කතරගම ඇසළ උළෙලේ ගිනි පෑගීමේ උත්සවයේ පළමු අදියර අද උදේ වල්ලිඅම්මා දේවාලය අසලදී පැවැත්විණි. සියයකට ආසන්න පිරිසක් ගිනි පෑගූහ. කාන්තාවෝද ඒ අතර වූහ.
කතරගම මහ දේවාලය ඉදිරිපිට මහ ගිනි මැලයේ ගිනි පෑගීම බ්‍රහස්පතින්දා (10) අලුයම 4ට සිදු කිරීමට නියමිතය. රාත්‍රී 12ට ගිනි මැලය පත්තු කර අතර මහමැලයේ ගිනි පෑගීම සඳහා 350ක් පමණ සූදානමින් සිටිති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජයබා, ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ "මා දුටු ලෝකය" පොත කියවල බලන්න. (නදී)
විජේබා හැම දෙයක්ම විද්‍යාත්මකව විග්‍රහ කරන්න යන්න එපා. (නදී)
උදිත, මාත් ගොඩක් දේවලට ආසයි. ඒත් බයයි. (නි)
ළමයිනේ, දේවාලයක් නැති පන්සලක් දැක තිබෙනවද? අපි බාරහාර වෙන්නේ, වස්කවි සෙත් කවි කියවා ගන්නේ පන්සල් භූමියේම නේද? ඉතින් මේවා බුදුදහමට සම්බන්ධ දේවල් තමයි (නි)
මහාචාර්ය කාළෝ පොන්සේකා ගිනි පෑගීම ගැන පරීක්ෂණයක් කළා නේද? (නදී)
බුද්ධ වචනයෙන් කරන්න කියල කියපු දෙයක්නේ. සාදු සාදු (නදී)
ජයන්ත, එහෙම කොහෙදිද කිව්වේ. දන්නේ නැති නිසයි අහන්නේ. (නදී)
ජයන්ත, ගිනි පෑගීම, බිලි පුජා තියන්නේ හින්දු දහමට සම්බන්ධවයි (නි)
ජයන්ත වගේ අය එක්කෙනෙක් දෙන්නෙක් හිටියම ඇති (නි)
හොඳ දසුන් පෙළක් (නි)
චින්තක, විහිළුවක් විහිළුවක් විදියට තේරුම් ගන්න උත්සහ කරන්න. (නි)
එක් එක් පුද්ගලයින්ගේ ඇදහීම් සහ විශ්වාස පිළිබඳ අපි මධ්‍යස්තව බැලිය යුතුයි (නි)
මේවා එක් එක් ආගම් වල තිබෙන ඇදහීම්.අපි ඒවාට ගරුකළ යුතුයි (නි)
මෙහි ඇති විද්‍යාත්මක සත්‍යය ගිනි උඩ ඇති අළු ප්‍රමාණය, විලුඹේ ඇති ඝනකම, කකුල ගිනි මත තිබෙන කාලය, ගිනි ගොඩ කොතරම් නිවුනේද යන්න සහ එහි ඇති අවසාන උෂ්ණත්වය ආදිය මත රඳා පවතී. පොල්කටු අඟුරු මත මෙය කිරීම භයානකය. නමුත් නොදැනුම නිසා හෝ ගිනි පාගන අයගේ ඇදහීමට, අපට අපහාස කරන්නට අයිතියක් නැහැ. (නි)
දැක්කහම මටත් ආසා හිතුණා (නි)
ගිනි පෑගීම ගැන විවිධාකාර පුද්ගලයින් විවිධ මතයි ප්‍රකාශ කරන්නේ (නි)
ඉතා හොඳ ප්‍රවෘත්තියක් (නි)
ජයන්ත, පුන්නක්කු ලාබෙට තියෙනවලු ඔයාල වගේ අයට (නදී)
මාත් ගිනි පාගන්න ආසයි. ඒත් මට බයයි (නි)
ඡායාරූප වලට ස්තූතියි! (නි)
ජයන්තට කිසිම දෙයක් තේරෙන්නෙ නැහැ වගෙයි. වෛරයෙන් වගෙයි අදහස් ප්‍රකාශ කරන්නේ (නි)
ජයන්ත, කොහෙද එහෙම දෙයක් සඳහන් වෙන්නේ? (නි)
ජයන්ත මහතාගේ අදහසට මම විරුද්ධයි (නි)
මිනිසා විසින් සිදුකරමින් සිටින බොහෝ ක්‍රියාවන් සහ ඇදහිලි, ඔවුන්ගේ බුද්ධිය හා දියුණුවත් සමඟ වෙනස් වෙනවා. (නි)
යක්ක්ෂ ආරූඩෙන්, යක්ෂ නමස්කාරයට ගිනිපාගන්න කියල මොන බුදු බනේද ලියල තියෙන්නේ ජයන්ත ? (ස)
තාම අනුවන මිනිස්සු ලංකාවේ ඉන්නවා (දී)
මෙහෙමත් මෝඩ වැඩක් (නදී)
එහෙමද කමනි (දී)
ළමයිනේ, අපි කතරගම දෙයියෝ, සමන් දෙයියෝ අදහන්නේ බුදු වචනය නිසා නොවේ නම් කාගේ වචනයටද? (නදී)
කුඩා දරුවෙකුත් සමඟ.... මට නම් බයත් හිතෙනවා (නි)
ජයන්ත, නොදන්නා දේවල් ගැන මත ප්‍රකාශ කිරීමට යාමෙන් වළකින්න (නි)
කාලයක් කොල්ලෝ ගමේ පිට්ටනිවල පවා ගිනි පෑගුවා කිසිම දේව කන්නලව්වක් නැතිව. මෙහි ඇති විද්‍යාත්මක සත්‍ය ගිනි උඩ ඇති අළු ප්‍රමාණය විලුඹේ ඇති ගනකම, කකුලේ ගා ඇති දියර ප්‍රමාණය, කකුල ගිනි මත තිබෙන කාලය, ගිනි ගොඩ කොතරම් නිවුනේද යන්න සහ එහි ඇති අවසාන උෂ්ණත්වය ආදියයි. පොල් කටු අඟුරු මත මෙය කිරීම බයානකයි. නමුත් නොදැනුම නිසා හෝ ගිනි පාගන අයගේ ඇදහීමට, අපට අපහාස කරන්නට අයිතියක් නැහැ. (නදී)
ලංකා වෙ හැම දෙනාම ඉන්නෙ ගින්දර උඩ. (ස)
ඉතාමත් අලංකාරයි (නි)
ලෝකයේ තියෙන හැම ක්‍රියාවක්ම විද්‍යාත්මකව විග්‍රහ කරන්න තවම හැකියාවක් නැහැ (නි)
ඉතා චමත්කාරජනකයි. මටත් යන්න තිබුණා නම්.... (නි)