(අමදෝරු අමරජිව)
සෝමාවති ජාතික උද්‍යානයට අනවසරයෙන් ඇතුලුව දර කැඩුවැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයන් 53කුට එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ 53ක ශරිර ඇප මත මුදාහරින්නැයි කන්තලේ වැඩබලන මහේස්ත්‍රාත් ශානිකා පෙරේරා මහත්මිය නියෝග කළාය.
ශරීර ඇප නියම වු සැකකරුවන් කන්තලේ පේරාරු ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් ට්‍රැක්ටර් 8කින් යාන්ත්‍රික කියත් රැගෙන රක්ෂිතයට ඇතුලුව වියලි දර කඩද්දි අග්බෝපුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බි.එම්.ජි.බී.දහම්පත් මහතාට ලද තොරතුර කට අනුව මෙම වැටලිම සිදුකර තිබුණි.
කන්තලේ කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අශෝක වීරක්කොඩි මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි රෝහාන් වනිගසේකර මහතාගේ මෙහෙයවිමෙන් අග්බෝපුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බි.එම්.ජි.බි.දහම්පත් මහතාගේ මෙහෙයවිමෙන් මෙම වැටලිම සිදුකලහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd