කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද (6) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට, හතරවැනි හරස්වීදිය, පස්වැනි හරස්වීදිය සහ පරණ් යෝක් වීදියේ සිදුකළ හදිසි වැටලීම්වලදී පරිභෝජනයට නුසුදුසු ඇපල් හා මිදි ටොන් 5 ක් විනාශ කෙරිණි.

දැල් බෑග්වල දමා අලෙවිකරන ඇපල් හා මිදිවලින් වැඩි ප්‍රමාණයක් භාවිතයට නුසුදුසු බව හා වංචනික ලෙස වෙළෙන්දන් රුපියල් සීයක මුදලකට බෑග්වල දම නරක්වූ පළතුරු අලෙවි කරන බවත් වැටලීම්වලදී සොයාගත් බවත් ජනාකීර්ණ ස්ථානවලින් පළතුරු මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙසත් කොළඹ මහ නගර සභා වැඩබන ආහාර පරීක්ෂක එම්.බී.ලාල් කුමාර මහතා පැවසීය.