(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් (සයිටම්) උපාධිය ලබා පිටවන සිසුන්ට වෛද්‍ය වෘත්තිකයින් ලෙස ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බවට තීන්දු කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගොනු කළ අභියාචන පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතා ඉවත් වන බව අද(31) අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
මෙම පෙත්සම සිසිර ද ආබෲ ,අනිල් ගුණරත්න සහ විජිත් මළල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.
පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතා අධිකරණය හමුවේ ප‍්‍රකාශ කර සිටියේ තමන් මීට අභියාචනාධිකරණ විසින් සයිටම් ආයතනය සම්බන්ධයෙන් ලබා දුන් මෙම නඩු තීන්දුවට සහභාගී වී ඇති බැවින් නඩු විභාගයෙන් ඉවත් වන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා ඉවත් වුණ එක හොඳයි, නැත්නම් ඉතින් කලින් දීලා තියන තීන්දුවත් එක්ක වෛරයෙන් සිටින දොස්තර මාෆියා කල්ලිය ඔබතුමාටත් ප්‍රශ්නයක් වෙයි.
කුමන තීන්දුව දුන්නත්, යුක්තිය නැතිනම් නීතිය කුමටද?
කිසිදු පිලිගැනීමක් නැති සයිටම් එකේ උපාධියක් හදාරන දරුවන් ඉහත තමන්ගේ අදහස ප‍්‍රකාශ කර ඇත.
නීතිමය ක්‍රියාමාර්ගයේ අඛණ්ඩතාවය සහ කාර්යක්ෂමතාවය සඳහා ඔබතුමා සිටියානම් වඩා හොඳයි.
අවංක නීති ගරුක විනිසුරුතුමෙක්. එතුමන්ට අපගේ ප්‍රණාමය.
දුන් තීන්දුව වැරදියි කියලා හිතුනාවත්ද...
කුමට මෙරට අධිකරණය, නිතිය සහ විනිසුරන්..........