පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වන විශේෂ ජන හමුවක් මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ දී මීට ටික වේලාවකට පෙර ආරම්භ විය.
පෙළපාළියට සහභාගී වීම සඳහා යතුරුපැදි රැසක් මාතර නූපේ මංසන්ධියේ සිට උයන්වත්ත ක්‍රීඩා පිටිය දක්වා පෙළපාළියෙන් ආවේය.
සහන මිලට රජයෙන් බෙදා දුන් යතුරු පැදි ද එහි විය.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පිළි ගැනීමේ කතාව කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයෙන් කියන්නේ ඉතින් අපි අපිගෙන් ම නේ. (ර)
නිකන් දුන්න ඒවා නෙමේනේ ඕවා. (ර)
රජයේ සේවකයන්ට සහන මිලට ලබා දෙන දේ යනු කාගෙවත් පසුම්බියෙන් දෙන දෙයක් නොවේ. රාජ්‍ය සේවකයා බැඳී සිටින්නේ රජයට මිස ආණ්ඩු පක්ෂයට නොවේ. මේ දෙක දෙකක් මිස එකක් නොවේ. (ර)
ඕක තමයි කියන්නේ සිංහලයට ඕනම දෙයක් මතක තියෙන්නේ දවස් 3යි කියලා. (ර)
ඒකෙ වැරැද්දක් නෑනෙ. රාජ්‍ය සේවකයෝ සියළු දෙනාම ජනාධිපතිට සපෝට් කරන්න ඕන කියලා නීතියක් නෑනෙ. ඒ ඒ අය කැමති දේශපාලන පක්ෂයකට වැඩ කරපුදෙන්. රාජ්‍ය සේවකයාට සැලකීම පවතින රජයේ වගකීමක්. (හේ)
මේවට සල්ලි දීලා තියෙන්නේ අපි. රජයෙන් අපිට නිකන් දුන්නේ නැහැ. මෙතුලින් දේශපාලන පටු අදහස් ඉටුකරගන්න උත්සාහ කරන්න එපා. (ර)
යතුරු පැදි ණය ගිවිසුමේ යා යුතු ගමන් ගැනත් සීමා තිබෙනවද? (දිල්)
එක වගේ කුරුල්ලෝ එකට එකතු වෙනවලු නේ.(හේ)
ආණ්ඩුවට පුළුවන්නම් විපක්ෂයට බැරි අැයි.(හේ)
කාගෙවත් පොකට් එකෙන් වියදම් කරලා බයිසිකල් දීලා නැහැ නේ?(හේ)
මෙම යතුරැපැදි රාඡ්‍ය දේපල නොවේ.මේවාට ඔවුන්ගෙන් මුදල් අයකර ඇත.(සහනමිල),(හේ)
බයිසිකලේ දුන්නෙ ආණ්ඩුවට කඩේ යන්න නෙමෙයිනේ.තමුන්ට කැමති ගමනක් යන්න තහනම් කරන්න බැහැනේ (දිල්)
ලොක්කට පුලුවන්නම් ලංගම ගන්න රජයේ වියදමින් , මිනිස්සුන්ට පුළුවන් තෙල් ගහලා බයිසිකල් පදින්න . වරදක් නැහැ ගොඩක් හොදයි. (ම)
අද ජනතාව බුද්ධිමත්, දන්නවා අනාගතේ සිදුවිය යුතු දෙය (ම)
වසර 9 ක් මහජනතාවගේ සල්ලි පවුල් පිටින් ගිල දමලා සොච්චමක් ගත්තට කමක් නැහැ (නදී)
පෙට්‍රල් ටික තමන්ගෙ සල්ලි වලින් ගහගන්නවා නම්. කාගෙවත් පොකට් එකේ තිබිච්ච සල්ලි වලින් නෙවෙයි නම් අරන් දුන්නෙ කොහොම ගියාම මොකෝ? (නදී)
මහජන සල්ලි වලින් මහජනතාවම ගොනාට අන්දන්න තවදුරටත් බැහැ. (නදී)
මේක තමයි නිදහස කියන්නේ, ඔය තියෙන්නේ ඕනෑවටත් වඩා.. (නදී)
මහින්ද මහත්තයා රැකියා දුන්නෙ, බයිසිකල් දුන්නෙ පක්‍ෂ බේද බලලා නෙමෙයි.ඔය සිද්ධිය වෙන කෙනෙක්ගෙ පාලන කාලයේ නම් සිද්ධ වෙයිද? ඕවා තමයි හොද උදාහරණ සහ පිළිතුරු එතුමා ගැන දැනගන්න. (නි)
මහින්ද මහත්තයා රැකියා දුන්නෙ, බයිසිකල් දුන්නෙ පක්‍ෂ බේද බලලා නෙමෙයි. ඔය සිද්ධිය වෙන කෙනෙක්ගෙ පාලන කාලයේ නම් සිද්ධ වෙයිද? ඕවා තමයි හොද උදාහරණ සහ පිළිතුරු එතුමා ගැන දැනගන්න. (නදී)
ඔව් ඉතින් කොච්චර කරත් ඔච්චර තමා. බලමුකෝ මේ ඡන්දෙන් පස්සේ ඔය කට්ටියගේ සද්දේ කොහොමද කියලා (නදී)
මේවා මහජනයාගේ මුදල් මිස කිසිවෙකුගේ පුද්ගලික බුදලයක් නොවේ. මේවාට මුදල් වාරික අපේ පඩියෙන් කැපෙනවා (නි)
සමහරක් හැමදේම තේරුම් ගන්නේ වැරදියට. රාජ්‍ය සේවකයා බැඳී සිටින්නේ පවතින රජයට මිස ආණ්ඩු පක්ෂයට නොවේ (නි)
මන්ත්‍රීවරුන්ට බදු නැතුව කෝටි ගණන්වල වාහන /ගෙවල්/ඉන්ධන/දුරකතන පහසුකම් දෙන්නේ අපේ සල්ලි වලින්. (නි)
මේ යතුරුපැදි දුන්නේ දේශපාලනය බලලා නෙමෙයි. උපාධිධාරීන්ට පත්වීම් දුන්නෙත් දේශපාලනය බලලා නෙමෙයි. ඒ අය තම තමන්ගේ දේශපාලන හිතවත්කම් අනුවයි වැඩ කරන්නේ. සමහර ආණ්ඩු කාලවල නම් රැකියාවක් තියා රැකියා කාර්ඩ් එකක්වත් දුන්නේ එයාලගේ පක්ෂ වල අයට විතරයි. ඔන්න යහපාලනයේ වෙනස. (නි)
අලුතින් ලැබෙන සියලු සහන වලට මෛත්‍රී මහතාට ස්තුති කළයුතුයි. (නි)
ඔය ඔක්කොමද?(හේ)
රාජ්‍ය සේවකයා ආණ්ඩුවට බැදීත් නැහැ විපක්ෂයට බැදිත් නැහැ. කවුරු කළත් වරද වැරදිමයි. රජයේ දේපල මෙවැනි දේ සඳහා පාවිච්චි කිරීම වැරදිය.(හේ)
ඔය නිදහසේ රට වටේම යන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා නිසා තමයි.(හේ)
දැන් මේ බයිසිකල් ටිකත් නැවත කවුරුහරි ගනීද දන්නේ නැහැ. (නි)
අද වැඩ කරන දිනයක් නේද? රාජ්‍ය සේවයට දෙවි පිහිටයි. සහන මිලට දුන්නේ වැඩ කරන්න මිසක් කාටවත් කඩේ යන්න නෙමෙයිනේ! (නි)
ඉතාම හොඳ ප්‍රවණතාවයක්. නියමයි (නි)
ගමගේ පිස්සුවෙන් වගේ කියවනවා කියලයි මට හිතෙන්නේ. (නි)
ඕනෑම පුරවැසියෙකුට අයිතියක් තියෙනවා තමන් කැමති, ඕනෑම දේශපාලන පක්ෂයකට සහය දෙන්න. (නි)
නිශාන්ත. මහින්ද මහත්තය මේ මොකුත් එයාගේ සල්ලි වලින් දුන්නේ නැහැ. මේ දෙන සෑම දෙයක් වෙනුවෙන් ගෙවන්නේ පුරවැසියන් වෙන අපියි. එතුමා දුර දිග නොබලා මේ දේවල් කරපු නිසා තමයි අද මේ රටේ ජීවන වියදම මෙච්චර වැඩි වෙලා තියෙන්නේ. මොකද අපෙන් ගන්න බදු වලින් තමයි මේවාට ගෙවන්නේ. ඔයාගේ දරුවන්ට මීට වඩා දුක් විදින්න වෙයි අනාගතේදී. (නදී)
මේවා මහජනතාවගේ සහ අදාළ සේවකයාගේ මුදල්. තමාට ස්වාධීනව ක්‍රියාකිරීමේ අයිතියක් කාටත් ඇත. (නි)
සමහරුන්ගේ ගුණමකුකම ඉහටත් උඩින් කියලා පෙනෙනවා (නි)
වැඩ කරන දින නිවාඩු අරගෙන යන්න බැරිද? සංජීව හිතාගෙන ඉන්නේ කොහොමද දන්නෙ නැහැ. (නි)
නිශාන්ත,ගමගේ,සංජිව,අපි බලා ඉඳිමු. ජනවාරි 8 වෙනිදායින් පසු කතා කරමු. (නි)
යතුරුපැදි ලබා දී ඇත්තේ රාජකාරි කටයුතු සඳහා නම් ඇයි මේ දේවල්? (නි)
මේවා මේ අයට පිනට දීලා නැහැ. තමුන්ගේ වැටුපෙන් අඩුකරගන්නයි දීලා තියෙන්නේ. ඒ නිසා ඔවුන් කැමති ඕනෑම දෙයක් ඔවුන්ට කළහැකියි.(නි)
අකිල හිතන්නේ බයිසිකලය දුන්නහම දෙන දෙයක් කාලා වෙනදෙයක් බලාගෙන ඉන්න ඕනෑ කියලද? (නි)
ඔව් ඉතින් තමන් කැමති කෙනෙකුට වැඩ කරන්න අයිතියක් තියනවා.එත් ජනවාරි 8 වැනිදායින් පස්සේ මහින්ද ජනාධිපති වෙයි නැවතත්.(දිල්)
මාර සෙනගක් නේ ඉන්නේ. සු.. ගාල.අපිත් මාතර තමය් මහත්මයෝ අපි දැක්ක ඇත්ත කතාව.(ම)
ඔය මෝටර් බයිසිකල් දුන්නේ මෛත්‍රී රජතුමාට පින්සිදු වෙන්න. එයා කරපු යෝජනාවක් තමා සම්මත වෙලා ඕවා බෙදුවේ. ඉතින් එයාගේ රැස්වීම් වලට කළගුණ දන්නා අපි යනවා (නදී)
ඕවා දුන්නේ 50000 ට 60000 ට නේ. බදු මුකුත් නැතිව ඔය බයික් ඒ මිල තමයි. ආණ්ඩුව ඕකට සතයක් වත් වියදම් කරලා නැහැ. (ර)
සහන මිල කියන්නේ බදු නැතිව මිසක් නිකන් නෙවෙයි. (හේ)
කවූද කියන්නේ මේවා රජයේ ඒවා කියලා. (ර)
ඔය බයික් දුන්නේ පක්ෂ විපක්ෂ කාටවත් කඩේ යන්න නෙවෙයි. ජනතාවට සේවය කරන්න. ඒකනිසා තමන් සේවය කරන්නේ රජයට කියල හිතාගන ඔය කාටවත් කඩේ නොයා අපක්ෂපාතව කැප වෙලා ජනතාවට තමන්ගේ රස්සාව කරන්න. (ර)
සහන මිල කියන්නේ ජනතා සල්ලි. ඉතින් මොකද වෙන්නේ. (හේ)
"උෟරගේ මාළු උෟරා පිටම තියා කැපිය යුතුයි".(හේ)