කොළඹ පදිංචි ව්‍යාපාරිකයකු වෙනත් කතක් සමග මහනුවර හෝටලයක සිටිතියි කළ පැමිණිල්ලකට අනුව පොලිසිය එහි සත්‍යතාවය සොයා ගත්තේය. එම පැමිණිල්ල කළ බිරිය සමග පොලිසිය හෝටලයට ගොස් සැමියා සහ අනියම් බිරිය අතටම අල්ලා ගත් බව දැන ගන්නට ඇත.
කොළඹ පදිංචි ව්‍යාපාරිකයකු වෙනත් කතක් සමග මහනුවර හෝටලයක සිටිතියි කළ පැමිණිල්ලකට අනුව පොලිසිය එහි සත්‍යතාවය සොයා ගත්තේය. එම පැමිණිල්ල කළ බිරිය සමග පොලිසිය හෝටලයට ගොස් සැමියා සහ අනියම් බිරිය අතටම අල්ලා ගත් බව දැන ගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිරිඳ හරිහැටි සැළකුවා නම් සැමියා මොකටද අනියම් ඇසුරු සොයායන්නේ (නි)
හොඳ වැඩේ ඕනෑ නැති වැඩ කරන්න යන පිරිමින්ට (නි)
මේ අනියම් සම්බන්ධය සාධාරණිකරණය කරන කී දෙනෙක් මෙතන ඉන්නවද? මේ ටික බිරිඳ කළා නම් කියන්නේ "මම එයාට ඉතාම හොඳට සළකළාත් මේ විදියේ පහත් වැඩක් කළා" කියලා. තවත් සමහරු කියන්නේ පවුල රැකගන්න සැමියාගේ ඕනෑම බරපතල වරදක් නොදැක්කා වගේ ඉන්න කියලා. මගේ පුද්ගලික අදහස නම් පිරිමිකම කියන්නේ අනියම් සම්බන්ධකම් වලට ලැබෙන බලපත්‍රයක් නෙමෙයි. (නි)
ගෙදරදී අල්ල ගත්තනම් ඔය කරදර වෙන්නේ නැහැනේ. (බ)
අනෝමා 2015-03-22 06:18:56 මේ අනියම් සම්බන්ධය සාධාරණිකරණය කරන කී දෙනෙක් මෙතන ඉන්නවද? මේ ටික බිරිඳ කළා නම් කියන්නේ "මම එයාට ඉතාම හොඳට සළකළාත් මේ විදියේ පහත් වැඩක් කළා" කියලා.මගේ පුද්ගලික අදහස නම් පිරිමිකම කියන්නේ අනියම් සම්බන්ධකම් වලට ලැබෙන බලපත්‍රයක් නෙමෙයි.............." හලෝ අනෝමා, ඔයාට අමතක උනාද මේ කතාවේ අනිත් පැත්තේ ඔය වැඩේම කරපු ගැහැණු කෙනෙකුත් ඉන්න බව? (බ)
අනියම් සම්බන්දතා වලට පිරිමි වගේම ගැහැණුත් එක සමානවම වග කියන්න ඕන.මේවා බුද්දිමත්ව විසදන්න ඕනි ප්‍රශ්න (දිල්)
හොරකමක් ගෙන කිව්වොත් නම් මේගොල්ලෝ එන්නේ මාසෙකට පස්සේ ඒගැන හොයන්න. (නදී)
ඕක තමයි ලෝකේ තියන ලොකුම ලැජ්ජාව. බිරිදට නෑයන්ට යාළුවන්ට දරුවන්ට සමාජයට කාටවත් මුහුණ දෙන්න බැහැ වස ලැජ්ජාව (නදී)
ඉතින් බිරිඳට මේ වැඩෙන් ඇති වෙන ප්‍රතිලාභය මොකක්ද? සැමියා වෙනදාට වඩා ආදරෙන් ඉඳීවි කියලා හිතනවා ඇති.(නදී)
අනේ පොලිසියට වෙන වැඩ නැද්ද පවුල් කඩන්නේ නැතුව (නදී)
ව්‍යාපාර කටයුත්තකට වෙන්න බැරිද ? (නදී)
අයියෝ ඕක ශේප් එකේ කරගන්න එපායැ. පුංචි දෙයක් වත් කරගන්න බැරුව කොහොමද ලොකු ලොකු වැඩ කරන්නේ. දැන් වස ලැජ්ජාවනේ වෙන්නේ.(නදී)
මම කැමතිනම් , කෙල්ල කැමතිනම් කාටත් ඇයි වේදනා. පොලිසියට වෙන වැඩක් නැත්ද ? (නදී)
අනේ මෙහෙමත් පිරිමි! මෙතන අදහස් දාලා තියන පිරිමින්ගෙන් එකක් අහන්නද? ඔයාලගේ බිරිඳ වෙන කෙනෙක් එක්ක ඉඳලා අහුවුණොත් මොකද කරන්නේ? (නි)
ඔය හොර රහසේ කරන වැඩ පොලිසියට කියන්න ඕන නැහැනේ. කොළඹ ඉඳල ඔය වැඩේට මහනුවර ගිහිල්ලත්, ඒක පිටිපස්සේ පොලීසිය. අනේ මේ නිලධාරීන්ට හොර ජෝඩු පස්සේ පන්නනවා ඇරෙන්න වෙන වැඩක් ඇත්තෙම නැද්ද? (නදී)
බුවනෙක ඔබේ බිරිඳ කැමති නම්, කොල්ලා කැමති නම් මොකද කරන්නේ ? (නදී)
පිටිගල, අනියම් ඇසුරක් නිසා දික්කසාදය ඉල්ලා සිටිනවා නම් එය සාක්ෂි සහිතව අල්ලා දිය යුතුයි. මම හිතන්නේ ඒ කාන්තාව කලේ එයයි. (නදී)
ඉතින් ඕක අපි දැනගත්ත කියල ඇති වැඩේ මොකක්ද. (නදී)
දැන් පොලිසිය පවුල් ප්‍රශ්නත් විසදනවා. වෙන කරන්න කිසිම දෙයක් නැතිද ? (නදී)
ලංකාවේ අනියම් ඇසුරු අල්ලන්න ගියොත් වෙනම කඩා පනින හමුදා අනු කණ්ඩයක් පිහිටුවන්න වෙයි. ඒ තරමටම ප්‍රශ්නේ උග්‍රයි. (නදී)
මේ ප්‍රශ්නෙදි පොලිසියට බනින්න එපා. පොලිසිය අාවේ කසාද ගෑනු කෙනාගේ පැමිණිල්ලට. පැමිණිල්ලක් නැත්නම් පොලිසිය එන එක වැරදීයි.(නදී)
ඕනේ තරම් මිනිස්සු ගෑනු අහුවෙන්නේ නැතිව මේ දේවල් කරනවා අහිංසකයෝ අහුවෙනවා (නදී)
පොලිසියෙ මේ දවස්වල රාජකාරිය හොරු ඇල්ලීමනේ (නි)
ඔය වගේ දේවල් දැන් දැන් හැමතැනම වගේ වෙනවා (නි)
දැන් නඩු දාන්නේ මොකක් කියලද? ඔහොම ගියොත් බස් එකේ එක සීට් එකේ ගියා කියලත් අල්ලාවි. (නි)
සමහර ගැහැණු සැමියත් එක්ක රණ්ඩුවෙන එක විතරයි කරන්නේ. ඉතිං මේකත් මුලික අවශ්‍යතාවක් නිසා මේ වගේ වැඩ වෙනවා. (නි)
කාන්තාවන්ගේ වැඩත් මෙහෙම හසුවුණා නම් මීටත් වඩා රස කතා දාන්න තිබුණා. (නි)
ඇත්තටම මෙවැනි දේ වලට නිසි දඬුවම් ලබාදිය යුතුයි. (නි)
ඔබ මගේ නම් මා ඔබේ නම් කාටවත් ඇයි වේදනා... (නි)
දත නැතිදා උක් දඩු ගිනි තපින්නද ? එ්ක නිසා දත් තියන කලේ උග්ගස් කන්න ඕනා. (නදී)
කෑම බිම වගේම මුලික මිනිස් අවශ්‍යතාවයක් ලිංගිකත්වය කියන එකත්. ලංකාවේ මෙය කතා කරන්නේ නැතුව හංගගෙන ඉන්න නිසා තමයි ප්‍රශ්න වැඩි. ඒ නිසා තමයි එවැනි දේ ගූගල් මගින් වැඩිපුරම සර්ච් කරපු රට බවට ලංකාව පත්වුනේ. ලිංගික ගැටළු ආ විට තමයි මෙවැනි දේ බොහෝ විට වෙන්නේ. ගැලපෙන එකක් මුලින්ම හොයා ගෙන බැඳගත්තේ නැති උනහම ඔහොම වෙනවා. (නදී)
ක්‍රිස්තු පූර්ව ගනන් වල විධියට පවුල් ප්‍රශ්න විසඳන්න බැහැ අද කාලේ. ඒකයි මේවා උග්‍ර වෙන්න හේතුව.(නදී)
අනියම් ඇසුරක් තිබූ පමණින් ඔහු හෝ ඇය වැරදිකරු කල නොහැකියි. ඊට හේතුවු කරුනු සොයා බලා ඉන්පසුවයි කවුරු හරිද වැරදිද කියලා තිරණය කල යුත්තේ. අද සමහර ගැහැණු කසාද බැන්දට පස්සේ තම ස්වාමියට වෙන ස්ත්‍රියක් එක්ක කතා කරන්න දෙන්නෙත් නැහැ. මානව හිමිකම් සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරිමක් ඒක. ඒ වාගේ දේ නිසා අනියම් ඇසුරු වලට පෙලඹෙනවා වැඩියි. (නදී)
ලංකාවේ අනියම් ඇසුරු අල්ලන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නෙ නැහැ. කල යුත්තේ තරුණ දරුවන්ට අධ්‍යාපනයක් ලබා දෙන එකයි. ගැලපෙන අයෙකු තෝරා ගන්නා ආකාරය. පවුල් ජිවිතයේ වැදගත්කම වැනි දේ ගැන. ඒ මොනවත් කරන්නෙ නැතුව කසාද බැදගෙන ප්‍රශ්න ආවාම මෙවැනි දේ උනාම අල්ලා කුඩුවට දාලා හො නිති හදලා මේවා විසදන්න බැහැ. (නදී)
අහුවුනේ සැමියව විතරයි වෙන්න පුළුවන්. ඒ නිසා තින්දු දෙන්න ඉක්මන් වෙනන් එපා අපේ කමෙන්ටි දාන මල්ලිලා.(නදී)
මේක නම් බිරිඳ හොඳට සැළසුම්කරලා කාගෙහරි උපදෙස් මත කරපු වැඩක්. (නි)
මෙම බිරිඳට සැමියාව ඕනෑ නම් පොලිසිය එක්ක ගිහින් ප්‍රසිද්ධ කරන්න ඕනෑ නැහැනේ. (නි)
සුජීවා 2015-03-22 00:48:40 දත නැතිදා උක් දඩු ගිනි තපින්නද ? එ්ක නිසා දත් තියන කාලේ උග්ගස් කන්න ඕනා. (නදී)
පවුල් කන එක ලෙහෙසි නැහැ. ඒක කලාවක්. එය ඉගෙනගත යුතුයි. (නි)
මෙම බිරිඳට කරන්න තිබුණු එකම හා හොදම දෙය පොළිසිය එක්ක එතනට යන එකද? පවුල එතනින්ම ඉවරයි නේද නංගියේ? (නදී)
නීති වලින් මේවා විසඳන්න බැහැ. තිබෙන නීතිත් වෙනස් කළයුතුයි. කතාව මානව හිමිකම්, මානව නිදහස ගැන. ඒ වුණාට මේ සම්බන්ධ නීති යල්පැනපුවා. ඒවා වෙනස් කරන්නෙ නැහැ. (නි)
මෝඩ වැඩක්නේ! දැන් ඉතින් ඔක්කොම හරි ඇති. පවුල රැකෙයි යසට මේ කළ වැඩෙන්. (නි)
අධිවේගී මාර්ග, මානව හිමිකම්,මානව නිදහස, ෆේස්බුක් වගේ හැමදේම දියුණු රටවලින් කොපි කරනවා. දික්කසාද නීතිය විතරක් ක්‍රිස්තුපූර්ව ගණන් වල විදියටම පවත්වාගෙන යනවා. එහෙම වුණාම මේ වගේ දේවල් ඇතිවීම සාමාන්‍යයි. (නි)
ලිංගිකත්වය ගැන තරුණ දුවා දරුවන් දැනුවත් කළයුතුයි. විවාහයේ ලිංගික ප්‍රශ්න නිසා තමයි හුඟක් පවුල් කැඩෙන්නේ. ඒකට සැමියාට බැනලා වැඩක් නැහැ. (නි)
කපිල මහතා නිවැරදියි. පසුගිය දවසක ලංකාදිපයේම මෙවන් ප්‍රශ්න ගැන හොඳ ලිපියක් ගියා මට මතකයි. බිරින්දෑවරු මෙය නොසළකා සිටීමත් මෙයට එක් ප්‍රධාන හේතුවක්. මේවට සැමියන්ව මහා අපරාධකාරයෙක් විදියට හංවඩු ගහලා, හිරේ දාලා හෝ කෝටි ගණන් වන්දි ගෙවන්න කියලා උසාවි වලින් නියම කරන එක වැරදියි. නමුත් අද අප රටේ වෙන්නේ එයයි. (නි)
මේ සැමියට පවුල රැකගන්න ඕන නිසයි හොර රහසේ කොළඹ සිට මහනුවරට ගොස් තියෙන්නේ. නමුත් බිරිඳට පවුල රැකගන්න ඕන නැති නිසයි පොලිසිය එක්ක ගිහින් ප්‍රසිද්ධ කරලා මේක අැල්ලුවේ. සමහර විට සැමියා ව්‍යාපාරිකයෙක් නිසා හොඳ වන්දියක් ගන්න වෙන්න පුළුවන්. ඇත්තටම කවුද හරි? (නදී)
කරුණාදාස මහත්තයා හරි. (නි)
දැන් ඉතින් ගෙදර හැමදාම ප්‍රශ්නනේ! (නි)
ඔව් අප්පේ! මමත් හිතලා බැලුවා. එයා වැරදිත් නැහැ නේද? (නි)
පොලිසියටත් දැන් වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ මේවා අල්ලනවා හැරෙන්න (නි)
ව්‍යාපාරිකයන්ගේ ගනු දෙනු මෙහෙම තමයි (දිල්)
ආහාර, ඇඳුම්, නිවාස, ලිංගිකත්වය කියන එ්වා මූලික මිනිස් අවශ්‍යතා. (බ)
"කොළඹ පදිංචි ව්‍යාපාරිකයකු වෙනත් කතක් සමග මහනුවර හෝටලයක සිටිතියි කළ පැමිණිල්ලකට අනුව සැමියා සහ අනියම් බිරිය අතටම අල්ලා ගත් බව දැන ගන්නට ඇත" නමුත් වෙනත් කතක් සමග හෝටලයක සිටි පමණින් ඇය අනියම් බිරිය කියන්න බැහැ. ගණිකාවක්ද කවුද දන්නේ. (බ)
මෙයාට පවුල රැකගන්න උවමනාවක් නැහැ වගේ. සැමියාට යන තැනට වැඩ සෙට් කරලා, අතටම අල්ලාගෙන වගේ මටනම් පේන්නේ. ව්‍යාපාරිකයෙක් නිසා සෑහෙන වන්දියක් ගන්න බලාගෙනම. (බ)
සෑම පවුලකටම ප්‍රශ්න තියෙනවා.එය නිරාකරණය කර ගන්න ක්‍රමය වැරදි. අන්තිමට වෙන්වීමකින් නවතිනවා. දරුවන් අසරණ වෙනවා.(දිල්)