(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ආයුර්වේද සම්භාහන ආයතනවල සම්භාහනය කරන මුවාවෙන් ගණිකා වෘත්තියේ යෙදුනේ යැය සැකපිට අත් අඩංගුවට ගනු ලැබු කාන්තාවන් 23 දෙනකු අද(12) එක් අයෙකුට රුපියල් 50,000 ක් බැගින්වු ශරිර ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන ධනුෂ්ක රත්නායක මහතා නියෝග කළේය.
කලක් තිස්සේ අනුරාධපුර නගරයේ පවත්වා ගෙන යන ආයුර්වේද මධ්‍යස්ථාන වල සේවයේ නියුතු කාන්තාවන් ගණිකා වෘත්තියේ නිරත වන බවට ලද තොරතුරු මත අනුරාධපුර පොලිසිය විසින් ඊයේ(11) මෙම ආයුර්වේද සම්භායන ආයතන වටලා තිබුණි.
උපාය දුතයන් යොදවා සිදුකළ මෙම මෙහයුමේදි සම්භාහන ආයතන හයක් වැටලූ පොලිසිය එහි සිටි කතුන් 23 දෙනෙකු අත් අඩංගුවට ගෙන මෙසේ අධිකරණයට ඉදිරිපත් කළේය.
අත් අඩංගුවට ගනු ලැබු මෙම කාන්තාවන් අනුරාධපුර කැගල්ල රත්නපුර යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ තිබෙන සම්බාහන මධ්‍යස්ථාන හැම එකකින්ම පාහේ කෙරෙන්නේ නරක දේවල්. පිරිමි පාසල් ළමුන් දැඩි ලෙස මේවට ඇබ්බැහිවී තිබෙනවා.
අපි බෞද්ධ රටක් හැටියට මේ දේවල් අනුමත කරන්නේ නැහැ. හැබැයි අපි හැමෝටම නොපෙනෙන පැත්තක් තියෙනවා.. මෙහෙම දේවල් රටේ තියෙනකොට ස්ත්‍රී දුෂණ ළමා අපයෝජන යම්තාක් දුරකට හරි අඩුවෙනවා. මොකද? අවශ්‍යතාවය තියන කෙනා සල්ලි වියදම් කරලාහරි තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්නවා කාටවත්ම කරදරයක් නැතුව. එහෙම නොවුනාම තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න දුෂණ වලට පෙලඹෙනවා. මෙහෙම කිවුවා කියලා මාව වරදවා තේරුම් ගන්න එපා... මම මේ දේවල් වලට අනුබල දෙනවා නෙවෙයි.
ස්ත්‍රී දුෂණ , ළමා අපයෝජන නවත්වන්න පුජනීය නගර වල ගණිකා මඩම් පැවැත්වීම අනුමත කිරීම, මෙවැනි අශෝබන ක්‍රියාවන්ට කෙලින්ම අනුබල දීමක් බව පැහැදිලි සත්‍යයකි. එම අපයෝජන ගැන සොයාබලා නීතිය ක්‍රියා කිරීමට, පොලීසිය සහ අධිකරණය නීතිමය බලතල සහිතව ක්‍රියාත්මක වන රටකට, ගණිකාවන් යොදවා ඒවා මර්ධනය කල හැකි බවට පැවසීම විහිළුවකි. පුජනීය නගරය කෙලසන මෙවැනි ක්‍රියා වහාම මැඩ පැවැත්වීමට ඉදිරිපත් වූ අනුරාධපුර පොලිස් නිලදාරින්ට බෞද්ධ අපගේ ප්‍රණාමය පිදිය යුතුය .
මෙතැනදී ගැහැණු අය පමණද අත් අඩංගුවට ගන්නේ? වරද ඒ අය අතේ පමණද?
ගණිකා වෘත්තීය නීතිගත කර තිබෙන රටවල එයින් කාම අපරාධ අඩුවුනාද නැද්ද කියන්න හරි හැටි අධ්‍යයනයක් කර නැති බවයි පෙනෙන්නේ. හැබැයි, ලංකාවේ අපේ මිනිස්සු මහා අසහනයකින් පෙළෙන බවට නම් සාධක තියෙනවා. වැඩිපුරම අන්තර්ජාලයේ කාම වෙබ් අඩවිවල සැරිසරන, පාරක තොටක වයසක කාන්තාවකටවත් යන්න නොදෙන මිනිස්සු වැඩිය ඉන්නේ මෙහෙ. ඒ අතර, දවසකට නීති විරෝධී ගබ්සාවන් 5000 ක් පමණ සිදුවෙන බව වාර්තා වී තිබුන. මේ තත්වය කොපමණ බරපතලද කියල රජය හෝ සමාජ ශෝධකයන වටහාගෙන ඇති බවක් පෙනෙන්නත් නැහැ. ගණිකා වෘත්තීය නීතිගත කිරීම (ආගමික, සදාචාර පැත්තෙන් කෙසේවෙතත්) අඩුගනනේ සමාජමය හා නීතිමය අතින් හෝ සුදුසු විසඳුමක්ද යන්න උගතුන් හා රජය එක්ව ඉක්මනින් තීරණය කලයුතු දෙයක්.
ගිහාන් පීරිස් මහත්තයෝ ඔබතුමාගේ අදහස් ටිකනම් ගොඩක්ම හොදයි හැබැයි ඔය අදහස් ගැලපෙන්නේ සුරංගනා ලෝකෙකට මිසක් ප්‍රායෝගිකව ජීවත්වෙන ලෝකයකට නෙවෙයි. ඔය විදියට ලස්සනට අදහස් දාන්නනම් ඕනෑම කෙනකුට පුළුවන්. හැබැයි ඔය කියන දේවල් ප්‍රායෝගිකද. ස්ත්‍රී ශරීරය පිළිකුල් සහගත බව වටහගත්තනම් ඔබතුමාත් සදාකාලිකවම තනියම ඉන්න ඕනා. කුණු ශරීරයේ ස්වබාවය අනෙක් අයට තේරුම් කරන්න කලින් ඔබතුමා තේරුම් ගත්තනම් ඔබතුමා මේ වෙනකොට මහන වෙලා ඉන්න ඕනා නේද. සමහරවිට ඔබතුමා රහත්වෙලත් තියෙන්න ඕනා. තමන්ටවත් ප්‍රයෝගිකව කරන්න බැරි දේවල් අනෙක් අයට කරන්න කියලද ඔබතුමා කියන්නේ. බුදු හාමුදුරුවෝ පිරිනිවන්පාල අවුරුදු 2600ක් විතර වෙනවා නේද. ඔබතුමා කියන විදියට හැමෝම බුදු දහම අවබෝද කරගත්තානම් හැමෝම මේ වෙනකොට රහත්වෙලා. මෙතන කැපිලා පෙන්න අදහස් දැම්මට විතරක් මදි ඒවා ප්‍රයෝගික වෙන්නත් ඕනා. ඔබතුමාලගේ කතා හරියටම දේශපාලකයන්ගේ අදහස් වගේම තමයි.
පිරිමි ඕවට යන්නේ නැත්නම් ඕව ඉබේම වැහෙනවා . ඔය අහිංසක ගැණු අල්ලන එකේ ඕවට යන පිරිමින්වත් දාන්නකෝ උසාවියට .
විජේ, චන්ද්‍ර වීර සින්ග්හේ මගේ අදහසේ හැටියට නම් ඔබලා හරි.හොර උපාසක බලලුන් නොවේ. සම්මා සම්බුදු රජාණන් වහන්සේවත් නොකළ දේවල පාලනය ලවා කරවීමට ඉදිරිපත්වෙන හොර උපාසකලා මේ රටේ ඒමට ඇත. මේ සේවයේ යෙදෙන, මොවුන් සොයා එන දෙපාර්ශවය ගැනම මිනිස් ඇසින් සිතා බැලිය යුතුයි . කල යුත්තේ ලෙඩ රෝග වැලක්වීමට පියවර ගැනීමය, තම ආසාව සංසිදවා ගැනීමට අහිංසක තරුණියනට, කාන්තාවනට බලහත් කාරකම් කරන සර්ලාට , උතුමන්ට ,අහිංසක තරුණයන් පොලොබවා ගන්න මැඩම්ලාට, ජනතා මුදල් ගසා කන දේශපාලන සහ වෙනත් කෙරුමන්ට වඩා මෙවැනි අබිසුරු ලියන සහ ඔවුන්ගේ පහස සොයන්නන් සිය වාරයක් හොඳය.