මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අද (03) ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේදී පැවති සාකච්ඡාවකදී තීරණය විය.
වෛද්‍ය සභාව නියෝජනය කරමින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා සහ මහචාර්ය ටෙරන්ස් ගාමිණී යන මහත්වරු මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකරී කමිටුව, ලංකා ගුරු සංගමය හා සිවිල් සංවිධාන රැසක නියෝජිතයෝ එම සාකච්ඡාවට එක්වූහ.
සයිටම් ආයතනය සම්බන්ධයෙන් වෛද්‍ය සභාව ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට තමන් සහාය පළ කරන බවද එම සාකාච්ඡාවේදී වෘත්තිය සමිති නියෝජිතයෝ කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවි නියෝගයෙන් පස්සෙ තමා කට්ටියට අැහැරුනෙ. සයිටම් විරෝධි සටනට තව තව බලවේග එකතු වෙනවා ඉදිරියට නියත වශයෙන්ම. ඊටපස්සෙ අාණ්ඩුවටත් තීරණයක් ගන්න වෙයි සයිටම් රකිනවද අාණ්ඩුව රැක ගන්නවද කියලා. හැම තැනම මිනිස්සු කතාවෙනවා මේක නීතිගත කිරීම මහ අපරාධයක් කියලා. (නි)
වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය පවත්වා ගන්න නම් වෛද්‍ය සබාවෙන් කළයුත්තේ ලියාපදිංචිවන වෛද්‍යවරුන්ට අත්‍යාවශ්‍ය රීති හා චර්යා ධර්ම මාලාවක් පැනවීමයි. එසේ නොකර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් පිළිගත් උපාධියක් ලබාගත් උපාධිධාරීන්ට ලියාපදිංචිවීමට වැට කඩොළු බැඳීම නොවෙයි. (නි)
අපට තාම තේරෙන්නේ නැත්තේ, මේ අය විරුද්ධ වෙන්නේ සයිටම් එකටද, එහෙම නැත්නම් පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලටද කියලා. සයිටම් එකේ ප්‍රමිතිය සම්බන්ධයෙන් විරුද්ධ වෙනවා නම්, උද්ඝෝෂණය කරන්න ඕනෑ වෙන්නේ නිසි ප්‍රමිතිය ඇති කරන්න කියලා මිසක් වහන්න කියලා නෙමෙයි. (නි)
එහෙම තමයි වෙන්න ඕනෑ. වර්ජන,තර්ජන යල්පැනලා බොහෝකල්. (නි)
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු තීරණ වලට නෑසූකන්ව, නොදැල්වූ දෑස් ඇතුව තිබුණු කාලයකුත් පහුගිය වකවානු වල මේ රටේ තිබුනා වගේ මතකයක් තිබෙනවා. අපට කළහැක්කේ යොමු වූ කන්ව, දැල්වූ දෑස් ඇතුව හෝරාව එළඹෙන තෙක් බලා සිටීමයි. (නි)
මෙහෙම රටක මුදල් ගෙවලා ඉගෙනගන්නවට වඩා, ඒ මුදල් වෙනත් කටයුත්තක් වෙනුවෙන් ආයෝජනය කරලා මඩිය තරකර ගන්න එක තමයි සුදුසු. කොහොමත් ලෙඩක් හැදුනම සල්ලි දීලා බෙහෙත් ගන්න පුළුවන්නේ. (නි)
දිස්ත්‍රික් කෝටා ක්‍රමයට පින්සිදු වෙන්න සමහර දිස්ත්‍රක්ක වලින් ආ සමහර අයට මතක නැහැ, ඔවුන්ට වඩා උසස් පෙළට ලකුණු ගත් සිසුන් කොළඹ, ගම්පහ, වැනි දිස්ත්‍රික්ක වල ඉන්නවා කියලා. එහෙම හිතන අය හිතන්නේ ඔවුන් විතරක් දොස්තරලා වෙලා අනිත් අය ඉස්පිරිතාලේ කාණු සුද්දකරන්න ඕනෑ කියලා වෙන්න ඇති. (නි)
විකුම්, දුෂ්කර දිස්ත්‍රික්ක වලින් කෝටා ක්‍රමයට ආ ළමයින්වයි මෙම ආයතනයෙන් රු. ලක්ෂ 120 ක් දීලා හොර දොස්තර කෙනෙක් වෙන්න හැකියාව තිබීමයි දෙකක්. (නි)
මොවුන් වෙනුවෙන් ඉදිරිපත්වන නීතිවේදියා කරුණාකර හෙළි කරන්න (නි)
මිනිස්සු මොනතරම් කුහකද? (නි)
මේකට ප්‍රතිචාරයක් දක්වන එක බොරු වැඩක්. මොකද රැස්වෙලා ඉන්න කට්ටිය දැක්කම හිතෙනවා ඇත්ත මොකක්ද කියලා. ඒ වගේම හරිම දුකයි මේ රට තවමත් එක තැන තියෙන්නේ මේ වගේම අය හින්දා තමා. (නි)
මෙහිදී වෛද්‍ය සභාව විශේෂයෙන් ඉදිරිපත් කළයුතු තර්කය වන්නේ වෛද්‍ය තත්ත්ව පාලනය තීරණය කිරීම එම වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් මඟින් පමණක් බවය. නීතියේ අාධිපත්‍ය විනිසුරුවරයන් විසින්ම රැකියයුතු වනවා මිස දේශපාලුවෝ විසින් නොවන්නාසේම වෛද්‍ය වෘත්තියේ ගුණාත්මකබාවය එම වෘත්තිකයන් විසින් ආරක්ෂා කළයුතු වේ. (නි)
ශ්‍රේෂ්ඨාධිකරණයත් මේ තීන්දුව අනුමත කළොත් මහත්තයෝ, මේකට නම් අත දාන්න එපා අර ලොතරැයියට කළා වගේ (නි)
ජයවේවා! අපි බලමු තීන්දුව මොකක් වෙයිද කියලා (නි)
විද්‍යා අංශයට 40% යි ලකුණු අනුව යන්නේ. 60% ක් ඇතුළත් වන්නේ කෝටා ක්‍රමයට. එතකොට රජයේ වෛද්‍ය විද්‍යාල වල එස් 3 ගත් අය නැතුව ඇති නේද? ඇයි මේ හැමෝගෙම ප්‍රතිඵල එලියට දාන්න බැරි? (නි)
බලමු ආණ්ඩුවේ අණට පිටින් යයිද නොයයිද කියලා ශ්‍රේෂ්ඨාධිකරණය? (නි)
අන්න එහෙම එන්න අසරණ මිනිස්සු ප්‍රාණඇපයට ගන්නෙ නැතුව. අපි බලමු ශ්‍රේෂ්ඨාධිකරණය මොකද කියන්නෙ කියලා. ඒ තීරණයට හැමෝම හිස නමමු. (නි)
වෛද්‍ය ක්ෂේත්රයේ ඔබගේ ඔය තියන ඒකාධිකාරී බලය රැකලා දෙන්න කියලා දෙයියන්ගෙන් ආයාචනයක් කළොත් තමයි වඩා හොඳ. අනික ඉතින් එක කාරණයක් හිතේ තියාගෙන තව කාරණයක් මවා පෙන්වන එක ගැන වුණත් මනුෂ්‍යයින්ට කලින් දෙයියන්ට වැටහෙයි. හැබැයි ඉතින් නොදරුවන්ව වරදට පොළඹවන එක ගැන හා රෝගීන්ට දක්වන කරුණාව ගැන මොන විදිහේ දඬුවමක් දෙයිද කියලා මට නම් විශ්වාස නැහැ. (නි)
මේ මහාචාර්යතුමාලා පුද්ගලික චැනල් සේවා නවත්වන්න නොකියන්නේ මොකද? ඒවා විතරද? පුද්ගලික ටියුෂන්, පුද්ගලික ව්‍යාපාර ස්ථානත් වහාම නවත්වන්න කියන්න. නිදහස් අධ්‍යාපනයට බදු ගෙවන්නේ රජයේ රැකියා කරන උදවිය නොවෙයිනේ. පුද්ගලික අංශය තියෙන්න ඕනෑ තමන්ගේ වාසියට විතරයි. (නි)
නියමයි! දැන් තමා නියම අරගලය පටන්ගත්තෙ. උසාවියෙ තීරණයෙන් පස්සෙ තමා මිනිසුන්ගෙ අැස් අැරුනේ. මේ අරගලයට මීට කලින් සම්බන්ධ නොවුණ කොටස් මේ අරගලයට සහතික වශයෙන් එ්කාබද්ධ වෙනවා. ගොඩක් දෙනා ලොකු අපරාධයක් වුණේ කියලා කතා වෙනවා. සමහරවිට මේ සටන අාණ්ඩුව ගෙදර යවන සටනක් දක්වා ඔඩුදුවන්න පුලුවන්. එ් නිසා අාණ්ඩුවෙ අැත්තන්ට කියන්නේ, පරිස්සමින්. (නි)
නඩුව වෙලාවේ අමතක වෙලාද දන්නෙ නැහැ කරුණු කියන්න? (නි)
ලෙඩුන්ව අසරණ නොකර උසාවි ගියා නම් මොකද වෙන්නේ? හවසට චැනල් වලට පැනලා යන්නේ (නි)
ඒත් මේ කවුරුත් පිටරට උපාධිය අරගෙන එන අයට විරුද්ධ නැහැනේ? (නි)
ඔබට සුබ පතමි! (නි)
එක වචනයෙන් කිවුවොත් ‘මාෆියාව‘ (නි)
අන්න හරි විදිය. නිකන් අපිව ප්‍රාණ ඇපයට අරන් වර්ජන කරලා ලෙඩ්ඩු මැරෙන්න අරින්නේ නැතුව ඔහොම කරනවා නම් මහජන සහයෝගයත් ලැබෙයි. (නි)