ලංකා සමසමාජ පක්ෂයේ හිටපු නියෝජ්‍ය ලේකම්, මධ්‍යම කාරක සභික දේශපාලන මණ්ඩල සභික හා කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී විමල් රොද්‍රිගු මහතා අභාවප්‍රාප්ත විය.
වැල්ලවත්ත රෙදි මෝලෙන් වෘත්තිය ජීවිතයට පිවිසුණු ඔහු ලංකා ගමනාගමන මණ්ඩලයට එක්වූ අතර ලංකා සමසමාජ පක්ෂයේ වෘත්තිය සමිති අංශය නියෝජනය කළේය.
1971 දී පිහිටුවන ලද හංස රෙජිනේතුවේ ක්‍රියාකාරී නායකයකුවූ විමල් අඩසිය වසක් ලංකා සමසමාජ පක්ෂයේ පූර්ණ කාලීනව දේශපාලනයේ නියැලී සිටියේය. පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දීමට මධ්‍යම කාරක සභිකයන් සමග ගත්තාවූ තීරණය නිසා විමල්ගේ පක්ෂ සාමාජිකත්වයද අත්හිටුවින.
දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇත. බ්‍රහස්පතින්දා (30) පස්වරුවේ පක්ෂ ගෞරව සහිතව අවසන් කටයුතු කෙරෙයි. දේහය රාජගිරියේ පිහිටි දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට භාර දෙනු ඇත
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සමසමාජයේ පරණ පුරුකක් ගිළිහෙයි
චන්දිමාල් Thursday, 30 April 2015 01:05 AM
විමල් සහෝදරයාගේ අභාවය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අරගලයට විශාල පාඩුවක්. සමසමාජ පක්ෂය 'සමසමාජ ' ක්‍රමයක් සඳහා වූ අරගලය අතහරිද්දී එය රැකගැනීමට සටන්කළ විමල් සහෝදරයාට අපේ ආචාරය! (නි)
නදීෂාන් Wednesday, 29 April 2015 09:16 AM
ඔබට නිවන් සුව. (බ)
මාධව Wednesday, 29 April 2015 09:54 AM
වචනයෙන් ක්‍රියාවෙන් පමණක් නොව සිතුවිල්ලෙන් පවා සැබෑ සමසමාජයක් පැතු උතුම් මිනිසෙකුගේ සමුගැනීමක්. ඔබට උතුම් නිවන් සුව. (බ)
මංගල වේලාරත්න Wednesday, 29 April 2015 11:03 AM
සමසමාජය සැබෑ ලෙසම විමල්ට ගරු කළ යුතුය ඔබට නිවන් සුව (බ)