ලංකා සමසමාජ පක්ෂයේ හිටපු නියෝජ්‍ය ලේකම්, මධ්‍යම කාරක සභික දේශපාලන මණ්ඩල සභික හා කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී විමල් රොද්‍රිගු මහතා අභාවප්‍රාප්ත විය.
වැල්ලවත්ත රෙදි මෝලෙන් වෘත්තිය ජීවිතයට පිවිසුණු ඔහු ලංකා ගමනාගමන මණ්ඩලයට එක්වූ අතර ලංකා සමසමාජ පක්ෂයේ වෘත්තිය සමිති අංශය නියෝජනය කළේය.
1971 දී පිහිටුවන ලද හංස රෙජිනේතුවේ ක්‍රියාකාරී නායකයකුවූ විමල් අඩසිය වසක් ලංකා සමසමාජ පක්ෂයේ පූර්ණ කාලීනව දේශපාලනයේ නියැලී සිටියේය. පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දීමට මධ්‍යම කාරක සභිකයන් සමග ගත්තාවූ තීරණය නිසා විමල්ගේ පක්ෂ සාමාජිකත්වයද අත්හිටුවින.
දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇත. බ්‍රහස්පතින්දා (30) පස්වරුවේ පක්ෂ ගෞරව සහිතව අවසන් කටයුතු කෙරෙයි. දේහය රාජගිරියේ පිහිටි දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට භාර දෙනු ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමල් සහෝදරයාගේ අභාවය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අරගලයට විශාල පාඩුවක්. සමසමාජ පක්ෂය 'සමසමාජ ' ක්‍රමයක් සඳහා වූ අරගලය අතහරිද්දී එය රැකගැනීමට සටන්කළ විමල් සහෝදරයාට අපේ ආචාරය! (නි)
ඔබට නිවන් සුව. (බ)
වචනයෙන් ක්‍රියාවෙන් පමණක් නොව සිතුවිල්ලෙන් පවා සැබෑ සමසමාජයක් පැතු උතුම් මිනිසෙකුගේ සමුගැනීමක්. ඔබට උතුම් නිවන් සුව. (බ)
සමසමාජය සැබෑ ලෙසම විමල්ට ගරු කළ යුතුය ඔබට නිවන් සුව (බ)