(රන්ජන් කස්තුරි)


සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීම සඳහා තවදුරටත් රජයට බලකිරීමේ අදහසින් මැයි මස 3 වැනිදා සහ 5 වැනිදා අතර එක්දින වර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය සැරසෙයි.


එම වර්ජනයට රජයෙන් සාධාරණ පිළිතුරක් නොලැබුණහොත් ලබන වෙසක් පෝයට පසුව අඛණ්ඩ වැඩ වර්ජනයකට සූදානම් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කරයි.


මෙම වර්ජනය සඳහා තවත් වෘත්තීය සමිති 200 කට ආසන්න සංඛ්‍යාවක් තමන්ට සහයෝගය දීමට සූදානම් බවද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.