
(ගයාන් සූරිය ආරච්චි)
සම්බාහනයකට පැමිණි ව්‍යාපාරිකයකුගේ නිරුවත් වීඩියෝ පට හොරෙන් ලබාගෙන රුපියල් කෝටියක කප්පන් ඉල්ලූ බව කියන යුවළක් අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
සැකකාරිය එම ව්‍යාපාරිකයාගේ නිරුවත් වීඩියෝ ඔහුගේ දුරකථනයට වට්ස් ඇප් මර්ගයෙන් යවා එම වීඩියෝ පට සමාජ මාධ්‍යයට සහ ඔහුගේ බිරිඳට යවන බවට තර්ජනය කර රුපියල් එක් ලක්ෂ පනස්දහසක පමණණ මුදලක් බැංකු ගිණුමකට බැර කරගෙන ඇති බව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවක සහ මහනුවර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.
එම ව්‍යාපාරිකයා විසින් කොළඹ දකුණ කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශයට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලින් පසු සැකකාරිය සහ සැකකරු තලවතුගොඩ ප්‍රදේශයේ හෝටල් කාමරයක සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd