රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලපෑම්වලට යටත් නොවන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසිය. 1977 වසරේ සිට තමා විධායක ජනාධිපති බලතලවලට එරෙහිව කටයුතු කළ පුද්ගලයකු වුව ද ජනාධිපති බල තල තිබිය යුතු යැයි ඇතැම් අවස්ථාවල සිතෙන බව ද සේනාරත්න මහතා කිවේය.
ඔහු මේ බව කීවේ තෙල්දෙනිය මූලික රෝහලේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි ප්‍රධාන ආරාධිතයා විය.
"මම විධායක ජනාධිපති බලතල භාවිත කිරීමට 1977 වසරේ සිට විරුද්ධ වූ පුද්ගලයෙක්. නමුත් ඇතැම් අවස්ථාවල දී මට සිතෙනවා ජනාධිපති බලතල තිබිය යුතු බව. ඊට හේතුව කැබිනට් මණ්ඩලයට ඇතැම් යෝජනා ගෙනඒමෙි දී විවිධ මත ඉදිරිපත් කරනවා. නමුත් ජනාධිපතිවරයා විනිශ්චය සභාවේ සිට අවසන් තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසු එම යෝජනාවලින් ජනාධිපතිවරයා ජයගන්නවා. එම නිසා ඇතැම් අවස්ථාවල දී මට හිතෙනවා ජනාධිපති බලතල තිබීම හොඳයි කියලා.“ යයිද සේනාරත්න මහතා කිවේය.
“රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. ඒ හිටපු ජනාධිපතිවරයා බලයට ගෙන ඒමටයි. සභාපතිවරයාට එම බලය ලබා දී තිඛෙන්නේ නාථ දෙවියෝ කියලයි ඔහු ප්‍රකාශ කරන්නේ. සයිටම් අර්බුදය භාවිත කරමින් විරෝධතා ඇති කරන්නේ එම නිසයි. දේශපාලන බල පෙරළියක් ඇති කිරිමටයි. සයිටම් අර්බුදයට රජය විසදුමක් ලබාදුන්නා. අධිකරණය ලබාදුන් නියෝග මම ක්‍රියාත්මක කළා. මම කැමැති නැහැ එස්.බි දිසානායක අමාත්‍යවරයා මුහුණ දුන් ගැටළුවට මුහුණදීමට. අධිකරණ නියෝගය හොඳ හෝ නරක වුනත් ක්‍රියාත්මක කළ යුතුයි.“ යයිද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති බලතල තිබිය යුතුයි විතරක් නෙමෙයි, පාවිච්චිත් කලයුතුයි. සිද්දවෙන දේවලින් අපිට පේනවා ටිකක් හරි අපිව බේරිලා ඉන්නේ ටිකක් හරි ඒවා පාවිච්චි කරන හින්ද බව. අලුත් ලියවිල්ලෙන් යෝජනා වෙන හැටියට ඒ ටිකත් අනික් අයට පැවරුවොත් අපට දෙවියන්ගේම පිහිටයි.
ජයවේවා ඇමතිතුමනි සියලු බාධක ජයගන්න ඔබතුමාට ශක්තිය ලැබේවා
බලතල එපා කියන්නෙත් දේශපාලකයෝ . ඕනේ කියන්න්නෙත් දේශපාලකයෝ. තමන්ගේ පැවැත්මට අවශ්‍ය වටපිටාව සකසා ගැනීමක් විතරයි මොවුන්ගෙන් බලාපොරොත්තු විය හැක්කේ.
මුල අමතක උනාම ඔහොම තමයි.
මේ ඇමතිතුමා නේද පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාල එපා කියල ඒ කාලයේ කෑ ගැසුවේ. දැන් හොද වෙන්නේ කොහොමද පෞද්ගලික වෛද්‍ය විශ්ව විද්‍යාල.
මොන බලතල හරි භාවිතා කරලා GMOA එක ජනතාවගේ බෙල්ල හිර කරමින් කරන වර්ජන තර්ජන ක්‍රියාවල් නැවත්වීමට කටයුතු කල යුතුයි. ජනතා මුදල් වලින් ඉගන ගෙන ජනතාව ප්‍රාණ ඇපයට ගැනීමට ඔවුන්ට ඇති නීතිමය හෝ සදාචාරාත්මක අයිතිය කුමක්ද?
විධායක ජනාධිපති බලතල අනිවාර්යෙන්ම තිබිය යුතුයි. කට්ටියක් බලාගෙන ඉන්නවා බලතල අතහරිනතුරු. මේ මොහොතේ ජනාධිපතිතුමා විධායක බලතල අතහරිනවට වඩා හොදයි දැලිපිහියකින් බෙල්ල කපාගන්න එක.
සයිටම් කියන්නේ ලොක්කන්ට පගාව දීලා, බොරුවට වෙඩිතියාගෙන රටම විනාස කරගෙන එන බොරුවක් මේතරමට මේකට මේ ලොක්කෝ කෑගහන්නේ මේ අය මේකෙන් හම්බකරගන්න මිසක් වෙන දෙයකට නෙවෙයි මේ සරල දේ තේරුම් ගන්න අපිට කමක් නැහැ හරියට කරන දෙයක් නම්
GMOA සභාපති හිතාගෙන ඉන්නේ එයා විධායක ජනාධිපතිටත් ඉහලින් ඉන්නව කියලයි. මහින්ද ජනාධිපති පුටුවේ තියලලු එයා පස්ස බලන්නේ. ඉගෙනගත්තට මොලේ නැහැ කියල කියන්නේ මේවගේ මොන්ටිසෝරි සිතුවිලි වලට තමයි.
සමහර වෙලාවට විතරක් නොවෙයි, රටේ පවතින ජනවාර්ගික අර්බුදය (?) සමථයකට පත්වෙන තුරු අපේ රටට විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍යමයි. දැන්වත් හිතෙන් නැද්ද 19 වන ව්‍යාවස්ථා සංශෝධනය ගේන්න ඉක්මන් වුණා වැඩියි කියල.
පසුව රාජිතට තේරුම් ගිය පුද්ගලික විශ්ව විද්‍යාලවල වටිනාකම
කීර්ති ඔබ හරි සයිටම් ලොක්කගේ වෙඩි තියා ගැනීම සයිටම් ප්‍රශ්නයට අදාල නැත. පටලවා ගන්න එපා