(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කලක පටන් පැවති ඉඩම් ආරවුලක් හේතුවෙන්  මහකුඹුක්කඩවල සෙම්බුකුලිය ප්‍රදේශයේ වෙඩි තැබිමකින් තිදරු පියකු බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමේන් පසු මරණටය පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.

වෙඩි වැදිමට ලක්ව මරණයට පත්ව ඇත්තේ මහකුඹුක්කඩවල සෙම්බුකුලිය ප්‍රදේශයෙ ඉඩම් හිමි වැවිලිකරුවකු වන  තිදරු පියකු වු 56 හැවිරිදි අධිකාරි මුදියන්සේලාගේ මැණික්රාල අධිකාරි නැමති අයකු බව කියයි.

වෙඩි තැබිමට සම්බන්ධ අය වෙඩි වැදිමට ලක්ව මරණයට පත් ඉඩම් හිමි වැවිලිකරු සමග වසර තුනක පමන කාලයක සිට ඉඩම් ආරවුලක් තිබි ඇති බවත් එය වසර දෙකකට පෙර මහකුඹුක්කඩවල පොලිසිය ආරම්භ කිරීමට පෙර ආණමඩුව පොලිසියට පැමිණිලි කර තිබු බවද කියයි.

ආණමඩුව පොලිසිය මෙය මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමු කර තිබුනද එහිදි තමන්ට නිසි සාධාරණයක් සිදුව නොතිබිම හේතුවෙන් මෙම වෙඩි තැබිම කල 43 හැවිරිදි අවිවාහක  පුද්ගලයා මහකුඹුක්කඩවල පොලිසිය මගින් අත් අඩංගුවට ගැනිමේන් පසු පාපොච්චාරණය කර තිබේ.