මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍යවරයකුව සිටියදී එල්.ටි.ටි.ඊ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමට තැත් කළැයි සිර දඬුවම් ලැබ සිටියදී ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ සිවරාජා ජෙනිෆර් අද තම මව සහ පියා සමඟ පුදුකුඩිරුප්පුවට පැමිණ ජනපති හවූහ.
තම දරුවාට සමාව ලබාදීම සම්බන්ධයෙන් සිවරාජාගේ මව සහ පියා සිරිසේන මහතාට කෘතඥතාව පළ කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන්, ඔබේ අදහස තේරුම් ගන්න බැරි ලක්ෂ ගණනක් අපි අතර ඉන්නවා. හමුදාවට සමාව දුන්නොත් ඉතින් ඔය රස්සාව කරලා හමාරයිනේ! ඔතනට එන්න උදවු කරපු අය සතුටු කරන්න පුළුවන් කොටින්ට සමාව දීමෙන් පමණයි. (බ)
අපේ රණවිරුවන්ටත් සමාව දෙන්නකෝ (නි)
සමන්, අප්පුහමිලා වගේ අයට තේරුනාට ඕක බොහෝ සිංහලයන්ට තේරෙන්නේ නැහැ (නි)
සමන්, අප්පුහාමි, ඒ අය සදාකල් රණවිරුවෝ. සමාව දෙන්න ඒ අය වරදක් කරලා නැහැ. ප්‍රශ්නය තිබෙන්නේ උතුම් රණවිරුවන්ටත් නිගාදෙමින් නිල ඇඳුමෙන් අපරාධ කළ සුළු පිරිසක් නිසා මුළු හමුදාවටම කළු පැල්ලමක් ඇතිව තිබීමයි. වගකිවයුතු රජයක් ඒ පිළිබඳව සොයාබලා එවන් වැරදි කළ අයට තරාතිරම නොබලා දඬුවම් කළයුතුයි. (නි)
ඇත්තටම ඔබ උතුම් කෙනෙක් (නි)
අපේ විරෝධාර හමුදා සොයුරන් එදා මෙයාව අල්ලාගත්තේ නැත්නම් අපිට පින් පමුණුවන්න තිබුණා. (බ)
සමන්, ඔබේ අදහසට මගේ උත්තමාචාරය! (නි)
මරාගෙන මැරෙන්න ආ ත්‍රස්තවාදියාට සමාව දෙන්න පුළුවන් නම් තමන්ගේ රාජකාරියේදී ත්‍රස්තවාදීන් මැරූ හමුදාවට සමාව දෙන්න බැරි ඇයි? (නි)
සමාව දීම දේව ගතියක්... (ර)
අගේ ඇති වැඩක්. (ර)
සැමටම දුන් හොද ආදර්ශයක් ... (ර)
ඇත්තනේ ඉතින්, මොනතරම් සතුටක්ද? (නි)
හොඳ දෙයක්. (ර)
සතුටුයි නේන්නම්. කවුද හිතුවේ කවදාවත් මෙහෙම වෙයි කියලා. දැන් ඉතින් රටේ කිසිම ප්‍රශ්නයක් නැහැනේ. ඔච්චරයි ප්‍රශ්නෙකට තිබුනේ. දැන් ඒකත් හරි (නි)
සේනක, ඔයා හරියටම හරි. මමත් ඔයාගේ අදහසට ගරු කරනවා. අහිංසක මිනිස්සු මරන්න නිල ඇඳුම මුක්තියක් කරගන්න දෙන්න එපා. ජනපතිතුමනි, ඔය වගේම පහුගිය කාලේ හොරුන්ට දඬුවම් දෙන්න. (නි)
හොඳ සද් ක්‍රියාවක්. (ර)
මහත්මා ගති තිබෙන ලංකාවේ එකම මුල් පුරවැසියා (ම)
මේ නිදහස ලබා දීම අනුමත කරන්න බෑ.(හේ)
මා ගෞතම බුදුන් වහන්සේ" දේශනා කළ වදනක් මෙනෙහි කරගෙන ජනාධිපති තුමා ගත් මේ ක්‍රියාව සැමටම ලොකු ආදර්ශයක් (බ)
ජනාධිපති තුමනි මරාගෙන මැරෙන්න ආපු ත්‍රස්තවාදියාට සමාව දෙන්න පුළුවනි නම් තමන්ගේ රාජකාරියේ දී ත්‍රස්තවාදීන්ව මැරූ හමුදාවට සමාව දෙන්න බැරි ඇයි?මේ කොටියාගේ දෙමාපියන් වගේම ඒ සිරගත කර සිටින හමුදා නිළධාරීන්ගේ දෙමාපියන් දරුවන් සතුටු වෙනවා දකින්න ඔබ අකැමැති ද?කොටියා ආවේ මරාගෙන මැරෙන්න.හමුදාව කළේ රාජකාරිියක්.එදා හමුදාව මේ කොටියාව අල්ලා නොගත්තා නම් අද කොටියට සමාව දෙන්න ඔබ ඔතන නැහැ නේද? (බ)