
(යොහාන් භාසුර)
කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ රාජකීය තායි තානාපති කාර්යාලය වෙසක් උත්සවය වෙනුවෙන් නයිරෝබි නුවරදී විශේෂ වෙසක් සැමරුම් උත්සවයක් පැවැත්වීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර ලේකම්වරියක මෙන්ම නයිරෝබි නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ අධ්‍යක්‍ෂ සැන්ඩ්‍රා මචරියා මහත්මිය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් නිකුත් කළ විශේෂ වෙසක් දින පණිවුඩය එම උත්සවටය ඉදිරිපත් කළාය.
වෙසක් දින හරය එක්සත් ජාතීන්ගේ අරමුනු සමඟ සමීපව බැදී ඇති බව මහ ලේකම් ගුටේරස් සිය පණිවුඩයෙන් අවධාරණය කරයි. ඉවසීම, දයානුකම්පාව සහ මිනිස වර්ගයාට සේවය කිරීම පිළිබඳව බුදුන්වහන්සේගේ ඉගැන්වීමේ මෙවන් කැළබිලිකාරී සමයක සැනසීම සහ ශක්තිය දෙන බව ද මහ ලේකම්වරයා සඳහන් කර තිබුණි.
කෙන්යාවේ මහ කොමසාරිස් කනනාදන් මහතා පැවසුවේ මෙම කාලය බුදුන්වහන්සේගේ අකාලිකවූ ඉගැන්වීම් ගැඹුරින් මෙනෙහි කළ යුතු කාලයක් බවය.
අප්‍රිකානු මහද්වීපයේ ප්‍රධාන සංඝනායක ටැන්සානියාවේ බෞද්ධ විහාරාස්ථානයේ සහ භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති ආචාර්ය ඉලුක්පිටියේ පඤ්ඤාසේකර නාහිමියන් වෙත කෙන්යාවේ මහ කොමසාරිස් කනනාදන් මහතා බුද්ධ ප්‍රතිමාවක් ප්‍රදානය කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු අප්‍රිකාවම බුදු සසුනෙන් බැබලේවා..!