(අජන්ත කුමාර අගලකඩ)
මාලබේ සයිටම් ආයතනයේ ඒකපුද්ගල අයිතිය අහෝසි කර එය කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත සමාගමක් බවට පත් කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (20) පැවැසීය.
එහි කළමනාකරණයට හා පාලනයට ස්වාධීන කවුන්සිලයක් පත්කරන බවද ජනාධිපතිවරයා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ ඊයේ පැවැති පුවත්පත් කතුවරුන් හා විද්‍යුත් මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ගේ හමුවේදී සඳහන් කළේය.
මේ අතර මාලබේ පෞද්ගලික රෝහල රජය යටතට ගැනෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. සයිටම් ආයතනයේ ගාස්තු සංශෝධනය කර ශිෂ්‍යත්ව ප‍්‍රමාණය වැඩි කරන බවද ජනාධිපතිවරයා කීවේය. රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන පවත්වාගෙන යාම රජය ප‍්‍රතිපත්තියක් ලෙස පිළිගන්නේ යැයිද ජනාධිපතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලිකාරයන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් තමයි හැම දෙයක්ම රජයන් තීරණය කරන්නේ. දුප්පත් ජනතාවගේ ඡන්දයෙන් ඇවිත් ඉටුකරන්නෙම සල්ලිකාරයන්ගේ අවශ්‍යතාවයන්. මේකට ඉඩ නොතැබිය යුතුයි. ඒ වගකීම වෛද්‍ය සභාව වගේම ජනතාවත් සතුයි. මෙයට එරෙහිව පෙළගැසෙමු.
සයිටම් අර්බුදය සම්බන්ධව ජනපතිගේ විසඳුම පිළිගන්නේ නෑ - වෛද්‍ය සංගමය. ඔබ සමග අපිත් එකඟයි. ජීවිත පුදා හෝ රැකගමු...
කැක්කුම තියෙන්නේ කොට්ටේ නෙමෙයි ඔලුවේ. අපේ සරල ජනාධිපතිතුමා හරිම වෙනස්, මෙච්චර කල් කට්ටි පැන පැන ඉද්දී ගොඩක් අය හිතුවේ කොට්ටේ මාරුකරයි කියලා. නමුත් මාරුකරලා තියෙන්නේ කොට්ටේත් නෙමෙයි කොට්ට උරේ විතරයි. එක අතකින් ඔලුව මාරුකරන්න කියන්නේ නැතිව මෙහෙම කිව්වා එ්ක ගැන සතුටුවෙන්න ඕනෑ.
මම හිතුවේ මේ ඔක්කොම ප්‍රශ්න ඇති උනේ සයිටම් එකේ ප්‍රායෝගික සායනික පුහුණුවේ තියන අඩුපාඩුවක් නිසා කියලයි. බැලුවාම වෙන ප්‍රශ්නයක්නේ තිබිලා තියෙන්නේ. දැන් ඉතින් කවුරුවත් සයිටම් එකට විරුද්ධ වෙන එකක් නැහැ...
ජනාධිපතිතුමනි, අපට තවතවත් පෞද්ගලික අධ්‍යාපන ආයතන අවශ්‍යයි. ඕනේ තීරණය සාධාරණයි.
දැන් හරි පීල්ලට වැටුණා... රජයට පවරා ගන්නේ නැතුව පුද්ගලික ආයතනයක් හැටියට නියමිත ප්‍රමිතියකට ස්ථාවරව ඉදිරියට ගෙනයන්න.
මේ දේවල් නෙමෙයි කරන්න ඕනෙ... ඔච්චරටම රටේ දරුවන්ට ආදරේ නම් සයිටම් එක ආණ්ඩුවට අරගෙන රජයේ වෛද්‍ය රෝහලක් කරන්නනේ තියෙන්නේ... නිකන් බොරුවට කොටස් විකුණනවා, වැඩිපුර ශිෂ්‍යත්ව දෙනවා කිය කියා රටේ මිනිස්සුන්ව වටේ යවන්නේ නැතුව...
මේ තීරණය පිළිගත නොහැක. නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍යය විකුණාගෙන කන ජාවාරමක් බව අපට පැහැදිලි කරුණකි. ඉන්දියාවේ සෞඛ්‍යය ඉතා පිරිහීමකට පත්ව ඇත්තේ නියම ප්‍රමිතිය නොදන්න වෛද්‍යවරුන් බිහිවීම නිසා. මේ තාක් කල් අපේ රටේ සෞඛ්‍යය ලෝකේ අනෙකුත් රටවල් සමග බලද්දී සෑහෙන ඉහළ මට්ටමක පිහිටා තිබෙනවා. ඉදිරියට ඒ තත්ත්වය නැති වී යාමට ඉඩ දිය නොහැකියි. ජනාධිපතිතුමාගේ මේ තීරණය විශ්ව විද්‍යාල සිසුන් හා වෛද්‍යවරුන් රවටා සයිටම් දිගටම හොර උපාධි කඩයක් විදිහට පවත්වාගෙන යාමට අනුබල දීමකි.
සයිටම් ප්‍රමිතිය අඩු නම් කළයුත්තේ වෛද්‍ය සභාව විසින් ප්‍රමිතීන් නියමකර එසේ නියම කළ ප්‍රමිතිය අනුව කටයුතු කෙරෙන බවට වග බලා ගැනීම නොවේද? වෛද්‍යවරුන් හැකිතාක් අවශ්‍යවන මේ කාලයේ එවැන්නක් කරනු වෙනුවට වෛද්‍ය සභාව දොස්තර මාෆියාවට යට වී කටයුතු කරන එ්කනේ දැන් සිද්ද වෙන්නෙ. ප්‍රශ්නය වටේ යන්නේ නැතුව සෘජු තීරණයක් ගන්න කෙනෙක් රටේ නොමැති වීම අභාග්‍යයක්.
දෙන්නම ඉන්නේ බිම බලා ගෙන....
පෞද්ගලික අංශයට ආයෝජන කරන්න පුදුම ආදර්ශයක් දීල තියෙන්නේ...
අන්තරා අයගේ කට වැහෙවිද දැන්වත්?
මේක හරියට ඉසේ ඇම්මට කොට්ට මාරු කරනවා වගේ වැඩක්... කරන්න ඕන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන එක මිසක අයිතිය මාරු කරන එක නොවේ.
ඉල්ලීම් ඉල්ලන අයගේ ඉල්ලීම් නෙමේ... සයිටම් මුදලාලිගේ ඉල්ලීම් මේ ආණ්ඩුව ඉටු කරන්නේ ... කවද? මේ රවට්ටන්න හදන්නේ ..එකනේ මොලේ තියෙන මිනිස්සු රට දාලා යන්නේ ... ආණ්ඩුව හිතන්නේ මිනිස්සු මැට්ටෝ කියලා...
සුසිල් ඔයා අදද දන්නේ ජනාධිපතිතුමා නියම පීල්ලට වැටිලා ගොඩාක් කල් අපි නම් ඔය වාගේ තිරණයක් ලැබෙනවා කියලා දන්නවා අනික් වැඩ කරන කියන අනුව
සායනික පුහුණුව මදි කියන නිසා තමයි රෝහල රජයට ගත්තෙ, දැන් කියන්න බෑ අර ජාතියෙ , මේ ජාතියෙ ලෙඩ්ඩු නෑකියල, තනි අයිතිය නැති කරල මණ්ඩලයක් පත් කලේ, පුද්ගලික වෛද්‍ය විද්‍යාල පිලිගන්නවා කියන එකටයි.
අද ලංකාවේ ඇති නීතිය, ගණකාධිකරණ, කළමනාකරණය, ගෘහ නිර්මාණ ශිල්පී, ඉංජිනේරු ආදී ක්ෂේත්‍ර වලට උපාධි ප්‍රදානය කරන පුද්ගලික අංශයේ අනිකුත් සියලුම ආයතන වලත් ඒක පුද්ගල අයිතිය අහෝසි කිරීමට යෝජනා කරනවද? ඇයි මේ වෙනස සයිටම් ආයතනයට පමණක්? මේ යෝජනාවේ කිසිම හරයක් නැහැ. අද ලංකාවේ ප්‍රාථමික සහ ද්විතීය අධ්‍යාපනය රාජ්‍ය සහ පුද්ගලික ආයතන මගින් ගැටළුවකින් තොරව ලබා දෙනවා. එසේ නම්, තෘතීය අධ්‍යාපනයත් රාජ්‍ය සහ පුද්ගලික අංශ වලින් සැපයීමට කිසිම ගැටලුවකින් තොරව ඉඩ ලබා දිය යුතුයි.
නෙවිල් ප්‍රනාන්දු දොස්තර මහතා බේරා ගැනීමට කටයුතුකිරීම පිළිබඳව ජනපතිට ස්තුතියි!
සයිටම් කියන හොර උපාධි කඩේ මුදලාලිගේ කට දැන් හොඳටම වැඩියි... ඔය ජරාව අනිවාර්යෙන්ම ජනසතු කල යුතුයි...
SAITM එකේ උගන්වන අයගෙන් සෑහෙන ප්‍රමාණයක් රජයේ විශ්ව විද්‍යාලවල දැනටත් ඉන්න ආචාර්ය, මහාචාර්ය වරු නැත්නම් හිටිය ආචාර්ය, මහාචාර්යවරු. ඔවුන්ගෙන් රජයේ විශ්ව විද්‍යාලවලදී ඉගනගන වෛද්‍යවරු ලෙස වැඩ කරන වෛද්‍යවරු දහස් ගණනක් මේ රටේ ඉන්නවා. SAITM එකේදී ඔවුන් ඉගැන්නුවම ඒක හොර උපාදියක් වෙනවනම් ඔවුන්ගෙන් ඉගනගන දැනට වෛද්‍යවරු ලෙස වැඩකරන අයගේ උපාධියට කියන්න ඕනේ මොකක්ද? අර්ධ හොර උපාධියක් කියල කිවොත් හොඳයි කියලයි මගේ ටිකිරි මොලේට හිතෙන්නේ.