ලෝක ප්රසිද්ධ දකුණු කොරියාවේ සැම්සුන්ග් සමාගමේ අධිපති ලී කුන් හී මහතා අත්අඩංගුවට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු දකුණු කොරියාවේ විශ්රාම වැටුප් අරමුදලින් කොටසක් සැම්සුන්ග් සමාගමේ ආයෝජනය සම්බන්ධයෙන් නීතියක් අනුමත කර ගැනීම සඳහා එරට ජනපති පාර්ක් ග්වේන් හුයි මහතාගේ සමීපතමයකුට ඩොලර් මිලියන 36කට ආසන්න මුදලක් අල්ලස් ලෙස ලබාදී ඇතැයි වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් දකුණු කොරියා පොලිසිය ඔහුගෙන් පැය ගණනාවක් පුරා ප්රශ්න කිරීම් සිදුකර ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්රවෘත්තියේ මම දකින දේ තමයි සැම්සුන් වගේ ලෝකේ ප්රධානම ආයතනයක සභාපති කෙනෙක් පවා අත්අඩංගුවට ගන්න ඔවුන්ගේ නීතිය ක්රියාත්මක කරන ආයතන වල ඇති ඍජුබව. දේශපාලන බල අධිකාරියට කිසිලෙසකවත් නීතියට බලපෑම් නොකළහැකි බව. යහපාලනයක් තියෙනවා කියන අපේ රටේ පුළුවන් නම් ආණ්ඩු පක්ෂයේ ප්රාදේශීය සබා මන්ත්රී කෙනෙක් අත්අඩංගුවට අරගෙන පෙන්නන්න (නි)
කොරියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ... (ර)
මෙච්චර ප්රසිද්ධ, ධනවත් කෙනෙක් තවත් සල්ලි හම්බකරන්න හොරවැඩ කරනවා කියන්නේ , තණ්හාවේ ආශාවේ කෙළවරක් නැහැ කියන එකයි. (ර)
මම කිවුවේ අත්අඩංගුවට අරන් ප්රශ්න කරන්නේ නෑ කියලා. (ර)
එයාලත් බලනකොට වෙනසක් නැහැනේ (නි)
ඒ රටේ නීතිය කාටත් එකයි වගේ පෙනෙන්නේ. (නි)
ඉටු කොට කළ යුතු යුතුකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන්නම් නුඹයි මගේ පුතා (බ)
අපේ රටෙත් ඉන්නවා ඔය වගේම වැරැද්දකට සම්බන්ධ අය. සෘජුව වැරැද්දක් නොකළත්, වක්රාකාරව අනුබලදීමත් වැරැද්දක්. (නි)
එතකොට දැන් කොරියාවේ පාරවල් වහගෙන සැම්සුන්ග් එකේ කට්ටිය උද්ඝෝෂණයක් කරනවද? (නි)
දකුණු කොරියාවේ නීතිය අකුරටම ඇති රටක්. ඒ රටේ වැරදි වැඩ කළ ජනපති, අගමැති, ඇමති කාටත් නීතිය එකයි. මම එම රටේ මාස 3ක් පුහුණුවකට ගියා 2003 වසරේ. එම දිනවලත් හිටපු ජනපතිලා කීප දෙනෙක් සිටියේ මහා උළුගෙදර. ඒකනිසා තමයි එම රට දියුණුවෙලා තිබෙන්නේ. අපේ රටෙත් නීතිය එහෙම වුණොත් අපේ රටත් පළමු ලොව රටක් වේවි. (නි)
එහෙම වෙන්නේ කොරියාවේ. මහා බැංකුව එහෙමපිටින් හොරක කරපු හොරු මෙහෙ හොඳට නිදහසේ තව හොරකම් කරනවා. (නි)
අන්න නියම රටවල්! (නි)
ඔන්න දියුණුවෙන රටවල් වල හැටි. ලංකාවේ කවදාවත් ඔය වගේ දෙයක් වෙයි කියලා හීනෙකින්වත් හිතන්න බැහැ (නි)
අපට ලොකු ආදර්ශයක්. සොක්කෙක් නොවේ, මේ ලොක්කෙක් අත්අඩංගුට අරන් තිබෙන්නේ (නි)