මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් (සයිටම්) අධ්‍යාපනය ලබා පිටවන සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෘත්තිකයින් ලෙස ලියාපදිංචි කරන ලෙස අභියාචනාධිකරණය අද (31) වෛද්‍ය සභාවට නියෝග කළේය.
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලැබූ සිසුන් දෙදෙනකු ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට ගනිමින් අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මළල්ගොඩ සහ එස්.තුරෙයිරාජා මහත්වරුන්ගෙන් යුත් විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබාදුන්නේය.
එහි උපාධිය ලැබූ මල්ෂානි සුරවීරආරච්චි සහ දිලුම් සූරියආරච්චි යන සිසුන් දෙදෙනා විසින් වෛද්‍ය සභාව, උසස් අධ්‍යාපන ඇමැති, උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් පෙත්සම ගොනු කරනු ලැබ තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සෞඛ්‍ය ඇමතිතුමාගේ ලොකු ලේලිත් සයිටම් යන්නේ. අපි බලමු එතුමා ඊළඟට ලෙඩ වුනාමත් සිග්නප්පුරු යාවිද ලේලිගෙන් බෙහෙත් ගනීවිද කියලා. (ම)
කොහේ ගිහින් ඉගෙන ගත්තත්, ඉගෙන ගන්නේ එකම ප්‍රමිතියට එකම දෙයනම්, නියමිත ප්‍රතිපත්ති, ක්‍රියාපිළිවෙත් අනුගමනය කරනවානම් දොස්තර කවුරු වුනත් වෙනසක් නැහැ නේ. (ම)
මෙහිදී පැහැදිලිව කිව යුතු එක කරුණක් ඇත.එනම් නොමිලේ අධ්‍යාපනය යනු නිදහස් අධ්‍යාපනයේ උපකුලකයක් මිස එවා සමකුලක නොවේ. එහෙත් මේ පුද්ගලික විශ්වවිද්‍යාලයේ ප්‍රමිතිය පිළිබඳ විශාල ගැටලුවක් ඇති බව ඔවුන්ගේ ඉල්ලීම් වලින්ම පෙනීයයි. රෝගී ජීවිත යනු අනෙකුත් කවර දෙයකටත් වඩා වැදගත් වන අතර එය පිළිබඳ තීරණ ගැනීමට අතිදක්ෂයන් සිටිය යුතු බව මගේ හැඟීමයි. (හේ)
හොද තීරණයක්! අඩුපාඩු හදල ප්‍රමිතියක් ඇතිව ඉදිරියට යයි කියල හිතනවා. අනෙක ඕනෑම ළමයෙක් ට ඉගෙන ගන්න නය පහසුකම් එහෙමත් දුන්න නම් හොදයි. දියුණු රටවල වෙන්නේ එහෙමයි. (ම)
සයිටම් එකේ සිසුනුත් රජයේ වෛද්‍ය විද්‍යාල සිසුනුත් එකම විභාගයට වාඩි කලානම් ප්‍රමිතිය පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැනේ ? රජයේ රෝහල් වලට වඩා බොහෝ පෞද්ගලික රෝහල වල සේවාවන් තත්වයෙන් උසස් බව අවිවාදයෙන් පිළිගත යුතුය , (ම)
ගොඩක් දේවල් මේ දේ නිසා ඔප්පු වුනා.(හේ)
සයිටම් එකේ නම කෑවේ සමරසේකර කියල ජේ එම් ඕ කාරයෙක්. එයත් රජයේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය උපාධිය ලබා ගත් එකෙක් (බ)
බොහෝ බටහිර රටවල කලක් වැඩකළ නර්ස් ලාටත් දොස්තර ලෙස කටයුතු කිරීමට ඉඩකඩ දී තියනවා.ලකුණු ඉහල අය ගැනීම ආසියාවේ ඇතැම් රටවලට පමණක් සීමාවු ක්‍රම්වේදයක්.ලකුණු අඩු අය ඇතැම් විට අර යට වඩා බුද්ධිමත් වෙන්න පුළුවන්.බටහිර රටවල ලකුණු වලට වඩා වෙනත් බාහිර ක්‍රියාකාරකම් නැතිනම් වෛද්‍ය විදුහල්වලට ඇතුළු කර ගන්නේ නැහැ.ලන්ඩන් වල මේ ක්‍රමය අනුගමනය කරනවා.දිනේෂ් කළුආරච්චි. (අ)
සහතික ඇත්ත රොමේෂ්.. අනුන්ගේ ප්‍රශ්නයකදී පටු විදියට හිතන එ්ක මිනිසාගේ පොදු ලක්ෂණයක්. ඒත් මේ කවුරුත් දන්නේ නෑ මේක හැමෝගෙම ප්‍රශ්නයක් කියල. යම් දවසක දැන ගනියි. ඒත් එදාට කිව්ව වගේ පරක්කු වැඩියි. (අ)
දැන් ඔබලා ඔප්පු කළයුතුයි ඔබලා දොස්තරලා වීමට සුදුසු බව ක්‍රියාවෙන්. ඒ වගේම අනෙක් අයටත් සමාජයටත් ආදර්ශයක් වෙමින් යම් වෙනස් දෙයක් කරන්න. එවිට ඔබලාට එරෙහිවුණ උදවියද ඔබට පසසනු ඇත. ඔබ සැමට සුභ ගමන්! (නි)
ඉතාමත්ම වැදගත් නඩු තීන්දුවක්. මෙවැනි පුද්ගලික ආයතන මීට අවුරුදු 40/50 ඉහතදී ආරම්භ කළා නම්, අදට වඩා ලංකාවේ විශාල උගත් පරපුරක් බිහිවීමට ඉඩ තිබුනා. ඊළඟට රජය අත ගැසිය යුත්තේ නවක වදය මහජන මුදලින් නඩත්තු වන ආයතන වලින් සහමුලින් අතුගා දැමීමටයි. (නි)
මට පේනවා ලංකාවේ අනාගතය. වෙළඳපොළේ වස විස කෑම බීම වැඩිවීම, කන බොන දේ සඳහා දැනටමත් එකතු කරන පෝමලින් වැනි දෑ වගේම වස මුසු ආහාර වෙළඳ පොළේ වැඩිවීම, හඳුනානොගත් රෝගීන් බහුලව දකින්නට ලැබීම වගේම රටේ වැඩි පිරිසක් උදේ වැඩට යනවා වෙනුවට කාඩ් එකත් අරගෙන ක්ලිනික් එකට බඩගෑම. (නි)
මගේ නැන්දගේ දුවත් සයිටම් මගේ අක්කගේ පුතත් සයිටම්. මම ඒ නිසා සතුටු වෙනවා. මොකද මටත් අනාගතේ ළමයෙක් යවන පුළුවන් ලකුණු මදි වුණත් (නි)
අපිට හරි දුකයි. මෙහෙම රටක් ලෝකෙම නැහැ (නි)
මෙතන අදහස් දැක්කම හිතෙන්නේ එක දරුවෙකුට ලක්ෂ 120 දීලා උගන්වන්න හැකියාව තිබෙන මිනිස්සු 95% ලංකාවේ ජිවත්වෙනවා කියලයි. (නි)
රටේ අසරණ කිසිවක් කරකියා ගන්න බැරි මිනිසුන්ට දෙවියන්ගේම පිහිටයි. බුදුන්ගේ සරණයි. වෙන මොනවා කියන්නද? (නි)
මේකත් හරියට රටම ණය කරලා දරු පරම්පරා 100 යක් ණය කරලා විශාල කුට්ටියක් කඩාගෙන හදපු මත්තල ගුවන් තොටුපොල වගේ. එදා මෙතන 95% දෙන සුබ පැතුවා. එ්ත් කිසිම කෙනෙක් මත්තලින් යන්න එන්න බයයි. (නි)
ඉතා ප්‍රායෝගික තීන්දුවක් (නි)
තව විද්‍යාල තුන හතරක් පටන්ගනිමු. (නි)
මට දැනෙන්නේ පුදුමාකාර සතුටක් (නි)
හැමෝම එකතුවෙලා නිදහස් අධ්‍යාපනය විකුණනවා. (නි)
කරුණාකරලා මේ තීන්දුවට හැමෝම හිස නමන්න (නි)
නිදහස් අධ්‍යාපනයේ මළගම! (නි)
මම නම් කියන්නේ ඕනෑම රටක ඕනෑම දෙයක තරඟයක් තියෙන්න ඕනෑ, පිළිගත්ත නීති රාමුවක් ඇතුළේ. එතකොට ඒ රට දියුණු වේවි. (නි)
විශිෂ්ඨ තීන්දුවක්.... ඊළඟට රජය කල යුත්තේ උසස්පෙළ සමත් ලකුණකින් දෙකකින් වෙෙද්‍ය විද්‍යලයට අැතුළුවෙන්න බැරි සමුර්ධිලාභි පවුල්වල දරුටන්ට මෙවැනි පුද්ගලික විශ්ව විද්‍යලවල අධ්‍යපනය ලැබීමට මහපොළවැනි ශිෂ්‍යත්ව ක්‍රමයක් අැතිකිරීමයි. (ම)
හරි ශෝකදිනයක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය ඉතිහාසයට. උගත් මහාචාර්ය වරුන්ගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලය මේ තීරණයට විරෝධය පා වහාම ඉල්ලා අස්විය යුතුයි. (ම)
මම නම් දැන් බෙහෙත් ගන්න ගියහම සයිටම්ද අහනවා. (ම)
අයියෝ රොමේශ්, ඔයා ඔය මෝඩ කතා කියන එක තාම නවත්තලා නැද්ද. (නි)
හැමදාමත් එකතැන පල්වෙන අධ්‍යපන ක්රමයේ අලුත් ගමනකට මෙය අාරම්භයක් .. තව තවත් මෙවැනි අායතන අාරම්භ කරන අතරේ, රජයේ පාසල්වල තත්වයද අන්තර්ජාතික මට්ටමට උසස්කල යුතුයි. යුතුයි.(ම)
ආත්මාර්ථකාමී කුහකයින්ට හොද පාඩමක්. ඉතා හොද අඩිකරණ තීන්දුවක්.කවදත් අපේ මිනිස්සු ඉහළට යන්න හදන අයට මග අහුරන ඵකමන කලේ (ම)
ඉතා හොඳ සාධාරණ තීන්දුවක් (නි)
ඉතාම සතුටුදායක ආරංචියක්. (ම)
මිට පස්සේ ඔක්කොම නඩු කාරයන්ව බෙහෙත් ගන්න යවන්න ඕනි සයිටම් එකෙන්එන දොස්තරලා ගාවට. නඩු කාරයෝ ටික මැරුනේ නැත්නම් අනිත් මිනිසුන්ටත් සයිටම් දොස්තරලගෙන් බෙහෙත් ගන්න පුළුවන්. (බ)
හොඳයි, ඉතාම හොද තීරණයක්. (බ)
රොමේෂ්, ටිකක් හිතලා බලන්න අපේ සල්ලි වලින් ඉගෙනගෙන චැනල් කරලා සල්ලි හම්බකරන දොස්තරලා, රෝගීන් උගසට තියාගෙන වැඩවර්ජන කරන දොස්තරලා හරියට මහජනතාව ගැන බලනවද? එහෙම එකේ ඔය කියන විදියට මැරෙන එක හොඳ නැද්ද දුක්විඳ විඳ වැඩවර්ජන කරන ඉස්පිරිතාල වල ඉන්නවට වඩා. (නි)
කාලෙකින් අහන්නට ලැබුණු ඉතා හොඳ තීන්දුවක් ! (බ)
මෙය ඉතා හොඳ තීරණයකි. ලංකාවෙන් පිටරට ඇදී යන විශාල ධනයක් ඉතිරිවෙි. මේවා නියාමනයට පියවර ගතයුතුයි. නිදහස් සුව සේවයට පෞද්ගලික රෝහල් වලට බලපෑම් කළ නොහැකිවා සේම මෙයින් නිදහස් අධ්‍යාපනයට හානියක් නොවීමට කටයුතු කළ හැක. කළ යුත්තේ එයයි (බ)
අභියාචනාධිකරණය ලබාදුන් හොඳ තීරණයක් (බ)
අවසානයේ ඇත්ත ජයගත්තා! (නි)
රොමේෂ්, ලංකාවේ වෛද්‍යවරුන්ගේ සංගමය කියන්නේ අපිට නම් මාෆියා කල්ලියක්. ලංකාවේ පෞද්ගලික රෝහල් ගැන රොමේෂ් දන්නෙම නැද්ද? (නි)
ඔබට සතුටුයිද දැන් !! (බ)
කරුණාපාල, ඔබතුමා ලංකාවේ කෙනෙක් නේද? ඔයාලා වගේ අය ඉන්න නිසයි මේ වගේ දේවල් නවත්තන්න බැරි. කරුණාකරලා දැනගෙන කතා කරන්න. තමන්ට විශ්ව විද්‍යාලයට යන්න බැරිවුණා කියලා තරහ පිටකරන්න එපා. අද මේ වුණ සිද්ධිය ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ අවසානය! (නි)
සයිටම් ආයතනය පමණක් නොවේ, සිසුන්ට වෛද්‍ය විද්‍යාව හදාරන්න පුළුවන් තව පෞද්ගලික විශ්වවිද්‍යාල රට තුල බිහි වෙන්න ඕනා. ඒ තුලින් මෙරට පවතින වෛද්‍ය මාෆියාව තුරන් කළ යුතුයි. ඒ වගේම රජයේ විශ්ව විද්‍යාල තුල විනය ඇති කිරීමට රජය පියවර ගත යුතුයි. විනය විරෝධී ක්‍රියාවල නිරතවෙන සිසුන්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කළ යුතුයි. (බ)
ජනහිත, මොන රටේද දොස්තර ඉගෙනගත් තැන හොයන්නේ? රොමේෂ්, ඔයා සයිටම් ගියාද එහි අධ්‍යාපනය තත්වය ගැන සහතික දෙන්න? නිකන් මෝඩ කතා කියන්න එපා. ඔයා වගේ මෝඩ කතා නිසා ලංකාවට රාගම නැති වුණා. වෙන රටවල් ඉස්සරහට ගියා. තරඟකාරී වුණාම තමයි ප්‍රමිතිය වැඩිවෙන්නේ. (නි)
අනේ, අපිට නම් දොස්තරලාගේ ගාන කියපුවාම තියන ලෙඩේ යටපත්වෙලා වෙන ලෙඩක් මතුවෙනවා. මෙතන අදහස් දමන සමහර ලෙඩුන්ට මම නම් කියන්නේ හවස් වරුවේ දොස්තර කෙනෙකු මුණගැසීමට අවශ්‍ය නම් හැකි ඉක්මනින් ගාන ගෙවා චැනල් සෙන්ටර් එකකට ගොඩවදින ලෙසයි. (නි)
මේකේ කමෙන්ට් දාන සමහරු සිංහල වේද මහත්තයලා ගාවට යන්නේත් උසස්පෙළට A 3ක් තියෙනවද බලලා මගේ හිතේ... (ර)
කුහකයින් පරාදයි. (නි)
බන්ධනාගාර රෝහලට සයිටම් වෛද්‍යවරු අනුයුක්ත කරණු.....! (ර)
අදහස් දාන අය ගැන දුකයි. කුහකත්වය උපරිමය..... තමන්ගෙ ළමයෙකුට ලකුනු අඩු වෙලා විශ්ව විද්‍යාලයට යන්න බැරිවුණ දවසට තේරෙයි.... (නි)
අපගේ සුබ පැතුම්! (නි)
රජයෙන් ඉගෙනගෙන මහජනතාවට සේවය කරන හැටි අපිට හොඳට පේනවා (නි)
ලැබිය යුතු සාධාරන තීන්දුව ලැබී ඇත. බොරු මඩ අදින් අවසන්වනු ඇත (බ)
ඉස්සර දොස්තරවරු දෙවිවරු වෙලා හිටියා. පස්සෙ දොස්තර කලු කඩ මුදලාලිලා උනා. මේ තීන්දුවෙන් පසුව දොස්තර කියන්නෙත් තවත් වෘතියක් පමනක් වේවි. ඉතා හොද තීන්දුවක්. (ර)
මටත් දොස්තර කෙනෙක් වෙන්න පුලුවන්. මහින්ද මාමට ජය වේවා. රෝගීන්ට අබ සරණයි (බ)
අවසානයේ නිවැරදි හා සාධාරණ තීන්දුව ලැබී ඇත . සයිටම් එකට විරුද්ධව මින්පසු උද්ඝෝෂණ හා කලබල කලොත් එය අධිකරණ තීන්දුවට විරුද්ධව කරන අරගල ලෙස සලකා ඒ සියලු දෙනාටම නීතියෙන් දඬුවම් කිරීමට පියවර ගැනීමට බලධාරීන්ට කොන්දක් තියේවිද කියන එක තමයි ප්රශ්නය ? (ර)
සුබ පැතුම් ! (බ)
ලෝයර්ස් ,විනිසුරු තුමන් ලා බෙහෙත් ගන්න යවන්න ඕනේ සයිටම් එකට. අඩුම ගානේ වෛද්‍ය සභාව ඉල්ලපු අනිවාර්ය වෙනස්කම් ටිකවත් කරන්න සයිටම් එකට නියෝග කළා නම් සැනසෙන්න තිබුන.දැන් ඉතින් බෙහෙත් ගන්න යනකොට දොස්තර සයිටම් ද කියලත් හොයන්න වෙනවා (බ)
දැන් අර සමහරු ඉල්ලා අස්වෙයිද කී ලෙසටම? (නි)
වෛද්‍ය සංගමය, ජේවීපී එක දැන් මොනවා කරයිද දන්නෙ නැහැ නේද? (නි)
නිදහස් අධ්‍යාපනයට දෙවි පිහිටයි. (බ)
ඉඳුනිල් අන්තෝනි තිලක්-ඩුබායි රොමේෂ් අමල් සරත් ඔයාලගේ කමේන්ට්ස් කියෙව්වම ඔයාලගේ දැනුම ගැන තේරෙනවා. මොනම තැනෙක හරි ගුණාත්මය නැත්නම් පවතින රජය එ්ගැන කටයුතු කලයුතුයි. රජයක් පත් කරන්නේ රටක් පාලනය කරන්න, පාලම් බෝක්කු විවෘත කරන්න නෙමේ. රටක් දියුණුවෙන්න පුද්ගලික අංශයක් අවශ්‍යයි, ඒවායේ ගුණාත්මය රජය පාලනය කලයුතුයි. ඔයාලට ඉංග්‍රීසි පුලුවන්නම් ඉන්ටෙර්නෙට් එකෙන් දියුණු රටවල වෙන්නේ කොහොමද බලන්න. (අ)
ඉතාමත් සන්තෝසයි වෛද්‍යවරු වීමට කැමති , ඒ සදහා කැපවිය හැකි සෑම අයෙකුටම ඒ සදහා දොර විවර විය යුතුයි උසස් පෙළ එකම කඩයිම හෝ සුදුසුකම නොවිය යුතුයි .ඔස්ට්‍රේලියාවේ මෙන් , අවශ්‍ය කාලසීමාව සම්පුර්ණ කිරීමෙන් පසු හෙදියන්ට , ෆාර්මසි වෘත්තිකයන්ටත් වෛද්‍යවරයෙක් වීම සදහා දොර විවර විය යුතුයි .(බ)
රටේ ජනතාව ටිකෙන් ටික වෛද්‍ය වරුන්ගේ සහ වෛද්‍ය සිසුන්ගේ මාෆියාවට විරුධව පෙළ ගැහෙන බව පෙනෙනවා , බොහෝ දෙනෙකු අධිකරණ තීන්දුව අනුමත කරන බව පෙනෙනවා , කරුණාකර කොළඹ ප්‍රසිද්ධ පාරවල් අවහිර කරමින් ජනතාව පිඩනයට පත් කරන පෙළපාලි නවත්වන්න කටයුතු කරන්න. (ර)
ඉතා හොඳ තීරණයක් (බ)
අපි නම් කැමතියි සයිටම් දොස්තරලගෙන් බෙහෙත් ගන්න. (ම)
ලෝකයේ පළමු රෝද දෙකේ ට්රැක්ටරය සොයා ගත්තේ කටු බැද්ද තාක්ෂණ ආයතනයේ රවී විජේවර්දන නැමැත්තෙක්. (ර)
අප්පුහාමි උන්නැහේගේ කටේ මසුරන් දාන්න වටිනවා. (ර)
උණුසුම් සුභ පැතුම් (බ)
ලැබිය යුතු සාධාරණ තීන්දුව ලැබී ඇත. බොරු මඩ අදින් අවසන්වනු ඇත. අපගේ සුබ පැතුම් වෛද්‍යවරු වීමට කැමති , ඒ සදහා කැපවිය හැකි සෑම අයකුටම ඒ සදහා දොර විවර විය යුතුයි උසස් පෙළ එකම කඩයිම හෝ සුදුසුකම නොවිය යුතුයි . (ම)
මතක තියාගන්න ඕගොල්ලො පැන්නෙ අමාරුම කඩුල්ලක්, ඒ හින්ද කැපවෙලා රෝගින්ට ප්‍රතිකාර කරන්න, චැනල් කිරීම නවත්වන්නත් පෙරමුණ ගන්න. (ම)
ගෘහ විද්‍යාව කරලත් දැන් වෛද්‍යවරයෙක් වෙන්න දැන් පුලුවන්.(ම)
විදේශ රටවල් වල පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජය මගින් හා අදාල පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ විශේෂ විද්වත් මණඩලයක් විසින් නිරීක්ෂණය කරනවා නිරතුරුවම. ඒ එහි ගුණාත්මක භාවය අඛණ්ඩව පවත්වා ගන්න. (ම)
නිදහස් අධ්‍යාපනයේ මළ ගම සනිටුවහන් විය.(ම)
මොකක්ද මේ නිදහස් අධ්‍යාපනය පිරිසකට පමණක් සීමා කල නොමිලයේ ජනතාවගේ මුදලින් දෙන සීමිත අධ්‍යාපනයද? (ම)
සයිටම් එකේ ළමයි වෙන මහන්සිය දන්නේ එයාලගේ දෙමව්පියෝ විතරයි. ඒ ළමයින්ට මොන තරම් මඩ ගැහුවද. කිසි කෙනෙක් සයිටම් එකට ගිහින් හොයා නොබලා කරන බොරු ප්‍රචාර පිළිගත්තා. මම රජයේ සේවයේ හිටපු පේරාදෙණියේ ජීව විද්‍යාව උපාධිය ගත්ත කෙනෙක්. අපිත් හරි අමාරුවෙන් තමයි අපේ දරුවාව උගන්නන්නේ. ඒ ළමයට වෛද්‍ය විද්‍යාලයට යන්න දශම දෙකයි මදි වුනේ. කොළඹින්. ඊට වඩා අඩු සුදුසුකම් වලට රාජ්‍ය වෛද්‍ය විද්‍යාලවලට යන අය කොච්චරද. (බ)
දුෂ්කර පළාත් වලින් එස් 3 අරගන වෛද්‍ය විද්‍යාලයට එන අයගෙන් සහ රුසියාවේ වගේ රටවල වෛද්‍ය විද්‍යාලවල ඉගෙන ගත්ත අයගෙන් අපිට බෙහෙත් ගන්ඩ පුලුවන්නම් ඇයි සයිටම් එකේ අයගෙන් බෙහෙත් ගන්න බැරි. ඉස්සර රාගම ළමයින්ටත් ජවිපෙ ඇතුළු අනික් කාලකන්නි විශ්ව විද්‍යාල ශිෂ්‍යින් කිව්වේ ඔය විදියට තමා (බ)
හොද තීරණයක් තමන්ගේ වියදමින් මහන්සිවෙලා ඉගෙනගන්න අයට කොයිතරම් අසාධාරණයක් ද වුනේ (බ)
ලංකා අධිකරණයේ හොදම තීරණය මේක කියලයි මට හිතෙන්නේ. අපි වනචර කමින් මිදෙන්න ඕන ලෙඩා ඕන හොද දොස්තරව තීරණය කරන්න. දොස්තරට බැහැ ඒක කරන්න. (බ)
සයිටම් දොස්තරලගෙන් පළමු දිනයේම බෙහෙත් පෙත්තක් ලබා ගැනීමේ අනගි අවස්ථාව මේ විනිසුරුතුමන්ලාටයි, නීතිඥ මහත්තුරුන්ටයි, මෙතන සයිටම් එකට කඩේ ගිය නෝනලා මහත්තුරුන්ටයි ලැබේවා. තමන්ගේ පණට ආදරේ තියෙන මනුස්සයෙක්නම් මුන්ගෙන් බෙහෙත්ගන්න යන්න හොඳ නැහැ ගෙදර පණ ගිහින් මළත්. (බ)
නිසි නියාමනයකින් යුතුව පවත්වාගෙන යායුතුමයි. ලැබිය යුතු තින්දුවක් (බ)
සතුටු වෙන්න ඕනේ තීරණයක් සයිටම් ආයතනය ප්‍රමිතියෙන් යුතු එකක් නම්. (ම)
ඉතා හොඳ සාධාරණ ප්රජාතන්ත්රවාදී තීරණයක්. (බ)
සුබ පැතුම්...! (ර)
උණුසුම් සුබ පැතුම් කුහකයින් තක්කඩින් ඩෙුන් බිලිගන්න ප්‍රාණ ඇපකරුවන් ලැබූ අන්ත පරාජයක්. සත්‍ය ජයගනී ජයවේවා (බ)
දැන් සල්ලිතියන ඕනෑම කෙනෙකුට දොස්තරලා වෙන්ඩ පුලුවන්ද ? (ර)
ලංකාවේ ජනතාවට දෙවි පිහිටයි දැන් ඉතින් ඕනෙම සල්ලි තෙයෙන මෝඩයෙකුට දොස්තර කෙනෙක් වෙන පුළුවන්. (ර)
මේක මගේ ප්‍රාර්ථනාවක්. මමත් නවක වදය නිසා නතර වුණු පළමු වසරට ඇතුල් වුණු සරසවි සිසුවෙක්. මගේ අම්ම එදා දුක් වුණා. ජ වී පෙ ට හොඳ වැඩේ. (බ)
අධ්‍යාපනයට තියෙන අයිතිය ජයගත් මොහොතක් ගැන අපි සියලු දෙනාටම සතුටුවිය හැකියි. (ර)
අමල් , අට පාස් නැති උදවියට සය්ටම් එකෙන් දොස්තර කෙනෙක් වෙන්න බැහැ. ඒ නිසා වැඩිය සතුටු වෙන්න එපා. (බ)
දුමින්ද මහත්තයෝ, ඔය කියන බන්ධනාගාර රෝහලේ හොඳට ඉන්න නිරෝගී අයවත් දැනටමත් ලෙඩ්ඩු කරලා තියෙන්නේ කවුද කියලා හොයා බැලුවොත් හොඳයි. (ර)
ලංකාව ඉවරයි අනේ මන්දා මෙහෙම තීරණයක් (බ)
හොඳ තීන්දුවක් (බ)
කුරුප්පු, දැන් නිදහස් අධ්‍යාපනය නැති වන්නේ මේක නිසාද? එතකොට පරිගණක, ඉංජිනේරු , කළමනාකරණ ආදී උපාධි ප්‍රධානය කරන ආයතන නිසා එහෙම වෙන්නේ නෙද්ද? (බ)
කුහකයින්ට කදිම පිළිතුරක් ගරු අධිකරණයට ප්‍රණාමය (බ)
උසස් පෙළ එස් තුනේ වෛද්‍ය වරුන්ගෙන් අපටත් බෙහෙත් ගන්න ඔන්න අවස්ථාව ලැබුනා. (අ)
සයිටම් කැම්පස් එකේ ලෝ ෆැකල්ටි එකකුත් දාමු අපි. (බ)
මටත් දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්....මටත් දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්...නිදහස් අධ්‍යාපනයට දෙවි පිහිටයි. (බ)
රජයේ රෝහලකින් බෙහෙත් ගත්ත අය දන්නවා රජයේ දොස්තරලා ලෙඩ්ඩුන්ට සලකන විදිය (බ)
නිදහස් අධ්‍යාපනයට දෙවි පිහිටයි (බ)
නිදහස් අධ්‍යාපනයෙන් ගිය අය කරන චැනල් සේවය සාධාරණ වගේ මේගොල්ලෝ කතා කරන්නේ . අද රටේ ඕනෙම විෂයකට ටියුෂන් තියන නිසා මේ අයටත් මේ අවස්ථාව දුන්නම මොකෝ (බ)
ඉතාමත් සන්තෝසයි.රටේ අනාගතය හොඳ දිසාවට ගමන්කිරිම සදහා දෙන ලද අභීත තීන්දුවක් !! (බ)
අමල් ඔයා කියන්නේ දැන් රෝගීන්ට හොඳයි ද? උසාවිය දුන්න නියම ඕඩර් එක නිකන් කහින්නේ නැතිව ඉන්න (බ)
මෙය කලකින් ඇසුණු හරිම සාධාරණ නඩු තීන්දුවක්. විය යුතුව තිබූ දෙයක්. මමත් නිදහස් අධ්‍යාපනය තුලින් මහාචාර්ය ධුරය තෙක් ගිය කෙනෙක්. මෙයින් අධ්‍යාපනය සැමට සමානව ලබා ගැනීමට ඉඩ ලැබේ. මගේ රටට සෙතක්ම වේවා! (බ)
ඔය විනිශ්චයකාරයෝ දෙන්නය්, ළමය ටිකයි සයිටම් අයගෙන්ම බෙහෙත් ගන්න යවන්න.....(බ)
කුරුප්පු, මෙවැනි දේ වලින් නිදහස් අධ්‍යාපනය විනාශ වෙන්නේ නැහැ.මේකෙන් වෙන්නේ වැඩි ලකුණු ගත්තත් විශ්වවිද්‍යාලයට යන්න බැරිවුණු අහිංසක ළමයින්ට සල්ලි දීල හරි තමන් කැමති මාර්ගයේ යන්න පුළුවන් වෙනවා. කුහක වෙන්න එපා. හැම ළමයම තමන්ගේ ළමයෙක් ලෙස සලකන්න පුරුදු වෙන්න (බ)
අනේ අහිංසක රෝගීන්ට මොන බෙහෙත්ද , උසස් පෙළ මම එෆ් තුනයි. මටත් ඩොක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් (බ)
අවමය සපුරා නැතිව දුන්න අවම තීන්දුවක් (බ)
ඉතාමත් සතුටුයි .පිටරට උපාධි අරගෙන ඇවිල්ලා මෙහෙ ලියාපදිංචි වෙන්න පුලුවන් නං , ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල වලින් එන අයට බැරි ඇයි . ජයවේවා ! (බ)
විශිෂ්ට පුවතක් (බ)
කොන්දොස්තර සහ දොස්තර සමාන විය , (ම)
මමත් දොස්තර කෙනෙක්, මම නම් ඉතාම සතුටු වෙනවා. දැන් උසස් පෙළ සාමාන්‍ය විදියට පමණක් සමත් වුන මගේ පුතාටත් බයක් නැතුව දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්. මටත් රජයේ නිවාඩු සහ රාත්‍රී සේවා කිරීමට සිද්ද වෙලා තියෙන, අඩු වැටුපක් ලැබෙන රජයේ රැකියාවෙන් අස්වෙලා සයිටම් එකට හොඳ පඩියකට යන්න පුළුවන්, සති අන්ත , රාත්‍රී සේවා මුර ඇත්තෙත් නෑ. උත්තරීතර අධිකරණයට ජය වේවා .(බ)
88/89...මතක් වුණා. ධවල පත්‍රිකාව. රාගම ...වෙනුවෙන් කීදෙනෙක් මැරුණද. එදත් කොළ පාට. (බ)
ඔවි අමල් උත්සාහ කරල බලන්න. සල්ලි තිබුණට වෙෙද්‍යවරයෙක් වෙන්න බැහැ.හිතන්න එපා මේ සයිටම් එකේ ඉගෙන ගන්නෙ අමු මෝඩයෝ කියල. (බ)
නියමයි. සුබ පැතුම් (බ)
මම මොරටුවෙන් ඉංජිනේරු උපාධිය ලබාගත් කෙනෙක්. මේක මට හොඳ ප්‍රවෘත්තියක් (බ)
ඔය කොහේ ගියත් අන්තිමට මහා රෝහලෙන් අපේ රටේ දොස්තරගෙන් බෙහෙත් ගන්න වෙනවා. දැන්. වෙද ඇමති තුමත් බෙහෙත් ගන්නේ සින්ගප්පූරුවෙන් (බ)
මෙහි ඇති වැරදි තියෙනවනම් ඒවා සාදා ගැනීමට උදව් කර මෙය තව තවත් දියුණු කළ යුතුයි යන්න මගේ අදහස... කොහොම නමුත් හොඳ තීරණයක් (බ)
පාට කන්නාඩි ගලවල බලන්නන් සදහාය, සයිටම් එකේ දොස්තරලා වෙන්න ඉගෙන ගන්න නිසි අධ්‍යාපන සුදුසුකමක් ඕන නැහැ. ලක්ෂ 120 ක්, එහෙම නැත්නම් එක්කෝටි විසි ලක්ෂයක් සල්ලි තිබුනහම ඇති, ආණ්ඩුවේ ඉන්න ඇමති බිරින්දෑවරු කීප දෙනෙක්ම සය්ටම් එකේ දොස්තරලා වෙන්න ඉගෙනගන්නවා ඕ ලෙවල් සහතිකයක් විතරක් අතේ තියාගෙන. මීට පෙර උතුරු කොළඹ තිබුන පෞද්ගලික වෛද්‍ය විදුහල තරුණ (තිරිමාවිතානලා වගේ) සිසුන් ජීවිත පරිත්‍යාගයෙන් රැක ගත්තත් මේ වතාවේ ආණ්ඩුවත් මිලට ගන්න නෙවිල්ගෙන් වෛද්‍ය රැකගන්න සිසුන් අසමත් වුවා (බ)
අඩු ගානේ පිටරටවලට යන විදේශ විනිමය ඉතිරි වෙන එකවත් මේ විප්ලව කරන ගොන් හරකුන්ට තේරෙන්නේ නැති එකනේ වැඩේ හොද තීරණයක් උණුසුම් සුබපැතුම් (බ)
කුරුප්පු මහත්තයෝ අපි නිදහස් අධ්‍යාපනේ.. නිදහස් අධ්‍යාපනේ.. කිව්වට එහෙම දෙයක් අද තියෙනවද? (බ)
කුහකයන්ට පාඩමක් (බ)
කවුරැත් දැන් රට යන එකක් නෑ බෙහෙත් ගන්න.සයිටම් දොස්තරලාත් ඉන්නවනේ (ම)
ඔබ සැමට මරණින් බේරීම සදහා අධිකරණයේ පිහිට පැතිය හැක. අනාගතය ගැන විශ්වාසයක් නැති නිසා වෛද්‍ය වරුන් තම හැදුනුම් පතෙහි උපාධිය ගත් තැන ලොකු අකුරින් සදහන් කිරීමට කටයුතු කලොත් යෙහෙකි.. (ම)
චන්දන මහත්මයාණනි, සමාජයේ බොරුව වපුරන්න එපා. සාමාන්‍ය පෙළ පමණක් සමත් වෙලා මෙම ආයතනයේ ඉගෙන ගන්න සිසුවෙක් සිටි නම් කරුණාකර හෙළි කරන්න.ඔබල දන්නා තරම ගැනේ දුක් වෙනවා හැරෙන්න කරන්න දෙයක් නැහැ. (ම)
ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය වනසලා දේශපලුවන්ගේ දරුවන්ටයි බිස්නස් කාරයොන්ගේ දරුවන්ටයි දොස්තරලා වෙන්න සල්ලි බලේට දීලා දුප්පත් අහිංසක දක්ෂ දරුවන් දුප්පතුන්ම කරවන වැඩක් මේක (ම)
දියුණු රටවල විශ්වවිද්‍යල සමඟ සම්බන්ධ වෙමින් ඉතාමත් උසස් ප්‍රමිතියෙන් යුත් පුද්ගලික විශ්ව විද්‍යල මේ රටතුල තවතවත් බිහිකරමින් විදේස් සිසුන්ට මේ රටට පැමිණ අධ්‍යපනය ලැබීමට අවස්ථාව අැතිකර එයින් ලැබෙන අාදායමෙන් අපේ රටේ ලමයින්ට නොමිලේ අධ්‍යපනය ලබාදීම තව තවත් පුළුල් කිරීමේ වැඩපිළිවෙලක් අැති කළ යුතුයි. (ම)
ගරු, අභියාචනා අධිකරණයට අපගේ ප්‍රණාමය!!! (ම)
ඉතාම සතුටුයි! ලංකාව අයෙත් මුළු ලෝකයටම ආදර්ශයක් දුන්නා. ඇමෙරිකාව, ජපානය, එංගලන්තය වගේ රටවල් තාම ඉන්නේ ගල් යුගේ. උන්ගේ පෞද්ගලික වෛද්‍ය පීඨ වල ඉන්නේ ලංකාවේ කුහක දොස්තරලද කොහෙද. එහේ පෞද්ගලික වෛදය පීඨ වලට යන්න රජයේ විභාගයෙන් ඉහලම ලකුණු ගන්න ඕන (රජයේ විශ්ව විද්‍යාල වලටත් වැඩිය) දැන් අපිටත් ළමයි උසස්පෙළට මරවන්නේ නැතුව සී2 එස් 1 න් වෛද්‍යවරයෙක් කරන්න පුළුවන්. (ම)
මේ විනිසුරුවරුන් සයිටම් දොස්තරවරුන්ගෙන් බෙහෙත් ගත්ත දවසට තේරේවි ඔවුන් කරේ කොතරම් ලොකු වරදක් ද කියල. (ම)
නිදහස් අධ්‍යාපනයේ මළ ගම සනිටුවහන් විය.(ම)
දැන් ඉතින් ඕනි ගොනෙකුට දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්......(බ)
හොද තීන්දුවක්.(හේ)
මෙය උසාවි තීරණයක් නිසාම ඇපෑලක් ඉදිරිපත් කිරීමට තවම ඉඩ තියෙනවා . එය එසේ සිදුවේවි. තව ටිකක් බලමු. (ම)
ඉතාම සතුටුදායක ආරංචියක්. (ම)
සිංහල වෙද මහත්වරුන්ට මිනිසුන්ගේ ශරීර කොටස් ශල්‍යකර්ම වලට භාජනය කරන්න නීතිමය අවසරයක් නැහැ. ඒකටත් එක්ක තමයි වෛද්‍යවරයෙක් වෙන්න ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ගන්න ඕන කියන්නේ. ප්‍රයෝගික පුහුණුව නොලද සයිටම්කාරයෙක්ට කියල ඔලුවට ශල්‍යකර්මයක් කරගත්තනම් මොලේ පෑදෙයි. අපේ රටේ ගොඩක් මිනිස්සු සමාජය ගැන හිතන්නේ පටුවිදිහට. බලන්නේ දේශපාලනික කෝණයෙන්. නමුත් තමන්ට බලපාන දෙයකදී හොඳම දේ තෝරලා තමයි ගන්නේ. මෙතන අදහස් කොටන ගොඩක් උදවියට සයිටම්කාරයෝන්ගෙන් බෙහෙත්ගන්න බයයි. එක බෙහෙත් පෙත්තක් ඇති ජීවිතයක් නැතිවෙන්න. එදාට ගොඩක් අය අඬයි. නමුත් පරක්කු වැඩියි.(හේ)
කුහකයන්ට පාඩමක් උගන්වා මෙරටේ වැදගත් මැති ඇමති ව්‍යපාරික එක්කෝටි විසි ලක්ෂයක් සල්ලි ඇති දරුවන් බිරින්දෑවරුන් දොස්තරලා කර බෙහෙත් ගන්න මේ කමෙන්ට් සියලු සත්වයන්ට හේතුවාසන වේවා... උණුසුම් සුභ පැතුම් ... (ම)
ගොඩක් මිනිස්සුන්ගේ අදහස් දැක්කම රටේ අනාගතය ගැන බයක් දැනෙන්නේ. මේ අය රජයේ වෛද්‍යවරුන්ව මට්ටුකරන්න හිතන් තමයි සයිටම් ඒකට කඩේ යන්නේ. සයිටම් එකෙන් හොඳ වෛද්‍යවරුන් බිහිවෙනවා නම් හොඳයි. එත් වෙන්නේ ප්‍රයෝගික පුහුණුවවත් නොලත් නාමික දොස්තරලා ටිකක් එළියට එන එක විතරයි. මේකේ දක්ෂයෝ ඇති. කොළඹින් දශමගානක් මදිවෙලා මෙඩි යන්න බැරිවුන අයවගේම උසස්පෙළ අසමත් අයත් ඉන්නවා. බඳවා ගැනීමේ සිටම ප්‍රමිතියක් නැහැ කියන්නේ ඒකයි. එහෙම ප්‍රමිතියකට කරනවා නම් කවුරුත් අකමැති වෙන්නෙත් නැහැ. දොස්තරවරු කියන්නේ සමාජය සුවපත් කරනා අයමිසක් ලෙඩ වැඩි කරන අය නෙමෙයි.(හේ)
මේක අභියාචනාධිකරණ තීන්දුවක්. (ම)