එකම දිනයේදී බිරිය සහ සැමියා මිය යාමේ සිද්ධියක් අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වේ.
අනුරාධපුර බන්ධනාගාර ජේලර් එම්.පී.ඩී.වෛද්‍යරත්න (55) සහ අනුරාධපුර රෝහලේ හෙදි කේ.එස්.පෙරේරා මහත්මිය බදාදා (3) තම්මැන්නාකුලමේදී මරුමුවට පත්වූහ.
බිරිය රෝගාතුරවී මිය යාමෙන් පසුව සැමියා හෘදයාබාධයකට ලක්වී මිය ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදරයේ පිවිතුරුකම. (ර)
දුක හිතෙන්න දෙයක් නැහැ..මේක සතුටු වෙන්න ඕනි දෙයක්....ඔවුන් දෙන්න සංසාරේ පතාගෙන එන්න ඇති අපි එකම දිනක දිවියෙන් සමුගනිමු කියලා.(හේ)
සාදු...සාදු...ඒ අම්මයි තාත්තටයි නිවන් සුව ලැබේවා (නදී)
සැරයටියෙන් අපියනේනතුරා සංසාරේ අපි එකට ඉමු .සංසාරෙන් අපි සමුගන්නදා ඒ ගමනත් අපි එකට යමු .(හේ)
මේ දෙදෙනාම සංසාරේ එකට එන්න ඇති. එකට මියයාම පුදුමයක්. නමුත් පොඩි ළමයි ඉන්නවා නම් තත්වය හරිම කණගාටුදායකයි. අද සිට ළමයින්ට මවුපියෝ දෙන්නම නැහැනේ. (නි)
මේ එක්ව සමුගැනීමම නැවතත් ඔබට සසරේ බෞද්ධ මිනිසුන් ලෙස එක්ව සිට සසර ගමන කෙළවර කරගැනීමට වාසනාව ලැබේවා! (නි)
පිටිගල අයියාගෙත් කාලය හරියාගෙන නේද එන්නේ? කල් නොයවා පිනක් දහමක් කරගන්න. (නි)
අපේ ගමෙත් ඔය වගේ ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි හිටියා.සීයා හිටියේ ලෙඩින්. උදේ සීයා කියලා "මම මළාම උඹ තනියම නේද" කියලා. ආච්චි දුකෙන් බලා ඉඳලා ගිහින් නිදාගෙන. එහෙමම නැතිවෙලා.ඒක දැනගත්ත සීයත් පපුව හිරවෙලා මියගියා.[සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු] (නි)
සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු.. සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු ..... ඔබ දෙපලට නිවන් දොරටුව විවර වේවා. (ම)
ඒ දෙන්නගේ ඉරනම ලියවිලා තිබුන හැටි (නදී)
ගොඩක් දුක හිතෙන කතාවක්. ඇත්තටම ආදරය ගැන නැවතත් හිතන්න වෙන පුවතක් (නදී)
සැහෙන්න දුක හිතෙන කතාවක්. ඔබ දෙපලට නිවන් සුව අත් වේවා. (නදී)
එක් උනා, වෙන් උනා (නදී)
ඔබ දෙපලටම නිවන් සුව (නදී)
හිතන්න ඕන දෙයක් (දී)