සම්මත පටිපාටියට පරිබාහිරව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් සිදුකළ පොලිස් නිලධාරින් 132 කගේ මාරුවීම්  අවලංගු කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

සහකාර පොලිස් අධිකාරී නිලයෙහි ඉහමළ නිලධාරීන් 47 දෙනකු සහ ස්ථානාධිපතිවරු 85 දෙනකු මෙලෙස මාරුකොට ඇත.