
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)
සිය සැමියා සමග උරණවී ඔහුගෙන් පලි ගැනීමට අවුරුදු එක හමාරක දැරියක ඉස්සන් ටැංකියකට තල්ලු කර දමා ඇති බව උඩප්පුව පොලිසිය 4 දින පවසයි.
උඩප්පුව කට්ටකඩුව ප්‍රදේශයේ ඉස්සන් ගොවිපොළක සේවය කරනු ලබන කම්කරුවකුගේ බිරිය සිය ගැහැණු දරුවා මෙසේ ඉස්සන් ටැංකියට තල්ලු කර ඇති බව කියයි.
දැරිය කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන බව උඩප්පුව පොලිසිය පවසයි. වතුර පෙවී සිටි දැරිය මේ වන විට සුවය ලබමින් පසුවන බව කුරුණෑගල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය සඳමාලිසමරකෝන් මහත්මිය පැවසුවාය.
දැරිය ඉස්සන් ඇතිකරන ඇතිකරන ටැංකියට තල්ලු කරන ලදැයි කියන විසි හැවිරිදි මව උඩප්පුව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය.
දැරිය ටැංකියට වැටී ඇති බව සැකකාරිය පොලිසියට මුලින්ම පවසා ඇතත් ඉස්සන් ගොවිපළේ ආරක්ෂාවට සවිකර ඇති ආරක්ෂක කැමරාවක රූප රාමු පරීක්ෂාකර බැලීමේදි සැකකාරිය සිය දියණිය අතින් අල්ලාගෙන ගොස් ටැංකියට තල්ලු කරන ආකාරය පැහැදිලිවම දක්නට ලැබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය
ඉස්සන් ටැංකියට තල්ලු කර දමා කිසිත් නොදන්නා ලෙස දරුවා නොමැති බව පවසමින් සොයමින් සිටියදී එම ඉස්සන් ගොවිපලේම සේවය කරනු ලබන වෙනත් කම්කරුවකු දරුවා ඉස්සන් ටැංකියෙ දඟලන දැක එයට පැන බේරා ගෙන ඇති බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදෝමකින් මෙහෙමත් ගෑනු! උදාර මාතෘත්වයටත් නිගාවක්. දැන් දැන් මෙවැනි ප්‍රවෘත්ති අසන්ට දකින්ට වෙන අවස්ථා බොහෝමයි. විපරීත සමාජහර පද්ධති, නොහැදියාව හා අගයන් මෙයට හේතුවන බව සිතමි.
අහිංසක දරැපැටියා කරපු වරද කුමක්ද? දිනපතාම රටවටින් ඇසෙන්නේ මෙවැනි දුක්මුසු පුවත්ය. කුඩා දරැවන්ට ඇති හිංසනය දිනෙන් දිනම වර්ධනය වෙමින් පවති. මෙවැනි අපරාධ මර්දනය කොට රට යහමගට පත්වේවායි! හදවතින්ම පතමි.
ඉතාමත් කණගාටුයි... මෙහෙමත් මව්වරු...
මේ අහිංසක දරුවත් ,මේ වගේ පවු කාර අම්මා කෙනෙකුට ඉපදෙන්න මොකක් හරි පවක් කරලා ඇති .මුන්ට ළමයා එපා නම් හදාගන්න පුළුවන් මිනිස්සු ඕනේ තරම් ඉන්නවා