මාලබේ සයිටම්හි අධ්‍යාපනය ලබා පිටවන සිසුන් වෛද්‍ය වෘත්තිකයින් ලෙස ලියාපදිංචිය ප‍්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගෙන ඇති තීරණය අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එම විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරීන් දෙදෙනකු ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් වන වැඩිදුර විභාගය ලබන 29 වැනිදා පැවැත්වීමට අභියාචනාධිකරණය අද(24) නියෝග කළේය.
විජිත් මළල්ගොඩ සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් සලකා බැලිණි.
සයිටම් ආයතනයෙන් උපාධිය ලැබූ ශිෂ්‍යාවන් වන මල්ෂානි සුරවීරආරච්චි සහ දිලූම් කසුන්දා සූරියආරච්චි එම පෙත්සම් ගොනු කළහ.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව , මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) ,උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල එම අමාත්‍යාංශ ලේකම් ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පෙත්‍සම්‍කරුවන් කළයුත්‍තේ නීතිවිරෝධී ආයතනයක් ලබාදුන් උපාධියට පිළිගැනීමක් ඉල්‍ලීම නොවෙයි. සයිටම් ආයතනයෙන් වන්‍දි ඉල්‍ලා සිටීමයි. (නි)
මොන උසාවියෙන්ද දැන් මේ ආයතනය නීති විරෝධි කියල තීන්දු කළේ?(බ)