කොටදෙණියාවේ සේයා දැරිය (07) ඝාතනය කිරීම සම්බන්ධයෙන් මීගමුව මහාධිකරණයේදී, මහාධීකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ඉලන්දාරි පේඩිගේ සමන් ජයලත් හට චොදනා බාර දුන්නාය.
දැරිය පැහැරගෙනයාම, දූෂණය කිරීම, බරපත ලිංගික අපයෝජනය සිදු කිරීම හා මරණය සිදු කිරීම එම චෝදනායි.
සැකකරු, දැරිය පැහැර ගැනීම හා දූෂණය කිරීම යනචෝදනා දෙකකට වරදකරු බව පිළිගත්තේය.
ජූරි සභාවක් නොමැතිව තම නඩුව විභාග කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
නීතිවේදී චතුර අමරතුංග මහතා ඔහු වෙනුවෙන් පෙනී සිටියේය.
දැරියගේ මවුපියෝ සාක්කි දුන්හ. නඩුව අඟහරුවාදා විභාගයට ගැනේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු සමාජයටම අාදර්ශයක් වෙන්න මිෙ වගේ අයට එලිපිට දඩුවමි කරන්න ඔින. (අ)
මේ වගේ අයට සෞදි දඩුවම් දිය යුතුයි.(හේ)
චෝදනා හතරම එකට සම්බන්ධනම් දෙකක් විතරක් පිළිගන්නේ කොහොමද?? පැහැරගැනීමයි දුෂණය කිරීමයි පිළි අරන් තියෙනවනම් යේ මොකටද නඩු අහන්නේ ?දැන් චුදිතයට ඕනේ විදිහටද නඩු අහන්නේ? මේ වගේ තිරිසන්නු ප්‍රසිද්ධියේ එල්ලලා මරන්න ඕනේ. (බ)
මෙවැනි නඩුවලට ඉදිරිපත්වන නීතිවේදීන්ව සියලුම දෙනා එල්ලා මරන්න ඕනේ. නැතිනම් අපේ රටේ මේවගේ චුදිතයන්ට ඕනේ විදිහට නඩුව වෙනස්කරලා නිර්දෝෂී බව ඔප්පුකරල නිදහස් කරවගන්නවා. (බ)