ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පිහිටුවන නව පක්ෂයේ පළමු දේශපාලන සමුළුව සෙනසුරාදා (27) කොළඹදී පැවැත්වීමට නියමිත බව ඒ මහතා කියයි.
එදින සමුළුව සැසිවාර දෙකකින් යුක්ත වන බවත් පළමු සැසිය මහජනයාට විවෘත වන අතර දෙවැනි සැසිය පක්ෂ සාමාජිකයන්ට හා එහි ක්‍රියාකාරකම්වලට සීමාකර ඇත. එහිදී පක්ෂයේ නායකයින් තෝරාගැනීමට නියමිත බවත් පක්ෂයේ නම සැසිය අවසානයේ මාධ්‍යයට ප්‍රකාශ කරන බවත් අමරසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැලුවහම අරයට විතරක් නොවෙයි දේශපාලන මේනියාව මෙයාටත් තියෙනවා එහෙනම්. (අ)
චම්පික වගේ මෙයත් අන්තිමට පරණ මි්ත්‍රකමට ගරුකරලා චන්ද්‍රිකාගේ අනුශාසනාව අනුව මෛත්‍රී සරණන් ගචාමී කියලා ශ්‍රී ලංකා එකට එක්වෙනා(ම) .
අනුගාමිකයෝ බලාගෙන... (ර)
පියලාල්, සිහල උරුමයට එදා ඇති විශාල ජන ගගක් ගැලුවා. හැබැයි ආසන ලැබුනේ 20 ට අඩුවෙන්. මහින්ද මහත්තයට එදා සිහල උරුමයට හිටිය තරම් සෙනගක් දැන් නැහැ. මහින්ද මහත්තයට 6% කට වඩා ගන්න ගොඩාක් අමාරුයි, විෂශයෙන්ම අද තියෙන දේශපාලන වටපිටාවත් එක්ක බලන කොට. (ර)
යුඑම්පී එකට ඔය කියන තරම් දේවිද? (ර)
විවේකයෙන් ඉන්නේ නැතුව තව මොන දේශපාලනයක්ද මහත්තයෝ? (නි)
මහේෂි, රෝහණ විජේවීර සහෝදරය නැති උනාට පසුව ඉතිරි උන එකම නායකයා අමරසිංහ මහතා. එය තමයි ජවිපෙ නැවත ගොඩනැගුවේ ඒ පක්ෂය තමයි අද එයාට එපා වෙලා තනියෙම අයින් උනේ. තවත් විප්ලවවාදී පක්ෂයකට රටේ අවකාශයක් නැහැ කියල එයා දන්නවා ඔය ඔක්කටම වඩා. මෙතන තියන ප්‍රශ්නය මට හිතෙන විදියට එයාම පත් කල අලුත් නායකත්වය ගන්න අලුත් අලුත් උපක්‍රම වලට එයා කැමති නැහැ වගේ. අඩුපාඩුකම් තිබුනත් ජවිපෙ ඒ නායකත්වය, කට්ටිය හොදින් වැඩ කරගෙන යනවනේ. ඉස්සරට වැඩ ආකර්ෂණ ශීලි බවක් තියෙනවා. ඒවාට මෙයාට පොඩි ඉර්ශියාවක් ජනිත වෙන්න ඇති කියල මට හිතෙනවා. (ර)
රනිදු මහත්තයා කියන දේ ඒ විදියටම වේවි. ඔහොමම හිතාගෙන සුව සිහින දැක දැක මහින්ද භීතිකාව පැත්තක දාලා මහින්ද මහත්තයා කරන්නේ මොනවද, යන්නේ එන්නේ කොහෙද කියලා හොයලා ඔය බයවෙලා ඉන්න හිත සනසාගෙන සුවසේ හිතේ නිදහසින් ඉන්නකෝ. අපි වෙලාවට ඔයාවත් ඇහැරවලා ගන්නම්. (නි)
සමාජවාදයෙන්-- ධනවාදයට, ගම්පෙරලිය පාර්ට් ටු (හේ).
අවුරුදු ගානක් එංගලන්තේ ඉදලා, දනවාදී අර්ථ ක්‍රමයේ ප්‍රතිලාභ අරගේන දැන් එනවා සමාජවාදය පතුරුවන්න. මෙයත් හරියට අර අපේ කුමාර් මහත්තයා වගේ තමා. (හේ)
මම ඊයේ රෑ හීනෙයක් දැක්කා.(හේ)
පිස්සු නැත්නම් (ම)
මා දැන් මහලු වියේ, කවුරු බලන්නද? කවුරු දකින්නද? (නි)
අනේ සෝමවංශ මුත්තේ ඔය නහින දෙහින කාලේ දේශපාලනය කරලා ඇගේ ලේ ටික පුච්චගන්නේ නැතිව බණක් භාවනාවක් කරගෙන හිටියා නම් තමා හොඳ (බ)
තවත් මහින්ද රාජපක්ෂ කෙනෙක් වෙන්නේ නැතුව හිටියොත් නරකද? (නදී)
අනේ පනේ (නදී)
මේකට මෙයාගේ කලින් ගෝල බාලයෝ ටික හොඳටම බයවෙලා වගෙයි (නදී)
ලුම්බිණිට මහින්ද භීතිකාව. ලුම්බිණි කොහෙද යන්නේ මල්ලේ පොල්. (නි)
මේ මැතිවරනේදී මහින්ද මහත්තයාගේ පක්ෂයත් සෝමවංස මහත්තයාගේ පක්ෂයත් අතර 4 වෙනි ස්ථානය සදහා තියුණු සටනක් තියේවි (නදී)
මේ මැතිවරණය ගැන මගේ අනාවැකිය . එජාපය :42%, නිදහස් පක්ෂය :37%: ජනතා විමුක්ති පෙරමුණ :7% ; මහින්ද මහත්තය ඉදිරිපත් වන කුමන හෝ නව පක්ෂය පක්ෂය :6%; සෝමවංස මහතාගේ පක්ෂය :0.75% , වෙනත් පක්ෂ 7.25% (නදී)
හිත හොඳ මිනිහෙක් (නදී)
මදුරංගනී මහින්ද මහත්තයාගේ පක්ෂය සොමවංසගේ පක්ෂයට වඩා අනිවාර්යයෙන්ම ජන්ද ගන්නවා. සමහරවිට ජේ වී පි එකටත් වඩා අරගෙන 3 වෙනි තැනට උනත් එන්න පුළුවන් (නදී)
රෝහණ විජේවීර මහතා අාරම්භ කළ ජනතා විමුක්ති පෙරමුණ ගොඩගන්න පුළුවන් අමරසිංහ මහතාට පමණක් කියල මම විස්වාස කරනවා. ඒ සඳහා ඔහුට අවස්ථාවක් ලබාදීම වෙනුවට අපහාස කිරීම සුදුසු නැහැ. අනෙක් කාරනය මම දන්නා විදියට අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණේ පරණම සාමාජිකයෙක්. ඒ විදියට බැලුවහම ඔහුට පරණ ගුණ යහපත් කම් ප්‍රතිපත්ති තිබුනා පක්ෂය අලුතින් ගොඩගන්න අයිතියක් යුතුකමක් තිබෙන්නට ඕනා. සමහර විට ඔහු මිය යාමට කලින් ඒ පරණ පක්ෂය හදන්න ඕන කියල ඔහු සිතනවා වෙන්න පුළුවන් කියල මම හිතනවා. මම හිතන අනෙක් කාරනය ජනතා විමුක්ති පෙරමුණෙන් අයින් වෙන පුද්ගලයින් පසුව ඒ පක්ෂයේ අයම ඔවුන් ද්‍රෝහීන් අවස්ථාවාදීන් කියල හදුන්වන්නේ. එ්ක හරිම නරක ක්‍රියාවක් නේද? (නදී)
අයියෝ රනිදු ,සෝමවංස මහත්තයා ඊට වඩා ජන්ද ගන්නවා. එතුමාට පරණ ජේ වී පි අය තවමත් ආදරෙයි. (ම)
එකට කාල එකට සටන් කරලා අන්තිමට සටන පාවා දීල පැනලා යන තමුන්නාන්සේ වගේ නායකයෙක් වටේ ආයෙත් රැස් වෙන අය ඉන්නවා නම් ඒ අයට පිස්සු.(ම)
අපේ රටේ ඡන්ද දායකයින්ට වඩා පක්ෂ වැඩිවන දවස වැඩි දුර නැහැ.(ම)
රනිදු, මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බහුතරයක් කඩාගන්න බැරිවුනොත් මහින්ද මහත්තයා එන එකක් නැහැ ඡන්දෙට මොකද නිකම්ම මන්ත්‍රී කෙනෙක් හැටියට පාර්ලිමේන්තුවේ සිටීමේ අවදානමක් තියෙන නිසා.(නදී)
තවත් ත්‍රීවීල් පක්ෂයක්. ඕකට ගොඩවෙන්න ජවිපෙ සාමාජිකයෙක් හොයා ගන්න එකයි ප්‍රශ්නය. පක්ෂයෙන් ගිය බොහෝදෙනා අවසානයේ ගිහින් වැටුනේ ධනපති පක්ෂ කුනු ගොඩේයි. මෙයාට කියල වෙන තැනක් නම් තියෙන්න බැහැ අද කියන දේ ඇහුවම. (නදී)
ඉන්න එක හදාගන්නේ නැතිව තව එකක් හදන්නේ කොහොමද ? (නදී)
නරකද , "අන්තවාදී වැඩිහිටි ජාතික පෙරමුණ" කියල නම දාල, වාසුයි, අර අරයයි , දිමුයි , රත්නෙයි , ඔය තිස්ස විතාරණ වගේ ඔක්කොම එකතුවෙලා ඡන්දෙ ඉල්ලුවානම් , රවිදු කියන්න බලන්න % කියද කියලා (නදී)
පීඩිත පංතියේ ජයක්ග්‍රහණය තව තවත් වලපල්ලට දැමීමේ කොටස් කරුවන් ගැන කනගාටු වියයුතුය. පොදු අරමුණකට වඩා තමන්ගේ අරමුණ වෙත පමණක්ම යාමට සිතීම කවදත් වමේ ව්‍යාපාරය තුළ දකින්නට ලැබීම වමේ ජනතාවගේ අවාසනාවකි. (නදී)
විමල් මහින්දගේ සාටකේ එල්ලුනා. සෝමවංශ මෛත්‍රීගේ සරමේ එල්ලෙනවා (නදී)
මදුරංගනී, ආණ්ඩුව විසුරවපු ගමන් සන්ධානයෙන් 90%ක් මහින්ද පිලට එනවා. මෙතුමාට තියුණු සටනක් තියෙන්නේ ඉතිරි 10% සමගයි හතරවෙනි තැන ලබා ගන්න. (නදී)
මම නම් කියන්නේ රටට ප්‍රධාන පක්ෂ දෙකක් තිබ්බොත් ඇති කියලයි.පුද්ගලයගෙන් පුද්දගලයට මේ පක්ෂ දෙකට ඇති කැමැත්ත අකමැත්ත වෙනම කාරණයක්.(නදී)
තමන්ගේ නායකත්වය කැමත්තෙන්ම අලුත් නායකයට බාරදීලා දැන් එලියට ඇවිල්ල්ල පක්ෂයේ වැරදි කියනවා. මෙයා විමල් ගොයියගේ ලොකු අයියා. (නදී)