැමති නැහැ. එහෙම වුණොත් දැන් චැනල් වලින් හම්බකරන ගණන අඩුවෙනවා. දොස්තරලා වැඩිවුණාම ලෙඩ්ඩු බෙදිලා යනවනේ. අනික හොස්ස අගින් මැස්ස ගියගමන් ස්ට්‍රයික් කරන්න එන එකකුත් නැහැ. (නි)
මිනිසුන්ට ඉගෙනගැනීමේ අයිතිය මොන විදිහෙන් හරි තිබිය යුතුයි (නි)
මේ වගේ අය ගැන ඇත්තේ පුදුම කළකිරීමක් (නි)
එස් 3ක් ගන්න කෙනෙකුට සයිටම් එකට ගෙවන මුදලට වඩා ඉතාමත් අඩු මුදලකට විදේශ රටකින් වෛද්‍ය උපාධියක් ලබාගන්න පුළුවන්. එහෙම විදේශ උපාධියක් ලබාගෙන ලංකාවට පැමිණි විට රජයේ විභාගයෙන් පසු රජයේ පත්වීම් වුවත් කිසිම ප්‍රශ්නයක් නැතුව ලබාගන්න පුළුවන්. එදා සයිටම් කියලා එකක් ආරම්භ නොකෙරුවා නම් මේ සිසුන් සියල්ලම මීට අඩු වියදමකින් වෛද්‍ය උපාධිය ලබාගැනීමටත් රජයේ වෛද්‍යවරුන් වීමට තිබුනා. එසේ වූවා නම් ඔය කිසිම කෙනෙක් විරුද්ධ වන්නේ නැහැ. (නි)
රාජපක්ෂලාගේ ලෝකයේ කොහේහරි රටක බැංකු ගිණුමට රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් බැර වුණා නම් ඕනෑම ජරාවක් පටන්ගන්න පුළුවන් යුගයක් තිබුනා. අද සමස්ත ජනතාවගේම දරුවන් දුක් විඳිනවා. තවත් පරම්පරා 100 ක් විඳවනවා. රාජපක්ෂලා අපේ දුප්පත් දරුවන්ට හිනා වෙනවා. (නි)
ආයෙමත් ඇරලා නේද කට? (නි)
රොමේෂ්, මෙතන තප්පුලන්නේ නැතුව ඔක්කොටම කලින් රටේ නීතියට ගරු කරන්න පුරුදු වෙනවා. ඔය කොහෙන් ආවත් එන හැමෝම ශල්‍ය වෛද්‍යවරු නොවේ. අනික හොඳ දොස්තර කෙනෙක් වෙත තමයි රෝගීන් ඇදිලා එන්නේ. පිනට බෙහෙත් ගන්න ඔහෙලා ඕනෑ දොස්තර කෙනෙකුගෙන් බෙහෙත් ගන්නවා ඇති. අදටත්, පෞද්ගලික රෝහල් වලින් මුදල් ගෙවලා බෙහෙත් ගන්න අපි දොස්තරගේ නම අහලා දැනගෙන තමයි චැනල් කරන්නේ. ඔක්කොටම කලින් මහපොළවේ අද තියන යතාර්ථය දැනගෙන ජීවත්වෙන්න. (නි)
ජවිපෙ ගැන හිතන්න කාලය ඇවිල්ලා (නි)
රජයේ විශ්ව විද්‍යාල වල අඩු සුදුසුකම් තියන සිසුන් ඉන්නවා විතරක් නොවෙයි, එහෙම හිටපු සමහරුන්ට හය වසරක් තිස්සේ වෛද්‍ය පීඨයේ පළමු වසර පාස් වෙන්න බැරුව ගෙදර යන්න වුණ සිද්ධියත් හරියටම දන්නේ මෙතුමාම තමයි (නි)