හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂ මහතාට වත්මන් රජය යටතේ නාමයෝජා ලබා නොදීමට තීන්දු කර ඇතැයි හිටපු ජනාධිපති චන්ද්‍රීකා කුමාරතුංග මහත්මිය මාතලේ සිංහල හා මුස්ලිම් එකමුතුව ඇයගේ 70 වැනි උපන්දින සැමරුම වෙනුවෙන් පැවැත්වූ උත්සවයකට එක්වෙමින් කීවාය.
‘පක්ෂය පක්ෂය කිය කියා විවිධ ආකාරයේ ජරා සත්තු බිහිවෙලා රට විනාශ කරනවා. අපට අවශ්‍යය වෙලා තියෙන්නේ මම ගැන හෝ පක්ෂය ගැන නොසිතා රට ගැන සිතන්නයි. දැන් එක එක්කෙනා දඟලනවා මට ආයේ බලයට එන්න ඕනේ, මට අගමැතිකම් ඕනේ ,ජනාධිපතිකම ඕනේ කිය කියා. මේක නම් විලි ලැජ්ජාවක්නේ. මම ඒ ගොල්ලො වගේ පැරදිලා නෑ. වැදගත් විදිහට දෙවතාවක් ආණ්ඩුකරලා අවුරුදු නවයක් ගෙදර හිටියා.මටත් බස් වලින් මිනිස්සු ගේන්න තිබුනා. මම එහෙම කළේ නැහැ. ඕකට එච්චර බයවෙන්න ඕනේ නැහැ. අපි පක්ෂ දෙකක් විදිහට වෙන වෙනම තරග කරනාවා ගහ මරාගන්නේ නැතිව. හැබැයි ඡන්දෙන් පස්සේ අපි එකතුවෙනවා. අපිට අවශ්‍ය මේ රටේ ගහමරාගන්නැති දේශපාලන යුගයක් ඇතිකරන්න’’ යැයිද කුමාරතුංග මහත්මිය පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතා පාර්ලිමේන්තුවට ගෙන්න රටම විනාශ කරන්න හදනවා ලැජ්ජයි (බ)
දහම් සහ බණ්ඩාර කියන්නේ සහතික ඇත්ත. විලිලජ්ජාවක් තියෙනවද කියල මෙයා දන්නෙත් නැතුව ඇති. (බ)
සමහර අයට තවම තේරෙන්නේ නැහැ (හේ)
සිංහල හා මුස්ලිම් එකතුව කියන්නේ මුස්ලිම් විතරක් ඉන්න එකක්ද? (ම)
මට නම් හිනායනවා. (නි)
ඔක්කොම එක වගේ තමයි කතා කරලා වැඩක් නෑ.(හේ)
මට වයඹ ඡන්දේ මතක් වුණා (ම)
ඇත්ත ඇත්ත සමහරුන්ට විලි ලැජ්ජාවක් නෑ මේ මට වගේ. මමත් මේ මීයක් කඩන්නේ නෑ අත ලෙවකන්න. (බ)
අනේ යන්ඩ අපුරුවට තිබ්බ රට ගිනිගොඩක් කරලා "ගහ මරා ගන්නැති යුගයක්" ගැන කතා කරනවා අපිත් පරම් පරා ගත ශ්‍රී ලංකා කාරයෝ . එ්ත් මේ ගමන ඡන්දෙ දෙන්නේ නැහැ රටේ යුද්දේ තියෙද්දී කොහෙද හිටිය , මහින්දට තිබ්බ බලතල ම තිබුන නේද ? මොනවද කළේ ? (බ)
අපිටත් ඒක හොදටම දැනෙනවා.(බ)
මෙයා හිටපු කාලේ කරපු දේවල් දැන් අමතක වෙලා වුනාට ජනතාවට හොඳට මතකයි. දුටු ගැමුනුගෙන් පස්සේ මේ රටට පහල වුනු මහින්ද වීරයා රට එක් සේසත් කරන කොට මෙයා කොයි ලෝකේද හිටියේ. දැන් බයක් නැතිව රටේ අස්සක් මුල්ලක් නෑර ගිහින් ඕනේ කුණු ජරා කතාවක් කියන්න පුළුවන් හින්ද ඇවිල්ල මේ රට වනසන්න හදනවා. (බ)
ඔව් නේද හොඳම උදාහරණය ඔයා, ඔයාගේ කෙරුවාවල් අපි හොදට දන්නවා (බ)
ඔබට ජයවේවා! (නි)
අපිටත් අතීතය හොඳට මතකයි (නි)
බණ්ඩාර,ඔයාගේ අදහස හරියට හරි (නි)
ඔයාගේ කාලෙත් අපි රටේ හිටියා. ඡන්දෙත් දුන්නා. ඔයා කළ දේවලුත් දැක්කා. (නි)
ඒක නම් ඇත්ත. විලිලැජ්ජාව දැනෙන්නෙම නැති කට්ටියක් ඉන්නවා (නි)
මහින්ද කියන්නේ කොහොම කෙනෙක්ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඇත්තට මට නම් එයාව පෙනෙන්න බැහැ (නි)
මම අවුරුදු 12කින් ඡන්දය දීලා නැහැ. මහින්ද මහත්තයට කවදාවත් ඡන්දය දීලත් නැහැ. නමුත් රටට මේ පහුගිය මාස කීපයට වෙන දේ බැලුවහම දුක හිතෙනවා. අපිටත් අපේ ළමයින්ටත් රටක් නැතිවේද කියලා බයකුත් දැනෙනවා. මම දැන් දුක්වෙනවා ඇයි මම මේ ගැන ජනවාරි වල හිතුවේ නැත්තේ කියලා. මම මේ පාර මහින්ද මහත්තයට මගේ ඡන්දය දෙන්න තීරණය කළා. මේ බුද්ධිමත්ව රට ගැන හිතන ඔබටයි. (නි)
අරමුණ හොඳයි. ඔබට ජය! (නි)
කල්පනාවෙන් වැඩකළොත් ඔබට ජය නියතයි! (නි)
මම මේ පාර මහින්ද මහත්තයට ඡන්දය දීලා එතුමාට උදවු කරනවා. (නි)
යු අැන් පි රජයක් බිහි කර රනිල් අගමැති කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සන්ධානයත් වලලා දැමීමට නිර්පාක්ෂික වී වෙස්සන්තර වෙන්න දාන පාරමිතා පුරමින් ආ ජනපති මෛත්‍රී මහතා පක්ෂ සභාපතිකමට පත් කර ගෙන ගෙන ලක්ෂ 58 ක ජනමතයක් මංකොල්ල කමින් පාක්ෂිකයින්ගේ හඩ යටපත් කරමින් අප්‍රතිහත දහිරියෙන් චන්ද්‍රිකා මැඩම් ගෙන යන මේ පාවාදීමේ සටනේ දෙවන පියවරට අැගේ වෛරයේ දෙවන කොටසට අපේ උණුසුම් සුභ පැතුම්...හැබැයි ඉතින් පක්ෂ මංකොල්ල කැවට පාක්ෂිකයෝ සමග ලක්ෂ 58 ක ජනමතය මංකොල්ල කන්න ටිකක් අමාරු වේවි නෝනෝ..පරිස්සමෙන්..ප්‍රසිද්ධ රැස් වීම් වලට යන්න එපා.හු නෙමෙයි ගල් මුලුත් එන්න පුළුවන්...(බ)
ඔය කියන කෙනාටත් විලිලජ්ජාව නැහැ (බ)
කවුරු මොනවා කිවුවත් මිනිසුන් බුද්ධිමත්. අපි බලමුකෝ! (නි)
අනේ ඔයටනම් ලජ්ජා නෑ කියන එක පේනවා... ඔයාට බලය තියෙද්දී මොනවද කළේ? මහින්ද හොරා කෑවා කිව්වනේ? කෝ ඔප්පු කරාද? ඔයාල එකතු වෙලා රට කනවා... මහින්ද රට කෑවා කියමු හරි ඒ හොර කාලා රටේ හදපු දේවල් ඇයි අද විනාශ වෙන්න දෙන්නේ. අද කොළඹ හැටි පේනවද ඔයාලගේ යහපාලනේට? හොරා කෑවනම් ඒවා අපේ සල්ලි ඒ අපේ සල්ලිවලින් හදපු දේවල් විනාශ වෙන්න දෙනවා කියන්නෙත් ඔයාලත් අපේ සල්ලි විනාශකරන තවත් හොර රැලක් තමයි... ඔයාල අද කරන්නේ මහින්දටත් අන්ත දේවල්.. ජාතික ගීතයට කරපු දේ කරන්නද ඔයාලව පත් කළේ? රට කාලා තව ලැජ්ජාව ගැන කතා කරන්න ඔයාල ලජ්ජා වෙන්න ඕනේ. (බ)
අපිටත් ඕනෑ ඇත්තටම සැබෑ වෙනසක් (නි)
ඔබතුමියට අපි සහයෝගය දෙන්න කැමතියි. (නි)
මෙතුමිය කියන කතාව නම් ඇත්ත තමයි (නි)
ලැජ්ජාවක් නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියනවනේ (නි)
කමල්, තමුන් හැමදාම ඡන්දය දුන්නේ මහින්දටනේ. නිකන් බොරු කියන්න එපා අපිට (නි)
ඒ කාලේ කරපු වැඩ අපිට හොඳට මතකයි . අපි ගම්පහ මිනිස්සු. විලි ලැජ්ජාවක් තියෙනවනම් කට වහගෙන ඉන්න.(බ)
එන්න රට කන්න එන්න ....ඔයා හරිම හොඳ කෙනානේ...ලංකාවම විනාශ කරලා අවසන් මේ මාස හයට (බ)
පිවිතුරු යහපාල මහත්තයෝ, 62 ට වඩා 58 ලොකුයි ද? (බ)
සනත් ගැන මට මතක් වුනා (බ)
මැඩම්ගේ කාලේ යාපනය ජයගත් බව දැන් අමතක වෙලා . හරි පුදුමයි (බ)
මම හිතන්නේ ඇයට ලෙඩක්. නමුත් රටේ මිනිස්සු බුද්ධිමත් (බ)
ඔබතුමියට ජයවේවා! (නි)
චන්ද්‍රිකාත් යුද්ධය අවසන්කරන්න මහන්සි ගත්තා. මතක නැද්ද 'ජය සිකුරුයි' අන්තිමට පරාජය වෙලා නැවතුනා. (නි)
ඔබ නව යුගයක් අරඹනු ඇතැයි අපි සිතනවා (නි)
තීරණය ජනතාව අතේ මැතිණියනි! (නි)
රජයක් විදි හට කරන සියලුම වැඩ හරි වෙන්නේ නැහැ. එම නිසා තමයි එයට විරුද්ද වීමට විපක්ෂයක් තියෙන්නේ. එයද ප්‍රබල විපක්ෂයක් විය යුතුයි. මේ කාරණය උඩ ප්‍රධාන පක්ෂ දෙකම ආණ්ඩු පක්ෂය උනහම කරන සියලු වැඩ දිහා ජනතාවට බලාගෙන සිටීමට සිදු විය හැක. මෙය ප්‍රජාතන්ත්‍ර වාදය නොවේ. මෙය සියලු දේ යහපත් විදිහට දැකීමේ වාදයයි. (නදී)
අපි බලමුකෝ ජනමතය කොහොමවෙයිද කියලා (නි)
අපි දන්නවා කොයි කාගෙත් තරම.(හේ)
දැන් ඉතින් එක එක තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්.(හේ)
නම යෝජනා දෙන්න බැරි කොටියා විනාශ කරපු නිසාද.(හේ)
කියන කතාවේ ඇත්තකුත් තියෙනවා.(හේ)
බණ්ඩාර, විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුයි. මම මගේ හෘදසාක්‍ෂි වලට බොරු කරන්න බැහැ. මම එම විස්තරය දැම්මේ අවන්කවමි. මේ විදියට තව වර්ෂ 5 හෝ 6 ගියහම තෙරේ මම අද කියපුව. එතකොට අපි පරක්කුයි. අනාගතය ගැන රට ගැන බුද්ධිමත්ව හිතන ඔබ සැමට. (ර)
ආයේ ඡන්දෙකට එන්නේ නැහැ කිව්වා නේද? හොරකම් කරලා නැහැ, ඒ නිසා ආයෙත් බලය ඕනෑ නැහැ කියලා කිව්වනේ. මහින්දට ආයෙත් බලය ඕනෑ වුණේ හොරකම් වහගන්න කියපු කෙනා දැන් ඡන්දෙ ඉල්ලන්න සුදානම් වෙන්නේ ඇයි එහෙනම්? (නි)
මුලින්ම අත්තනගල්ලට කරපු දෙයක් පෙන්නන්නකො....(ම)
සන්තෝයි මැඩම් ඔබ ඔබතුමිය ගැනම ස්වයං විවේචනයක් කරගැනීම ගැන .ඔබට මතක නැහැ මට මතකයි පසුගිය 94 -2005 ඔබගේ කාලේ .(ම)
ඔබතුමියගේ කාලයේ අපේ අත්තනගල්ල පැත්තට වුණ සංවර්ධනය ගැන පොඩ්ඩක් කියන්නකෝ (නි)
ඔබතුමියගේ කාලේ රට සංවර්ධනය වුණ හැටිත් කියන්නකෝ (නි)
තමන් තමන් ගැනම කියන්න අවශ්‍ය නැහැ කියලයි මම නම් හිතන්නේ (නි)
මෙතුමිය වගේ නායකයින් තමයි අද ශ්‍රී ලංකාවට ඕන වෙලා තියෙන්නේ. (ම)
නරකද සීනුව හොල්ලන්න බැලුවොත් අලුත් වෙනසක් (ම)
ඔබ තුමියටත් මේ පාර දිනන්න පුළුවන්.(හේ)
මෙයාගේ තරම අපි හොඳට දන්නවා. හා හා හා (ම)
මෙයාට තියන ගැටලුව මොකක්ද අපි මැරිලා ඉපදුනේ නැහැ (ම)
‘පක්ෂය පක්ෂය කිය කියා විවිධ ආකාරයේ ජරා සත්තු බිහිවෙලා රට විනාශ කරනවා. අපට අවශ්‍යය වෙලා තියෙන්නේ මම ගැන හෝ පක්ෂය ගැන නොසිතා රට ගැන සිතන්නයි. (ම)
අත්නගල්ල් පැත්තට මැඩම්ගේ කාලේ කෝටී 50 ක විතර වෙන රොහලේ දෙකක් අලුතෙන් හැදුවා ගම්පහ ,මීගමුවේ තව වතුපිටිවල දිනුවා කළා .ඒවා මොකුත් මතක නැහැ , (ම)
ස්වයං විවේචනයක් (ම)
සම්පුර්ණ සහතික ඇත්ත වෙලාවක් කලාවක් නැති එක තමා අනික ඇති වෛරය (බ)
මහින්ද නැතුව රටක් නෑ අකිල එල්ලාවල නැතුව බලංගොඩට වැඩක් නැ (ම)