(තරිඳු ජයවර්ධන)
පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සහ සයිටම් ආයතනය විධිමත් කිරිම සම්බන්ධයෙන් රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කරන තෙක් නවක සිසුන් බඳවා ගැනිම අත්හිටුවන්නැයි සයිටම් ආයතනයෙන් රජය ඉල්ලීමක් කර තිබේ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා රජය මෙම ඉල්ලීම කර තිබේ.
මේ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් මේ සතියේ බලාපොරොත්තු වන බව රජයේ ප්‍රකාශකයෙක් කීවේය.
සයිටම් ආයතනය ඇතුළු වෛද්‍ය අධ්‍යාපනයට ආයෝජනය කරන ආයතන කොළඔ කොටස් වෙළඳපොළේ ලැයිස්තු ගත කිරීම, මෙම ආයතනවල අධ්‍යාපනය හා පරිපාලනය ඉහළ ප්‍රමිතියකින් පවත්වාගෙන යෑම සඳහා පාලක මණ්ඩල පත් කිරිම, නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගෙන ශික්ෂණ රෝහලක් බවට පත් කිරිම, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩි කිරිම ඇතුළු පියවර රැසක් ක්‍රියාත්මක කිරිමට රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයක් ගෙන ඇති බවත් ඒ සඳහා යම් කාල සීමාවක් අවශ්‍ය බවත් එම ප්‍රකාශකයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ද කෙළින් ආණ්ඩුවක් වැඩ කරන්නැතිනම් ඉතින් මොනවද හරියට කරන්න පුළුවන්?
හොඳ වැඩක් ප්‍රමිතිගතව පවත්වාගෙන යායුතුය.
මේ ආණ්ඩුව මේ ප්‍රශ්නෙට විසඳුම් දෙන්නේ බොහොම හෙමින්... මොනවද මේ බඳවාගැනීම් නවත්තන්න ඉල්ලීම් කරන්නේ.... කියන්න නවත්තන්න කියලා මේක ජාතික ප්‍රශ්නයක් වෙලා තියෙන වෙලාවේ...
මොන වෛද්‍ය විද්‍යාලද ගැනද මේ කියන්නේ ...මේවාද රටට අවශ්‍ය?
රජය දැන් ට්‍රැක් එකට වැටීගෙන එන එක සතුටට කරුණක්. කෙසේ හෝ මෙරට අධ්‍යාපනය දියුණු කිරීමට ප්‍රමිතියක් ඇතුව රජය සහ පෞද්ගලික යන අංශ දෙකම කටයුතු කළ යුතුයි. රජයට පමණක් අධ්‍යාපනයේ බර අදින්න බැහැ. රජය පමණක් අධ්‍යාපනය හසුරවන්න ගියොත් උගතුන්ගේ ප්‍රමාණය ඉතාම පහළ බසීවී. උසස් පෙළ සමතුන් කී දාහකට රජයේ සරසවි වරම් වසරකට අහිමි වෙනවද? සමාජ වාදය ප්‍රායෝගිකව අත්හදා බැලූ රටවල්වන රුසියාව සහ චීනයේ පවා පෞද්ගලික විශ්ව විද්‍යාල තියනවා නම් අපේ රටට තිබුණහම මොකෝ වෙන්නේ? සුදුසුකම් තියෙන දුප්පත් දරුවන්ට රජයෙන් ආපසු අය කරගැනීමට(රැකියාවක් කරන විට) ණය මුදලක් ලෙස හෝ අධ්‍යාපන වියදම් ලබා දී ඔවුන්ව උගතුන් බවට පත් කල යුතුයි. බොහෝ බටහිර රටවල මේ ක්‍රමය ක්‍රියාත්මකයි.
ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ තවත් එක් ප්‍රාන්තයක්.... ඉන්දියන් දොස්තරලා සමග සිංහලකම් පැත්තකට දමා ඉන්දියානුවන් ලෙස අපි ලෝකය ඉදිරියට යා යුතු කාලය පැමිණ තිබේ..
මේ රටට කිසිම අධ්‍යාපන ආයතනයක අවශ්‍යතාවයක් නැත. ඒ වියදම් කරන මුදලින් ජනතාවට නොමිලේ කෑම සපයා පිටරට වෘත්තිකයින්ගෙන් සේවය ලබා ගැනීම රටට හිතකරයි. එට්කා ගිවිසුම හරහා ඉන්දියානුවන් මෙරටට ගෙන්වා,... වෛද්‍ය ක්ෂේත්රය ඇතුළු සියලුම ක්ෂේත්රවල පුරප්පාඩු පිරවිය හැකියි.
මම නම් මේ රටේ තරුණ ළමයින්ට කියන්නේ,... සතුටින් ජීවත් වෙන්න ඕනා නම් වෙන රටකට ගිහින් එහේ ඉගෙන ගෙන ඒ රටවලට වෙලා සතුටින් ජීවත් වෙන්න.. මනුෂ්‍යයින් අතර වෙනස ඔබට අත්දැකීමෙන් ඉගෙන ගත හැකිවෙයි. නූගතුන්ගෙන් පිරි බහුතරය වඳ වෙන දවස වැඩි ඈතක නැහැ.
වෙන කිසිවක් ආනයනය කිරීමට රජය තවම පියවරක් ගෙන නැද්ද?