( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
වෛද්‍ය උපාධිධාරීන් සඳහා සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) අතුරු නියෝගයක් නිකුත් කෙරිණි.
ලබන මාර්තු 27 වැනි දා තෙක් බලපැවැත්වෙන පරිදි මෙම අතුරු නියෝගය ලබා දී ඇත.
සීමාවාසික පත්වීම් ලබා ගැනීමට සුදුසුකම් ලබා සිටියදී එම පත්වීම් තමන්ට ලබා නොදී රජයේ වෛද්‍ය පීඨ සහ කොතලාවල වෛද්‍ය පීඨ උපාධිධාරීන්ට පමණක් එම පත්වීම් ලබා දීමට එරෙහිව මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරීන් තිදෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සළකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කරන ලදී .
මෙම පෙත්සම ඊයේ ප‍්‍රසන්න ජයවර්ධන , ප‍්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සළකා බැලූ අතර එම විනිසුරු මඩුල්ල විසින් මෙම අතුරු නියෝගය නිකුත් කරන ලදී.
මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරින් වන එස්.එම්.හල්පේ ඇතුළු තිදෙනෙකු විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා , ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු පස් දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
ගොනු කළ පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.
පෙත්සම්කරුවන් වසර පහක් තිස්සේ මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වසර පහකට ආසන්න කාලයක් වෛද්‍ය උපාධිය හැදෑරූවෝ වෙති.
සයිටම් සිසුන් වෛද්‍ය වෘත්තිකයින් ලෙස ලියාපදංචි වීමට සුදුසුවන බවට අභියාචනාධිකරණය විසින් තීන්දු කොට එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කොට තිබියදීත් තමන්ට මෙම පත්වීම් ලබා නොදී තම මූලික අයිතිවාසිකම් කඩ වීමක් බවද පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
එසේම අධිකරණ තීන්දුව ප‍්‍රතික්ෂේප කිරීම තුළින්ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවද පෙත්සම්කරුවෝ කියා සිටිති.
එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත් , තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප‍්‍රකාශ කරන ලෙසත් , මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු සීමාවාසික වෛද්‍ය පත්වම් ලබා දීම අත්හිටුවන ලෙසත් , 85 දෙනෙකුගෙන් යුතු සයිටම් වෛද්‍ය උපාධිධාරී කණ්ඩායම නොමැතිව සීමාවාසික වෛද්‍ය පත්වීම ලබා නොදීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසත් පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සයිටම් පිළිකාව තවමත් ඉවර නැත්ද ?
මේ ප්‍රශ්නේ මේ ආණ්ඩුව ලස්සනට අවුල් කලා. දැන් හැමතැනම ඒකෙන් ගැටලු ඇතිවෙලා. හැබැයි ඉතින් මෙහෙමයි, ඈත පිටිසර පැතිවලට දොස්තරලා හිඟය තියෙනවානේ. මේ සයිටම් අයට පත්වීම දුන්නා නම් හරි සුදුසුකම් තිබේ නම් ඒවට.
සයිටම් දරුවන්ගේ සටන සාර්ථක වේවායි පතමි
ආණ්ඩුව ගන්න තීන්දු තීරණ වලින් තැලෙන්නේ පැගෙන්නේ කොහෙවත් යන කණ්ඩායමක් (සුදුසුකම් ලැබූ පත්වීම් ). සයිටම් වැරිදිනම් මුලින්ම තීන්දුව ගන්න තිබුන. සයිටම් පටන් ගත්තනම් එම අයටත් නඩු නොගිහින් පත්වීම් දෙන්න යුතුකමක් තිබුණ. එක ආණ්ඩුවකට එක ප්‍රතිපත්තියකුත් තව ආණ්ඩුවක් ආවම තව ප්‍රතිපත්තියක් තියෙන්න බැහැ. ප්‍රතිපත්තිය ප්රතිපත්තියම විය යුතුයි. මේ වැනෙන ප්රතිපත්තිවලින් ලංකාවට කවදාවත් ගොඩ යාමට නම් ලැබෙන්නේ නැහැ.
කොහෙන් හරි උපාධියක් ගත්ත කියල ආණ්ඩුවේ ජොබ් දෙන්න බැදිලා ඉන්නවද?