(සිරාජ් හසීම්)
දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා ප්‍රමුඛ ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් විය යුතු යැයි එම සන්ධානය නියෝජනය කරන ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසීය.
දෙමළ ජාතික සන්ධානය තුළ තමිල් අරසු කච්චි පක්ෂයට විවේචන රැසක් මතුවන බවත් එම පක්ෂය දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරයට මුළුමනින්ම පටහැනිව යමින් කටයුතු කිරීම ඊට හේතුව බවත් මෙම සන්ධානයෙන් ගැලවී යා යුත්තේ අනෙක් පක්ෂ ත්‍රිත්වය නොව තමිල් අරසු කච්චි පක්ෂය බවත් ඔහු කීවේය.
සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා මේ අදහස් පළකර සිටියේ යාපනයේ දී මාධ්‍ය හමුවක් කැඳවමිනි.
‘වත්මන් තත්වය මැද තමිල් අරසු කච්චි පක්ෂය දෙමළ ජනතාවට ලබා දුන් පොරොන්දු සියල්ලම කඩවුණු පොරොන්දු බවට පත්ව තිබෙනවා. උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොවිය යුතුයි යන ස්ථාවරයේමයි තමිල් අරසු කච්චි පක්ෂයත් සිටින්නේ. නව ව්‍යවස්ථාව තුළින් බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීම සම්බන්ධනුත් සුමන්තිරනුත් පිළිගෙන තිබෙනවා.එහෙත් උතුරු නැගෙනහිර පළාත් සමගියෙන් පැවතීම ගැන කතා කිරීමට ඔවුන්ට කිසිදු අයිතියක් නැහැ.ඔවුන් ෆෙඩරල් විසඳුම පවා අතහැරලයි කතා කරන්නේ
දෙමළ ජනතාවට ලබාදුන් පොරොන්දු සියල්ලම අතහැර ශ්‍රී ලංකා රජයට පක්ෂව කටයුතු කරමින් රජය ආරක්ෂා කරගන්නා ආකාරයෙන් මොවුන් කටයුතු කරනවා‘ යැයි ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකට හිටියත් එකයි වෙන් වුනත් එකයි කරන මගුලක් ඔයාල තමිල්නාඩුවට ගිහින් කරගනිල්ල මේක ශ්‍රී ලංකාව කියල හිතා ගන්න. 75% ක් ඉන්නේ සිංහල බෞද්ධ ජනතාව. ඒක ඒ මිනිසුන්න්ට තවම හරියට තේරෙන්නේ නැහැ එකයි මේ හැම දෙකටම හේතුව. ඉන්න විදියට ජාතිවාදේ අවුස්සන්නේ නැතුව ඉන්න. එතකොට උබලටත් අපිටත් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් මේ ලෝකේ ජීවත් වෙන ටික කාලේ.
මොනා ලියන්නද උතුරයි දකුණයි දෙපැත්තේම අය දැන් එකම පැත්ත නේ
මේ රටේ ප්‍රධාන චෝල ආක්‍රමණ 6 ක් සිදු වුනා. අපේ පැරණි රජ දරුවෝ ඒ ආක්‍රමණ මැඩ පවත්වා නැවත රට එක්සත් කල පසු යටත්වූ එකම එක දමිලයෙක්වත් මරා දැමුවේ නැහැ. යටත්වූ ඔවුන්ට මේ රටේ හිරිහැරයක් නොමැතිව ඉන්න දුන්නා. සමහරු බුද්ධාගම වැළඳගෙන බෞද්ධයෝ හැටියට ජීවත් වුනා. සමහරු හින්දු භක්තිකයෝ විදියට ජීවත් උනා. රටේ බහුතරයකගේ ආගම වූ බුද්ධාගමට ප්‍රධාන තැන දීම පිළිබඳව කිසිම විරුද්ධත්වයක් එදා ඔවුන්ගේ තිබුනේ නැහැ. අදත් බහුතරයක් සාමාන්‍ය දමිල මිනිස්සුන්ට ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නය තියෙන්නේ මේ කරුම ඊළාම්වාදීන්ට පමණයි. එම ඊළාම්වාදීන්ට බොරු ඉතිහාස කතා හදල දීල අපේ සමහර සිංහල ඊනියා ඉතිහාස උගතුන් ඔවුන්ට උඩ ගෙඩි දෙනවා. අනෙකුත් දේශපාලකයනුත් ඒවාට සහයෝගය දෙනවා. මැල්කම් රන්ජිත් කාදිනල්තුමා පවා කියන්නේ බුද්ධාගමට මුල් තැන දිය යුතුයි කියා.බහුතරයකගේ ආගමට මුල්තැන දීපුවහම මොකද වෙන්නේ?අනිත් අයගේ ආගම් අදහන්න තහනමක් නැත්නම් මොකටද මේ බොරු වලිප්පුව?