
(සුමිත් පොතුපිටිය)
සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පවත්වාගෙන යන මධ්‍යස්ථානයක සිටී 21,22 , 24,39 සහ 41 වියැති කාන්තාවන් බව පොලිසිය කීය.
සැකකාරියන් රත්මලාන , මඩපාත, පිළියන්දල , වෙරළ පනාතර සහ වෙන්නප්පුව යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවද පොලිසිය සදහන් කරයි.
අත්අඩංගුවට පත්වූවන් අතර කළමණාකරිනිය සහ ගණිකා සේවයේ නියැලී කාන්තාවන් සිව්දෙනෙකු වන බව සදහන් වේ.
සකකාරියන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නීතිගත කළාම ඉවරයිනේ... යන කෙනෙක් යාවි. ලෝකයේ පැරණිම වෘත්තිය ඇයි ලංකාවේ නීතියෙන් තහනම් කරලා තියෙන්නේ...?
ඔන්න ඕක නීතිගත කරලා දෙන්න හරිනි සහෝදරී. මේ රටේ ප්‍රහ්න සෑහෙන අඩුවෙයි එහෙම කලොත්. සේවය ගන්න අපි යන්නෙ සල්ලි දීලනෙ. කාටවත් ඇයි වේදනා?
මේවා අත්අඩංගුවට ගෙන ප්‍රසිද්ධ කරන්න ඕන දේවල් නොවේ. හරිනම් ගණිකා වෘත්තිය නීතිගත කරලා ඔවුන්ට නිසි වෛද්‍ය පරීක්ෂණ බලපත්‍රයක් ලබා දී එම රැකියාව කර ගෙන යෑමට ඉඩ සළසා දිය යුතුයි. එසේ කළහොත් ළමා දූෂණ, ස්ත්‍රී දූෂණ (අපි අහලා තිබුනා වයස අවුරුදු 70, 80 ආච්චිලාවත් දුෂණය කළ ප්‍රවෘත්ති) යන සියල්ල අඩුවේ. එසේ නැතිනම් නැතිවේ.
මේවා නීතිගත කරපු රටවල ස්ත්‍රී දූෂණ නැතිවෙලා නෑ. නිකම් විශාල ලෙස එම ක්‍රියාවලට ඇබ්බැහි වන අය වැඩිවෙනවා මිසක කැමති අය කරගත්තදෙන්. දැනට ලංකාවේ තියෙන ක්‍රමය හොඳයි . රටක් සංස්කෘතියක් පිනක් පවක් නොහඳුනන ගරා වැටුණු සමාජයකට මිනිසුන් තව තවත් වැඩි කරගන්න අවශ්‍ය නෑ.
රටේ සංස්කෘතිය සහ පවතින ආර්ථික තත්වය මත බොහෝ දෙනෙකුට, කසාද බඳින්න කෙනෙක් හොයා ගන්න හෝ කසාද වලට සල්ලි වියදම් කරන්න ක්‍රමයක් නැහැ.. එමනිසා මිනිස්සු තමන්ගේ අවශ්‍යතා බලෙන් ඉෂ්ට කරගන්න කටයුතු කරනවා. බොහෝ කාන්තාවන් විවිධාකාර ලිංගික අතවරයන්ට බොහෝ අවස්ථාවල ලක්වෙනවා.. බස් එකකවත් කාන්තාවකට නිදහසේ යන්න බැහැ. මෙම අතවර වලින් 1% වත් එළියට එන්නේ නැහැ ලැජ්ජාව, බය නිසා කන්තාවෝ කරදර විඳගෙන නිහඬව සිටිනවා. ගණිකා සේවය නීතිගත කරපු යුරෝපේ මෙහෙම තත්වයක් නැහැ.. කරුණාකර යම් සෞඛ්‍ය නියාමනයකට අනුව මේවා නීතිගත කරන්න. එහෙම වුණාම කැමැති කෙනෙක් මේ වෘත්තියේ යෙදේවි. කැමති පුද්ගලයෝ මුදල් ගෙවලා සේවය ලබාගනීවි...
මෙය නීතිගත කොට නියාමනය කළයුතු දෙයක් මිස තහනම් කළයුතු දෙයක් නොවේ.
මේවා නීතිගත කළොත් හාමුදුරුවරුන් එළිබහිනවා විරුද්ධව. හැබැයි සමලින්ගික නීතිගත කිරීමට විරුද්ධ නෑ..!