ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (8) පැවැති සිවුවැනි එක්දින තරගයේදී කඩුලු 4 ක පහසු ජයක් ලබාගැනීමට සිම්බාබ්වේ පිල සමත් විය.
මෙම ජයග්‍රහණයත් සමගින් 2-2 ක් ලෙසින් තරගාවලිය සමකිරීමට සිම්බාබ්වේ ක්‍රීඩකයෝ සමත් වූහ.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 300 ක් ලබාගත්තේය. පසුව වර්ෂාවෙන් බාධා ඇතිවූ හෙයින් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ජයග්‍රහණය වෙනුවෙන් සිම්බාබ්වේ පිල ඕවර 31 කදී ලකුණු 219 ක් ලබාගත යුතු විය. සාර්ථකව සිය ඉලක්කය කරා ගිය සිම්බාබ්වේ පිතිකරුවෝ පන්දු 10 ක් ඉතිරිව තිබියදී සිය ඉලක්කය කරා අවතීර්ණ වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බංගලිදේශේ විතරක් නෙවේ. සිම්බාබ්වේත් ලංකාවටම ඇවිල්ල ගහල යනවා. ඉස්සරහට ඇෆ්ගනිස්තානය, අයර්ලන්තයත් මෙහෙටම ඇවිත් අපිට ගහල යයි! අනේ මන්දා අපේ ක්‍රිකට් වලට වෙලා තියන වින්නැහිය ...
උපුල් තරංගගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව සිම්බාබ්වේ රටට ගිහිල්ලා ටෙස්ට් මැච් ඔක්කොම දිනලා එක්දින තරග කුසලානයත් දිනලා 20-20 ඔක්කොමත් දිනන, ඇන්ජලෝ මැතිව්ස් යටතේ ලංකාවේ ගහන තරග ටික වත් දිනන්න බැරි වුණා.
මැතිව්ස් ඉන්නකන් මැච් දිනන්න බෑ. මාලිංගගේ පන්දු වලට එන උඩපන්දු අතාරින්න කියලා කිව්වද දන්නේ නැහැනේ...
සුසන්ත මේක ක්‍රීඩාවක්... දිනුම පැරදුම දෙකම පිළිගන්න සුදානම් නැතිනම් ක්‍රීඩා කිරීම නොකළ යුතුයි. දිනුම කියන්නේ ක්‍රීඩාවේ එක කණ්ඩායමකට පමණක් දක්ෂකම, වාසනාව සහ නොවැළැක්විය හැකි හේතු මත ලැබෙන දෙයක් මිසක් අනිවාර්යයෙන් ලබාගත යුතු දෙයක් නොවෙයි. අපි අනූහයේ දිනුවේ ඉහත කී කාරණා තුනම අපේ පැත්තට හැරී තිබුණු නිසයි. නම ඇසු පමණින් සියලු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කකුල් වෙව්ලන ලෝකයම යටත් කරගෙන හිටපු ක්ලයිව් ලොයිඩ්,.. ලාබාල කපිල් දේව් ට පැරදුණ එක ගැන දන්නේ නැතිනම් ඉතිහාසය ටිකක් කියවන්න.
නායකත්වයට මැතිව්ස් සුදුසු වුණාට ඔහු එතරම් වාසනාවන්ත අයෙකු නොවේ.
දයාසිරි වගකීම බාරගෙන වහාම තනතුරු වලින් ඉවත් වෙන්න.
මැතිව්ස් නායකකම කරනකන් ලංකාවට සුගතියක් නැහැ. දිනපු Batting order වෙනස් කරලා මැතිව්ස් ගියා ගහන්න. එතකොටම මම දැන ගත්ත පරදින්න තමඊ ප්ලැන් එක කියල. සංගා මහේල මහා විනාසයක් කරලා ගියා. ටීම් එකම සල්ලි වලට පුරදු කරලා රට පවා දෙන තත්වයට පුරුදු කරා. දැන් ඉතින් එඩිතර තීරණ අරගෙන මෙයාල පන්නන ඕනේ.
ලෝක වාර්තා තිය තියා පරදින, පුදුම අවාසනාවන්ත රටක් ලංකාව කියන්නේ..මාලිංගත් ඉවත් විය යුතු කාලය දැන් ඇවිත් තියනවා..එංගලන්තයේදී කැච් එකක් අත ඇරියා කියා තිසර පෙරේරා අයින් කරපු එකත් මෝඩ වැඩක්..
ඔය ඔනනැති විකාර නැවැත්තුවනම් මැච් දිනන්න පුළුවන්. උඩ බලනවා, බොලේ ඉඹිනවා, කුරුසේ ගහනවා, පොලොව ඉඹිනවා. ඔය මෙලෝ දෙයක් නැතිව අරවින්ද සෙන්චරි ගැහුවා, මුරලි විකට් ගත්ත. උඩ බල බල ඉන්නේ නැතුව බොලේ බලල ගැහුවනම් සාර්ථක වෙනවා. පරම්පරා තුනක් හතරක් ක්‍රිස්තියානි වෙච්ච අය කුරුසේ ගහනවා. අවුරුදු 2000 ගණන් ක්‍රිස්තියන් අය (ඕස්ට්‍රේලියා සහ ඉන්ග්ලන්ඩ් ) ඔය කිසිම කුරුසයක්වත් නැතිව සෙන්චරි ගහනවා., රිචර්ඩ් බෝල පැලුව කුරුසේ නැතිව. ඔය සේරම ඉරියව් තහනම් කරන්න ඕනේ. අවුට් වුනාම, එ්ක ගැන කිසිම ඉර්රියව්වක් වත් තහනම් කොට, මේ මගුල් පෙනන්න දෙන්නේ ඇයි.
කිරිකට් කියන්නේ ඔහොම තමයි දිනනවා-පරදිනවා. එක් කෙනෙකුගේ ඉතා සුළු වැරදීමක් ,මුළු කණ්ඩායමේම පරාජයට හේතුවේනවා. එකයි ඔවුන් තමාගේ වැරැද්ද වෙනුවෙන් ගොඩක් කම්පාවෙන්නේ ක්‍රීඩාපිටියේදී .මැච් ගහන්නේ පරදින්න නෙවෙයි , දිනන්නමයි.එය කණඩාම් දෙකේම මුලික අරමුයි.පීඩනය වැඩිවන වන විට,කලබලවුනාම වැරදි ගොඩක් සිදුවෙනවා. එ්කයි ක්‍රිකට් වලදී ගොඩක් ඉවසිම,මානසික ඒකාග්‍රතාවය වැදගත්වෙන්න්නේ. අනිත් කණඩායම ලබාදෙන පීඩනය දරාගැනීම නොහැකිව,මනස වෙනස්වුවොත්,තම විස්වාසය බිද වැටුන විට සැබවින්ම පරාජයක්මයි ලැබෙන්නේ. මනා ඉවසීමෙන් ක්‍රීඩා කල "අර්ජුන රණතුංග , අරවින්ද ද සිල්වා ,රිකි පොන්ටින්ග්, බ්‍රයන් ලාරා ,සංගක්කරා, වැනි ක්‍රීඩකයින් ගේ ක්‍රිඩා විලාශය ගැන හිතන්න , එවිට ඔබටම තේරේවි ක්‍රීඩකයින්ට චෝදනා කිරීම වැරදියි කියලා. අපේ කණඩායම නවක තරුණ ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් වීම නිසා, තව අවුරුදු 2ක් විතර යනකොට කණ්ඩායම හොදට හැදෙයි.ඔවුනට ක්‍රීඩකයින් අතර විස්වාශය ගොඩනගා ගැනීමට කිසියම් කාලයක් ගතවෙනවා..මදක් ඉවසන්න..ඔවුනට පාඩුවේ ක්‍රීඩාකරන්න ඉඩ දෙන්න,කණ්ඩායමේ සංයුතිය වෙනස් නොකර තිබීමයි වැදගත්වන්නේ,.
කමෙන්ට් දාන රන්ජිත් නම් ආගමික අන්තවාදී අදහස් දරන කෙනෙක් වගේ පෙනෙන්නේ...
රංජිත්, ඔයාගේ කතාව හරියට හරි.. ලංකාවේ ක්‍රීඩකයන්ගේ පුදුමාකාර කුරුස ඇදිල්ලක්නේ පුරුදු කරන් තියෙන්නේ.. ඒත් මදිවට නිතරෝම උඩත් බලනවා.. වෙන කිසිම රටක ඔය වගේ පුරුද්දක් නෑ..
වසර 2019 ලෝක කුසලානේ වෙනකොට කණ්ඩායම් 8 ට ඇතුළට යන්න බැරි වෙයි වගේ. සුසුස්සාට සුදුසු තැන නොලැබීම සහ දේශපාලන බලපෑම් තමයි..
නූගත් දෙස්පාලකයොයි, ක්‍රීඩකයන්ට අයුතු නීතිහදන තේරීම් කමිටුවයි තමා රටේ ක්‍රිකට් ක්‍රීඩාව කාබාසිනියා කරලා දාන්නේ....
වනචාරී ගෝත්‍රිකයෝ වගේ කොණ්ඩේ වවාගෙන , රිලවු වගේ විරිත්ත විරිත්ත හිටියට මදි තරග දිනන්න නම් හොඳ ශරීර සෞඛ්‍ය මෙන්ම හොඳට ක්‍රීඩා කරන්නත් ඕනේ .