‘‘අද අපි ජීවත් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක. හැම කෙනකුටම නිදහසේ කතා කරන්න පුළුවන්. සෑම කෙනකුටම නිදහසේ ලියන්න පුළුවන්. නිදහසේ ගමන් බිමන් යන්න පුළුවන්. රටේ සාමය ඇති කරන්න ත්‍රිවිද හමුදාව හා පොලිසිය ලොකු කැප කිරීමක් කළා. ආරක්ෂ අංශ කළ කැපවීම අමතක කරන්න බැහැ.‘‘ යැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති අද පුදුකුඩිරිප්පුවේදී පැවසීය.
‘‘යුද්ධය පැවති කාලයේදී මේ ප්‍රදේශයේ ලොකු භීෂණයක් තිබුණා. ඔබ සෑම කෙනකුටම යුද්ධයේ ඉතා කටුක අත්දැකීම් තිබෙනවා. යුද්ධය ගැන ඉතා කටුක අත්දැකීම් මටත් තිබෙනවා. මේ රටේ ජීවත්වන සෑම අයකුටම යුද්ධයේ කටුක අත්දැකීම් තිබෙනවා. යුද්ධය කියන්නේ කිසි කෙනකුට ගුණ දෙයක් නොවෙයි. ගිය මාසයේ මා පාප්වහන්සේ හමු වූ විට උන්වහන්සේ මගෙන් ඇහුවා ලෝකයේ තිබෙන යුද්ධය පිළිබඳ ඔබේ අදහස කුමක්ද කියා. මම ඒ අවස්ථාවේ ප්‍රකාශ කළා යුද්ධය ඛේදවාචකයක් බව හා එය මිනිසුන්ට අවශ්‍ය නොවන බව. ඒ අවස්ථාවේ පාප් වහන්සේ මගෙන් විමසා සිටියේ ලෝකයේ තිබෙන යුද්ධය කෙසේද අවසන් කරන්නේ කියා. පාප්වහන්සේ ඇසූ ප්‍රශ්නයට මම පිළිතුරු ලබා දෙද්දි උන්වහන්සේ සිනාමුසු මුහුණින් මා දෙස බලා සිටියා. පාප් වහන්සේ එම අවස්ථාවේ ස`දහන් කළේ යුද්ධය ඇති වීමේදී යුද්ධය කරන මිනිසුන් නොවේ වැරදි කාරයෝ කියා. ලෝකයේ යුද්ධකරන සෑම කෙනෙක් ළඟම අතේ ආයුධ තිබෙන බව දන්නවාද කියා මගෙන් අහුවා. නමුත් ආයුධ භාවිතා කරන කිසි අයකු ආයුධ හදන්නේ නැහැ නේද කියා ඔහු මගෙන් විමසා සිටියා. ආයුධයක් අතට අරන් කෙනකුගේ ජීවිතය විනාශ කරන කෙනා හටත් ඒ අයුධය තිඛෙන පුද්ගලයාටත් එම ඉරණමම අත්වෙනවා නේද කියා ඔහු මගෙන් විමසා සිටියා. ඒ අනුව උන්නාන්සේ පවසා සිටියේ ආයුද අතට අරන් යුද්ධ කරන මිනිස්සු නොවෙයි වැරදිකාරයන් වන්නේ, ඒ අයුධ නිශ්පාදනය කරන නිශ්පාදකයිනුයි වැරදි කාරයන් වන්නේ කියා. ඒ වගේම උන්නාන්සේ පවසා සිටියේ ලෝකයේ ආයුධ සදන්නේ කවුද කියා දන්නවා නේද කියා. එම නිසා ආයුධ තුවක්කු වෙඩිඋණ්ඩ කියන දේවල් මේ සමාජයේ මිනිසුන්ට අයිති දේවල් නොවේ. ඒ නිසා සෑම කෙනෙක්ම ආගමික න්‍යායන්, දර්ශනයන් තුල ජීවත්වීම ඉතා වැදගත්.
යහපත් සමාජයක් ගොඩන`ගා ගත හැකි වන්නේ අධ්‍යත්මික වශයෙන් මිනිසුන්ගේ සිත් දියුණු කිරීම තුළින් තමයි .
කිහිප දෙනකු මට කිව්වා කාලයේ අතුරුදන් වූ තරුණ තරුණියන් හොයලාදෙන්න කියා.
උතුරේ දරුවන්ට මම විශේෂ පණිවිඩයක් කියන්න තිබෙනවා. උතුරු ප්‍රදේශය තුළ ලංකාවේ අනෙක් ප්‍රදේශයන්ට වඩා මත්ද්‍රව්‍ය විශාල වශයෙන් ව්‍යාප්ත වෙන බවක් පේනවා. මත්ද්‍රව්‍ය කියන්නේ ආයුධවලට වඩා දරුණු දෙයක්.අප සෑම කෙනෙකුගේම ජිවිත මත්ද්‍රව්‍ය වලින් විනාශ කරනවා. ඒ නිසා මත්ද්‍රව්‍ය භාවිතය අත්හරින්න කියා මම හැම කෙනෙකුගෙන්ම ඉල්ලීමක් කරනවා . ප්‍රශ්නවලට විසදුම මත්ද්‍රව්‍ය නොවෙයි .
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, විදේශ සේවා නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා , උතුරුපළාත් ආණ්ඩුකාර එච්.එම්.ජි.එස් පලිහක්කාර ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැනනම් කියන්න දෙයක් ඇත්තෙම නැහැ.එපා වෙනවා.(බ)
දුක්වෙන්න එපා සමන්. අපේ හමුදාවේ අයත් ළඟදි නිදහස් කරනවා අනිවාර්යයි. (නි)
කතාවේ ආකාරයෙන්ම අපි ක්‍රියාවද බලාපොරොත්තු වෙමු (නි)
අපි මේවාට කලබල වෙන්න අවශ්‍ය නැහැ (නි)
අනේ අපි නම් ඕවට මොකුත් කියන්නෙ නැහැ (නි)
ඇත්ත තමයි සුමිත්‍ර (නි)
ඇත්තටම දුක හිතෙනවා. එදා මෙතුමා ඝාතනය කරන්න ආ කොටියට සමාව දුන්නා. නමුත් තමුන්ගේ රාජකාරිය නිසා කොටින් මැරූ වරදට හමුදාව අත්අඩංගුවේ. එදා වීරෝධාර හමුදාව මරාගෙන මැරෙන කොටියාව අල්ලා ගත්තෙ නැත්නම් අද අපි කොහෙද? දැන් හමුදාවට දැනෙනවා ඇති වෙනසේ වෙනස කොහොමද කියලා. (නි)
ගයාන්, සිංහල කොටියත් කොටියෙක් තමයි. (බ)
සමන්, රාජකාරිය නිසා කොටි මරල අත්අඩංගුවෙ ඉන්න එක හමුදා භටයෙකුගේ නම කියන්න පුළුවන්ද අපිටත් දැනගන්න.(බ)
සමන්, රාජකාරිය නිසා කොටි මරල අත්අඩංගුවෙ ඉන්න එක හමුදා භටයෙකුගේ නම කියන්න පුළුවන්ද අපිටත් දැනගන්න.(බ)
රටට වැඩක් කරපු නායකයෙක් පන්නා දමා බලයට ඇවිල්ලා ඔබතුමාට සැමදා සැමව රැවටීමෙන් සිටිය නොහැකිය. (බ)
ඡන්දයක් ළගයිනෙ... (ර)
කාට කාටත් ඔය පැත්තට නිදහසේ යන්න පුළුවන් වුනේ කවුරු හින්දද අපි දන්නවා.(හේ)
බටර් නේද ගාන්නේ. (බ)
වැනෙනවානේ (බ)