IMG-LOGO

2024 මැයි මස 01 වන බදාදා


සමාජ මාධ්‍ය පනතේ පළමු නඩුව නීතීඥ සංගමයේ නිරීක්ෂණයට

(රෝෂන් තුෂාර)

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක  මහතාගේ පුද්ගලික තොරතුරු  අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරණය  කිරීම වළක්වමින් ඔහුගේ  පුද්ගලික ලේකම්වරිය ඇතුළු අට දෙනෙකුට එරෙහිව සමාජ මාධ්‍ය පනත යටතේ පැවරූ නඩුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිරීක්ෂණයට ලක්කරන බව එම සංගමයේ සභාපති කෞශල්‍ය නවරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් පැවසීය. 

මෙම නඩුකරය සමාජ මාධ්‍ය පනත යටතේ පැවරූ නඩුවක් හෙයින් සහ ජනතාවගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කිරෙහි බලපාන නඩුවක් බැවින් මේ සම්බන්ධව නිරන්තර නිරීක්ෂණයට ලක් කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  තරංගා මහවත්ත මහත්මිය ඉදිරියේ කරුණු දකවමින් පැවසීය.

 ජනක රත්නායක මහතා විසින් ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළේ යැයි කියන පොල්වත්ත ආරච්චිගේ ගයත්‍රි බිම්බා,ඇතුළු  හය දෙනකු , වට්ස්අප් හා ගූගල් සමාගමට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

 පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරය කිරීම වළක්වමින් කොන්දේසි සහිත ආඥාවක්  පසුගිය 04වැනි දින නිකුත් කළේය.

 ගයත්‍රී බිම්බා විත්තිකාරිය සමග දැනට තායිවානයේ වාසය කරනවා යැයි කියන ජනක රාජපක්ෂ සහ ඕෂල හේරත්,ජයලාල් පෙරේරා,කල්ප හා කමන්ත තුෂාර යන විත්තිකරුවන්ටද මෙම වාරණ ආඥාව නිකුත් කෙරිණි.

ව්‍යවස්ථාදායකය මගින් පසුගිය ජනවාරි මස සම්මත කළ 2024 අංක 09 දරණ මාර්ගස්ථ ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය යටතේ මෙම පැමිණිල්ල ගොනුකර තිබිණි.

 අදාළ පනත යටතේ

තහනම් ප්‍රකාශනවලට එරෙහිව අධිකරණයේ පවරන පළමු පැමිණිල්ල මෙම නඩුකරය වේ. විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥවරු  අධිකරණයේ පෙනී සිටි අතර වැඩිදුර විභාගය මැයි මස 02වෙනි දිනට කල් තැබිණි.



අදහස් (0)

සමාජ මාධ්‍ය පනතේ පළමු නඩුව නීතීඥ සංගමයේ නිරීක්ෂණයට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සා පෙළ ටියුෂන් තහනම්
2024 මැයි මස 01 5 0

අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාර පන්ති පැවැත්වීම තහනම් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


මන්ත්‍රී ගයාෂාන් එජාපයට
2024 මැයි මස 01 314 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාශාන් නවනන්දන මහතා එක්සත් ජාතික පක්ෂය සමග අද එක්වී ඇත.


සිමෙන්ති මිල අඩු වෙයි
2024 මැයි මස 01 256 0

කිලෝග්‍රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 50 කින් පහළ දැමීමට තීරණය කළ බවත් නව මිල අද (1) සිට ක්‍රියාත්මක වන බවත් සිමෙන්ති සමාගම් පවසයි.


නිදහස් පක්ෂයේ ජනපති අපේක්ෂක විජේදාස
2024 මැයි මස 01 726 3

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන්නේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (1) පැවසීය.


වතු කම්කරු දෛනික වැටුප 1700ක් කරයි
2024 මැයි මස 01 409 2

වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


සාදයේ ගැටුමින් සරසවි සිසුන් 12ක් අත්අඩංගුවට
2024 මැයි මස 01 960 0

කොළඹට නුදුරු සරසවියක සිසු සිසුවියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති සාදයක් අතරතුරදී හෝටල් සේවකයින් හා සරසවි සිසුන් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 416 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1825 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1639 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site