(රංජන් කස්තුරි)
මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශයට පත් වී තිබෙන රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන්නැයි බලධාරින්ට බල කරන සිටින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සයිටම් ආයතනය සම්බන්ධයෙන් සිය ස්ථාවරය අප්‍රේල් මස 7 වැනි දින ප්‍රකාශයට පත් කළ අතර අද (15) දනයේ ද තවත් කරුණු සහිත මාධ්‍ය දැන්වීම් පළ කර තිබෙන බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දොස්තර මහත්තයෝ, අනුන්ගේ සාක්කුවල තියෙන මුදල් ගැන හොයන්න කලින් තම තමුන්ගෙ සාක්කු අසරණ ලෙඩ්ඩුන්ගේ සල්ලි වලින් පිරෙන විදිහ ගැන හිතන්න. ජනතාවගේ මුදලින් ඉගෙන ගෙන සෞඛ්‍ය සේවය අනිසි ලෙස යොදවන්න එපා....
මේ කොහෙන් ආපු කෙනෙක්ද? එහෙම නැත්නම් පොකට් එකට තට්ටු වෙයි කියලා බයෙන් ඉන්න දොස්තර කෙනෙක්ද? පෞද්ගලික බස්රථ කොන්දොස්තරලා මීට වැඩිය හොඳයි..
අද බහුතර සිවිල් සංවිධාන හා පුරවැසි බලය වැනි සංවිධාන යනු එන්.ජී.ඕ. වරුන්ය.ඔවුන්ගේ අරමුණ මුදල්ය.
මමනම් හිතන්නේ තාමත් ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අනවශ්‍ය බවයි. මොකද මම ඉන්න රටේ ඉන්න බොහෝ දොස්තර මහත්තයලාට වැඩ සිය දහස් ගුණයකින් අපේ දොස්තරලා හොදයි. AL s3 අරගෙන දොස්තරලා බිහිවෙන්න ගත්තොත් අපිටත් Mount Elizabeth හොස්පිටල් එකෙන් තමයි බෙහෙත් ගන්න වෙන්නේ....
ගමේ ගොඩේ ඉගෙනගෙන මහජන මුදල් වලින් යැපෙන නූගත් දොස්තවරුනි අන් අයට ඊර්ෂ්‍යා නොකර රටට සේවයක් කරන්න ඔබ සැම සදාකල් රටට ණයගැති. බුදුවරු වැනි දොස්තරවරු තාමත් අප රටේ ඉන්නවා. එවැනි අයට නිගා කරන්න එපා.
අනේ ඔය කතා නවත්තල ස්ට්‍රයික් එක කරන්නකො..
මේ ගොල්ලෝ කව්ද අප්පා ආණ්ඩුවට මේ විදියට ඕඩස් දෙන්න? හිටි ගමන් මාධ්‍ය සංදර්ශන දාල තමන් හරි නියම පොරවල් කියල පෙන්නන්න හදනවා. වර්ජන කරලා අසරණ ලෙඩ්ඩුන්ගේ බෙල්ල හිර කරලා තමයි පොරවල් කියල පෙන්නන්න හදන්නේ.හැබැයි ඕන දෙයක් කරන්න මෙදා පාර ඔබලා අඛණ්ඩ වැඩ වර්ජන වලට ගියොත් නම් මිනිසුන්ගෙන් "ගුටි කෑමට නියමිතයි"
ඔය වෛද්‍යවරුන් පුද්ගලික අංශයේ සේවය කිරීම ගැන ඉරිසියාවෙන්, කන් කෙඳිරි ගාන අයට කියන්නේ,... පුළුවන් නම් රජයට බලකර පුද්ගලික වෛද්‍ය සේවය තහනම් කරන්න. දවස් දෙකකින් ඔය කෙඳිරි ගාන අයම වැඳ වැටෙමින් කියයි... අනේ එහෙම කරන්න එපා කියලා. රජයේ රෝහල් වල පෝලිම් දෙගුණ, තෙගුණ වුණහම බලාගන්න තිබුණා රජය කොතරම් කපටි විදියට සෞඛය ක්ෂේත්රයට අවම ආයෝජනයක් සිදුකරමින්, පුද්ගලික අංශය හරහා විශාල හිඩැසක් පුරවන බව. බහුතරයක් අයට තියෙන්නේ ඉරිසියාව විතරයි. මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ...
මාෆියා දොස්තරවරු ඉන්න ලෝකේ තියන එකම රට ශ්‍රී ලංකාවයි. කොටි ත්‍රස්තවාදය නිමකලාට වෙද ත්‍රස්තවාදය තුරන් කිරීමට නොහැකිවී තිබීම ගැන වර්තමාන රජය ලජ්ජා විය යුතුයි. අසරණ රෝගීන්ගේ ජීවිත මුදල මත තීරණය වන පෞද්ගලික සෞඛ්‍ය සේවය තහනම් කිරීමට මේ රජය ක්‍රියා නොකිරීම ගැන ජනතාව ඉදිරියේදී තීන්දු ගනියි. මේ දොස්තර මාෆියා කාරයන්ගේ රැවටීම් වලට හසුවී සිටින විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව ඇතුළු මෝඩ ජනතාව ගැන කනගාටුයි. ශ්‍රී ලංකාව වැනි දුප්පත් රටකට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මෙන්ම පෞද්ගලික සෞඛ්‍ය සේවයද නොගැලපෙන බව මහපාරේ එක කරුණකට පමණක් උද්ඝෝෂණය කරන අනුවණයින් අවබෝධ කර ගත යුතුයි. මේ අය නොදැනම ධනපති දොස්තර මුදලාලිලාට කඩේ යන බව නොවැටහීම ගැන ඒ අයට, ඔවුන් අසනීප වුණ දිනෙක පමණක් අවබෝධ වනු ඇත.
රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය කොහොමද රජයට කියන්නේ මතය ඉදිරිපත් කරන්න කියල. එක අවශ්‍ය නම් ශ්‍රේෂ්ටාධිකරණය විසින් රජයට දැනුම් දේවි. මේ දොස්තරලා හිතාගෙන ඉන්නේ ඒ අය සර්වබලධාරියෝ කියලද?
මේ හොර දොස්තර මාෆියාව වහාම නැවැත්විය යුතුමේ අය රටට කරුමයක්.
මුන්ට රජ කරන්ට කියලා රජය බාරදුන්නොත් හොදයි,, ජනතාවගේ මුදලින් ඉගෙන ගෙන අසරණ ලෙඩ්ඩුන්ගෙන් පළි ගන්නවා,, මුන්ගේ පරම් පරාවටම හෙන ගහනවා,,