
(ටී.කේ.ජී.කපිල)
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා මෙහෙයුම් රාජකාරී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 110 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් මධ්‍යම අප්‍රිකාව බලා අද දහවල් පිටත්ව ගියහ .
මෙම කණ්ඩායමේ නායකත්වය වින්ග් කමාන්ඩර් සම්පත් ලියනාරච්චි මහතා දරන අතර නිලධාරීන් 20 සහ අනෙකුත් නිලධාරීන් 90 දෙනෙක් ඇතුළත්ව සිටිති.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා බලඝනයේ දැනට රාජකාරී කටයුතුවල නියැලී සිටින භට පිරිස වෙනුවට අනුයුක්ත කිරීම සදහා මෙම භට පිරිස මධ්‍යම අප්‍රිකාව බලා පිටත්ව ගොස් තිබේ.
මෙම භට පිරිස රැගෙන යාම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් විශේෂ ගුවන් යානාවක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
එමෙන්ම එසේ සේවය නිමා කරන භට පිරිස ඉදිරි දින වල දී , මධ්‍යම අප්‍රිකාවේ සිට කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්‍රිකාවේ අලුත් වයිරස් එක ගැන උදෙන්ම ජනාධිපතිතුමා සෙට් එකක් යවනවා වගේ, දැන් ඉතින් ඔය වගේ ගිනිගෙඩි අරන් හරි ජාත්‍යන්තරය ජයගන්න වගේ ප්ලෑන් එක...
අප්‍රිකාවේ සිට් පැමිණෙන නිසා එන අය පූර්ණ කොවිඩ් පරීක්ෂණයකින් රට ඇතුලට ගැනීමට අවධානය යොමුකරන්න.