මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීත්‍යනුකූල ද නැද්ද යන්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද (31) ලබාදීමට නියමිතය.
අද පෙරවරුවේ කොළඹ කොටුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට මාර්ගය අවට රැස්වූ සරසවි සිසුහු දහසකට ආසන්න පිරිසක් නිහඬ විරෝධතාවයක යෙදී සිටිති.
ඔවුහු කළු පටි බැඳ, කළු කොඩි ඔසවා කළු රෙදි වලින් මුහුණු ආවරණය කරගෙන විරෝධතා පුවරු රැගෙන සිටිති.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට දැන් ඔයාලා කියන්නේ සයිටම් එකෙ අය දොස්තරලා වෙලා ලෙඩ්ඩුන්ට නිකන් බෙහෙත් දෙනවා කියලද. පුදුමයි ලක්ෂ120ක් දිලා දොස්තර වෙලා එහම කරයිද? මෙයාලා මිනිස්සුන්ට මාර අාදරෙයනේ. මතක තියාගන්න දැන් තමා පටන් ගත්තේ තාම ඉවර නෑ. රාගම වෙෙදය පිඨය ගැන මතකනේ. සිය ගානක් ජිවිත පුජා කරලා හරි එ්ක රටෙ දරුවන් සැබැ දක්ෂයන් සඳහා විවෘත කලා කියලා (හේ)
තමුන්ගේම තවත් සහෝදර සහෝදරියන් පිරිසක් මොන අමාරුකමකින් හරි ඉගෙන ගෙන දොස්තර කෙනෙක් වෙනවට විරුද්ධව එයාලගෙම තවත් පිරිසක් ගෙන යන අරගලයක්. මේ තමා අපේ රටේ හැටි (බ)
දිසානායක හලෝ මට පෙනෙන විදිහට එම තරහ සාධාරනයි. ඔබ ඔය කියන කැප වීම හරියට රාජකාරී කොරන කව්රුත් කොරනවා. ඒගොල්ලන්ගේ කැපවීම තිබෙන්නේ චැනලින්වල අනික මහජන මුදලින් ඉගෙන ගෙන මහජනයා ගන්න අසාධාරන මුදල් දැක්කාම එන තරහ සාධාරනයි. මමදන්න එක දොස්තරයෙක් චැනලින්වලට 7500 ගන්නවා. (බ)
නොමිලෙය් අධ්‍යාපනය ලබන සරසවි සිසුන් තමන්ගේ මුදලින් අධ්‍යාපනය ලබන සිසුන්ට එරෙහිවූ කුහකත්වය පෙන්නුම් කිරිමකි (ම)
අදහස් දාන බොහෝ දෙන කොහෙද යන්නේ මල්ලේ පොල් අන්තිමට වෙන්නේ හොද මොලේ තියෙන දොස්තරල පිටරට යයි වෙන රටවල පිළිගන්නේ නැති දොස්තරලා අපිට බෙහෙත් ගන්න ඉතුරු වෙයි අපිට ඉතින් ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ගැන තිබුණු විශ්වාසයත් නැති වෙලා යනවා ඔය විභාග අසමත් දොස්තරල දැනටත් පෞද්ගලික රෝහල් වල ඉන්නවා (බ)
මට තියෙන්නේ මීට වෙනස් අදහසක් .ඒවාගේම එය කාටවත් කඩේයාමක් නෙවෙයි . "සයිටම් කඩෙන් හොර වෛද්‍ය උපාධි දෙන්න එපාලු‘‘ එතකොට මේ කියන සයිටම් කඩෙන් දෙන ඉංජිනේරු උපාධියට ගැටළුවක් නැද්ද, එක ඔබ පිළිගන්නවද? එකට කවුරුත් උද්ගෝෂණ නොකරන්නේ මන්ද ?? (බ)
කුමට මෙරට අධිකරණය නිතිය සහ විනිසුරන් (ම)
දැන් මෙයාලට බයේ තීන්දුව වෙනස්කරයි? (නි)
මේතන තියෙන්නෙ ඊර්ෂ්‍යාවයි, කුහකකමයි. එත්කොට පිටරටවල ඉඳන් කුමන උපාධියක් අරන් ආවත් වෛද්‍ය සභාව පිළිගන්නවා විතරක් නෙමෙයි, එ් ළමයින්ට විභාග සදහා ටියුෂනුත් දෙනවා. අනික මෙඩිකල් කොලේජ් ගිහින් මේවා කරලා පිටවෙන දොස්තරලා අහිංසක ලෙඩ්ඩු බිල්ලට දීලා බඩ වඩාගද්දි, රජයේ රොහලේ වැඩ කළයුතු වෙලේ ප්‍රවර්ට් ප්‍රැක්ටිස් කරද්දි කෝ මේ පෙන්වන සමාජවාදේ. (නි)
සුමුදු...දුගී දුප්පත් ලමයි ඉගෙන ගන්නේ රජයේ විශ්ව විද්‍යාල වල කියල අපි හිතුවේ . කමක් නැහැ සයිටම් දුප්පත් ළමයි වෙනුවෙන් ඇරපු තැනක් නම් .(ම)
අන්න නියමයි! සල්ලි දීලා හරි ඉගෙනගන්න එකාට පුළුවන් තරම් වළ කපන්න. අන්න එතකොට තමයි, ඔය සල්ලි තියන අය ඔවුන්ගේ දරුවන්ට ත්‍රීවීලර් එකක් අරන් දීලා රටට ජාතියට සේවයක් වෙන විදියේ වැඩක් කරන්නේ (නි)
නිදහස් අද්යාපනය යටතේ මහජන මුදලින් දොස්තර් වරු වෙන කවුරුත් පසුව රට ගැන හිතන්නේ නැත. හැකි තරම් මුදල් ඉපයීමට කටයුතු කරනු ඇත. වැඩි දුර අධ්‍යාපනයට විදේශ ගත වූ වෛද්‍යවරුන්ගෙන් කී දෙනාද අාපහු එන්නේ. මගේ අදහස මහජන මුදලින්ඉගෙන ගත් සියලුම දොස්තරලා බොන්ඩ් එකක් අත්සන් කළ යුතුයි අවුරුදු 20 අවම කාලයක් රජයේ රෝහල් වල සේවය කරන බවට. (බ)
මේ ප්‍රතිචාර දැක්කම තේරෙන්නේ මිනිස්සු කොච්චර රජයේ දොස්තරලා එක්ක තරහද කියලයි. ඒ අය කරන කැපවීම තේරෙන්නේ නැහැ (නි)
2015 වන විට බේත් ගන්න ඉස්සෙල්ල දොස්තරගේ උපාධිය ගැන හොයන්න වෙනවා මිනිස්සුන්ට , අපි රැවටුනා මෛත්‍රීට . මොකුත් කරගන්න බැරි කෙනෙක් ජනාධිපති කරපු අපිට මෙහෙම වෙලා මදි. (බ)
දුප්පත් දුප්පත් ළමයි කිව්වට රජයේ දොස්තරලවත් ඔවුන්ගේ දරුවන්වත් දුප්පත් නැහැ. රජයේ දොස්තරලගේ ගමක් ගානේ තියන පුද්ගලික බෙහෙත් සාප්පු වලින් බෙහෙත් ගන්න සහ ධනවත් ටියුෂන් මාස්ටර්ලගෙන් ටියුෂන් ගන්න අය තමයි දුප්පත්. දුම්රියක් පෙරලුනොත් පාලමක්/ගොඩනැගිල්ලක් කඩා වැටුනොත් කි දාහක් මැරෙයිද ඒවා හදන්නෙත් රජයේ ඉන්ජිනේරුවන්ද? ඒවා මිනිස්සුන්ට වෙන හානි නෙවෙයිද. සැමට සැම කල්හි සුදුසු සෑම දෙයක්ම නිවැරිදිව සෑම ලෙසට ඉගෙනීමට ඇති අයිතිය තම ලාභය සදහා වැලැක්වීමට උත්සහ කිරීම කුහක කමකි. (බ)
මම මීට කාලෙකට කලින් නමගිය විශේෂඥ වෙද්‍යවරයෙක් හමුවෙන්න ගිය ගාල්ලේ පුද්ගලික රෝහලකට මගේ පියා එක්ක. ස්කෑන් එකක් කරලා මට කිව්වා ලෙඩ බලන්න නම් සල්ලි ගෙවල චිට් එකක් අරගෙන එන්න කියල. වෙච්ච දේට මටම ලජ්ජා හිතුන. (බ)
මොන තීන්දුව දුන්නත් එක පිලක් අධිකරණයට බනිනවා. එ්ක අපේ රටේ හැටි (නි)
බල්ලෝ මහපාරේ උඩුබිරුවට තවලම යන්න ඕනෑ තැනට ගියා. (නි)
අධිකරණ තීන්දුවට අපි හිසනමා ආචාර කරමු . කුහකයින් අතලොස්සකට කන්නොදී , මේ දුන් තීන්දුව ට මුළු මහත් ජාතියම ගරු කරමු . (බ)
ඕක නිත්‍යනුකූල නොවුනොත් ලෝක පුදුමයක්..අධිකරණ ඇමති පවා ඉන්නේ සයිටම් පැත්තේ .කොහොමත් මහා ජනතාව ඉන්නෙත් ඒ පැත්තේ. දුගී දුප්පත් මිනිස්සුන්ගේ ළමයි ටික දොස්තරවරු කිරීමට තියෙන අවස්ථාව නැති කරගන්න එපා. (බ)
ශ්‍රී ලංකාවට අවශ්‍ය උද්ඝෝෂකයින් නොව හැම අංශයකම නිපුණතාවය ඇති උගතුන්ය. එසේ නොවීමට කුහක දේශපාලකයින් අහිංසක සිසුන් පොළඹවති. විශ්ව විද්‍යාලය තෙක් පුද්ගලික අධ්‍යාපනය ඉවසති. කැපය. ඉන් ඔබ්බට අකැපය. රජය අධ්‍යාපනය සඳහා වැයකරන තරමටම දෙමවුපියන් ටියුෂන් සඳහා වැයකරති. ඊට විරුද්ධ කවුරුවත් නැත. (නි)
පුද්ගලික ටියුෂන් පන්ති ,පුද්ගලික රෝහල් හොඳ නම් පුද්ගලික වෛද්‍ය විද්‍යාල නරක වෙන්නේ කොහොමද ? හැමදාම පාරවල් වහගෙන අපිට කරදර කරන මේ අය ටික එලවල දමන්න ආණ්ඩුවට බැරි ඇයි. (ර)
එතකොට නේපාලේ බංගලාදේශ් උපාධි අරගෙන එන අයගේ තත්ත්ව මට්ටම් හොයන්නේ නෑ, ඇහැට පෙනී පෙනී අපේ රටේ සල්ලිදීලා ඉගෙන ගන්න ලමයින්න්ට තමා මේ කරදර කරන්නේ. (ර)
අධිකරණයේදී කිවිසුමක් ගියොත් අසරණ මනුස්සයෝ කුඩුවට දමනවා , දොස්තර මාෆියාව අධිකරණය ඉදිරිපිට උද්ගෝෂණ කරනවා ,මේගොල්ල ඔක්කොම ඇතුලට දමන්න අඩුම තරමේ සතියකට වත් , එතකොට අපිට පාඩුවේ ගමනක් බිමනක් යන්න පුළුවන් , (ම)
මහලොකු සර්ව සාධාරණ දේසපාලනේ තියෙන්නේ, සරසවි වල ඉන්නකම් පමණයි. ඔතනින් පිට උනාම ලොකුකම ඉහට ගහගෙන ඔලුවේ අන් ඇවිල්ල වගෙයි හැසිරෙන්නේ. ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් බෙහෙත් ගන්න ගියාම සලකන විදිහයි, මුදල් ගෙවලා පෞද්ගලික රෝහල් වලින් බෙහෙත් ගන්න ගියාම සලකන විදිහ දෙවිදියක් කියලා අපිට අවබෝධ වෙලා ගොඩක් කල් ළමයිනේ. එතකොට මේ ඔක්කොටම අමතකයි මේ අය ඉගෙන ගත්තේ අසරණ ජනතාවගේ මුදල් වලින් කියලා. (ර)
හොදයි නමුත් මේවගෙන් බෙහෙත් අරගෙන ජිවිත හානි හෝ අනතුරු සිදු වුනොත් රෝගීන්ට ලැබෙන වන්දිය මේ තීන්දුව වගේම නිවැරදි විය යුතුයි. ළඟකදී මවකුත් මැරුණා නේද ? මටනම් ඔය දෙස්තරලා ගෙන් බෙහෙත් ගන්න බයයි . ඒ වගේම රජයේ විශ්ව විද්‍යාල වල සිසුන් හා මෙම ආයතනයේ සිසුන් එකම අවසන් විභාගයක් ලිවිය යුතුයි (බ)
මට පේන ලංකාවේ අනාගතය. වෙළදපොලේ වස විස කෑම බීම වැඩිවීම, කන බොන දේ සදහා දැනටමත් එකතු කරන පෝමලින් වැනි දෑ වගේම වස මුසු ආහාර වෙළද පොළේ වැඩිවීම, හදුනා නොගත් රෝගීන් බහුලව දකින්නට ලැබීම, වගේම රටේ වැඩි පිරිසක් උදේ වැඩට යනවා වෙනුවට කාඩ් එකත් අරගෙන ක්ලිනික් එකට බඩගෑම (බ)
රටේ ආණ්ඩු පත්කරලා තිබෙන්නේ අධිකරණ තිබෙන්නේ ,රට පාලනය කරන්න නැතුව මේ කොල්ලෝ කුරුට්ටන්ට ඕන විදිහට රට පාලනය කරන්න නෙමේ , ඔබල හැම සතියකම දවසක් දෙකක් පාරේ රස්තියාදු ගගහ උද්ගෝෂණය කරන්න වැය කරනවා සයිටම් එකේ ශිෂ්‍යයෝ මෙම කාලය තම ඉගෙනීමේ වැඩට යොදවනවා (බ)
රජයේ වෛද්‍ය විද්‍යාලවලට යන ළමයි හරිම කුහකයි. (බ)
නිදහස් අධ්‍යාපනය ලබා පිටවෙන සියලුම උපාධිධාරීන්ගෙන් 95% ක් ම තම රට වෙනුවෙන් දායකත්වය ලබා දී නොමැත. වසර 30 ක් අර්ධ රාජ්‍ය අංශයේ සේවය කර ඇති මා ලැබූ අත්දැකීමය . මේ රටේ දැන් නිදහස් අධ්‍යාපය අවශ්‍ය නැත . (බ)
කුමාර හරියට හරි (හේ)