සයිටම් ආයතනය උපාධි පිරිනමන වෛද්‍ය ආයතනයක් ලෙස පිළිගනිමින් උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට විරෝධය පළකරමින් ලබන සිකුරාදා(05) වැඩවර්ජනයක් කරන බවට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය අනතුරු අඟවා ඇතැයි ලංගම ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව පවසයි.
ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිකිරීමට බලවත් අමාත්‍යවරයකු ගන්නා උත්සහය ප්‍රතික්ෂේප කරන බව එම එකමුතුව පවසයි. මෙමගින් රාජ්‍ය විශ්ව විද්‍යාල කඩාකප්පල් වනු ඇතැයිද එම එකමුතුව පෙන්වා දෙයි.
සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ මහ ලේකම් සේපාල ලියනගේ මහතා පැවසුවේ බස් රියදුරකු හෝ බස් කොන්දොස්තරවරුන් මෙන් වෛද්‍යවරු බිහි කළ නොහැකි බවයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග එක්වීමට හේතුවත් මෙය බව ඒ මහතා ප්‍රකාශ කරයි.
COMMENTS
තාම හිතාගන්න බැහැ ඇයි ආණ්ඩුව මෙච්චර මෝඩ කියල. සුළු ධනවතු ගොල්ලකගේ ළමයින්ව සහ දේශපාලන ඉහඳ පනුවන්ගේ ළමයින්ව රැකගන්න මුළු ආණ්ඩුවක්ම විනාශ කරනවා
දොස්තරලට කොන්දොස්තරලා එකතු වෙලා.
මේ මොකද? ලංගම රියදුරු කොන්දොස්තොර මහතුන්ටත් ඒ අයගේ ළමයින් මේ ආයතනයට යවන්න පුළුවන්නේ. උසස් පෙළ ලියන්න එච්චර මහන්සි වෙන්න ඕනෙත් නැත. නිදහසේ සියල්ලන්ටම වෛද්‍ය අද්‍යාපනය දෙන්න නේද මේ ආයතන තියෙන්නේ? පොඩි මිලියන් කීයක්ද විතරයි ඕනේ.
අපේ රටේ දොස්තරලයි,කොන්දොස්තරලයි අතර ලොකු වෙනසක් නැහැ. බස් එකට නගිද්දී කොන්දොස්තරගේ තියන ආදරය බහිද්දී නැහැ වගේ තමයි, පෞද්ගලික රෝහලේ තියන ආදරය, රජයේ රෝහලේදී දොස්තරගේ නැත්තේ. දෙගොල්ලොම මගීන් ගැන හෝ රෝගීන් ගැන කිසිම තැකීමක් නැහැ. එකම පරමාර්ථය මුදල් පමණයි. ප්‍රවාහන සේවය ගැන කොන්දොස්තරලා කතා නොකරන සේම, ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍ය සේවය ගැන දොස්තරලා කතා නොකරයි.. අලුතෙන් මාර්ග බලපත් දෙනවාට කොන්දොස්තරලා විරුද්ධ වගේම අලුතින් වෛද්‍යවරු බිහිවෙනවාට, දොස්තරලා විරුද්ධයි. ඉතින් දෙගොල්ලොම එකම බෝට්ටුවෙනේ ඉන්නේ. ඒ නිසා එකට එකතු වෙලා වර්ජන කරන එකේ කිසිම වරදක් මම නම් දකින්නේ නැහැ. රෝගීන් මරුනාවේ..මගීන් මහපාරේ රස්තියාදු උනාවේ..ඉතින් මොකක්ද ප්‍රශ්නය නැද්ද?
ලංගමයේ සේවකයන් එක එකාට ඕන විදියට කඩේ යන්න එපා ලංගම සේවකින්ට ලබාගන්න ඉල්ලීම් තිබියදී කඩේ ගිහින් ලංගමය විනාශ කරන පාපකර්මයට කරගහන්න එපා.
දේශපාලනයෙන් රක්ෂාවට එන කිසිම කළමනාකරණයක් නැති ලංගම වැඩකරන බහුතරය සමාජයේ විද්වතුන් දෙපැත්තක මත පල කරන කොට මේ අය වර්ජනය කරන්නේ ඇයි කියලා ජනතාව දන්නවා.
වර්තමාන දොස්තරලට වැඩිය කොලිටි එකක් ලංගමයේ කොන්දොස්තරලට තියනවා නේ.. ඉතින් අපරාදෙනේ මාෆියා දොස්තරලගේ ගානට ලංගමයේ කොන්දොස්තරලා වැටෙන්නේ. අනික කොන්දොස්තර මහත්තය ලෙඩ වෙලා, බැරි වෙලාවත්, චැනල් කඩේකට ගොඩ උන දාට තේරෙයි දොස්තරගේ තරම?
ඒවුනාට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනිකුත්වෘ ත්තීය සමිති සමිතිවල ගණන් ගන්න නැහෙ.
සයිටම් එක තියෙන්‍ෙ දොස්තරලට, කොන්දොස්තරලට නෙමේ. ඇයි එහෙනම් බස් වර්ජන....
ඇත්තටම ඒකද හේතුව මහත්තයෝ ....???
අධ්‍යාපනය ගැන තීරණ වෙනස් කරන්න වර්ජන කරන්න මොන දැනුමක්ද මේ අයට ? මෙවැනි වර්ජන ආයතන සංග්‍රහයට අනුකූල නැහැ. මේ නීති විරෝධී වර්ජන මර්ධනය කල යුතුයි.
මෙයාලා හරියට මිනිස්සු ගැන හිතන්නේ මැයි 01 ලංගම බස් මැයි රැලියට ගියා පුද්ගලික බස් පාරේ නැත්නමි අපිට යන්න එන්න එකක් නෑ නිවුස් වලට ලංගම ලොක්කා ලැජ්ජ නැතුව කියනවා මැයි රැලියට සෙනග ඇදලා මිලියන 58ක් හමිබු කලා කියලා එයාට පාරේ ඉන්න මිනිස්සු වැදගත් නෑ මැයි 05 විතරක් මදිනමි දිගටම ලංගම ස්ට්‍රයික් කරන්න මගීන්ට වැඩිය දැනෙන්නේ නෑ
මේවා බොරු වැඩ.
ජේ ආර් කරපු දේ තමයි කරන්න තියෙන්නේ. රස්සාවල් නැතිව කී දෙනෙක් ඉන්නවද? පඩි අරගෙන මහජනයා අපහසුවට පත්කරන අයව සේවය අතහැරගියා කියල සළකල රස්සාවල් නැති අයට ලංගම වගේ ආණ්ඩුවේ රස්සා දෙන්න.
මේකේ මේ නිල්මිණි කියන මහත්මිය කියල තියන දේට සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙන්න ඕනේ. තමන්ගේ දරුවාගේ අධ්‍යාපනයට ප්‍රශ්නයක් කියල දැනෙන්න, තමන් මෙච්චර කල් නොමිලේ ගත්ත බෙහෙත් ටික දැන් සල්ලි වලට ගන්න වෙනවා කියල දැනෙන්න, තමන්ට සුදුසුකම් නැති වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගන්න වෙනවා කියල දැනෙන්න, ලංකාවේ ඕනෙම මිනිහෙක්ට පුළුවන්. මේ ප්‍රශ්නේ දැන් එච්චරටම මිනිස්සු අතරට ගිහින් ඉවරයි. ඔබතුමිය ඒ දේවල් ගැන මුලින් හිතුවනම් ගොඩක් හොඳයි.
ලංගම තරහ මොකද දන්නවද ? බස් ගැමුණු ගේ ළමයි දෙන්නත් ඉන්නවනේ සයිටම් එකේ. සයිටම් දොස්තරලා එනවට දේශීය දොස්තරලා ඉරිසියයි . පුද්ගලික බස් කාරයෝ එක්ක ලංගම අයියල ඉරිසියයි.
මොකද? මේ ලංකාවේ ඉන්න මිනිස්සු මේ හැටි ඉරිසියා කරන්නේ. සල්ලි හුඟක් තියන කෝටිපතියන්ගේ ළමයි රුසියාවට, එංගලන්තයට ගිහින් MBBS කරලා එනකොට කවුරුත් කතා කරන්නේ නැහැ. ලංකාවේ ලකුණු මදිවුණ එත් දක්ෂ, එත් සල්ලි ගොඩක් නැති ළමයි ඉගෙන ගන්න එකට අකමැති මොකද? එයාලටත් අනික් ය කරන විභාගම කරන්න දෙන්න. ඔය රුසියාවට ගිහින් ආපු අය ඉන්නේ පුද්ගලික රෝහල්වලට වෙලා... ඒ විභාගය සමත් වෙන්න බැරුව. මම හිතන්නේ ලංකාවේ සයිටම් ළමයි ඒ විභාගය සමත් වෙයි කියලා...