( චමිල් රූපසිංහ)
ඖෂධ නිෂ්පාදන සමාගම් විසින් වෛද්‍යවරුන් හරහා රෝගින් වෙත නොමිලේ සපයන ඖෂධ සාම්පල කූඨ ලෙස වෙනස් කරමින් ඖෂධ ශාලාවලට විකුණන ඖෂධ ගබඩාවක් වටලා රුපියල් ලක්ෂ 6 කට ආසන්න ඖෂධ තොගයක් අත් අඩංගුවට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.
කටුගස්තොට මඩවල ප්‍රදේශයේ තිබූ මෙම ඖෂධ ගබඩාව සෝදිසි කළ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට එහි බිම් මහලේ හා දෙවන මහලේ අසුරා තිබු රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග, ඇදුම ආදී රෝගවලට ලබා ගන්නා අධික මිල සහිත ඖෂධ හමුවී තිබේ. ඒවා ඖෂධ නිෂ්පාදන සමාගම් විසින් වෛද්‍යවරුන් හරහා රෝගින් වෙත නොමිලේ සපයන ඖෂධ සාම්පල බවත් වාර්තාවේ.
ඖෂධ ගබඩාවේ කළමනාකරු රුපියල් ලක්ෂයක ශරිර ඇප මත නිදහස් කර ඇති අතර ලබන 30 වැනිදා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයෙහි පෙනි සිටින ලෙස ඔහුට දන්වා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ක්‍රියාව තනිකරම සිදුවන්නේ "medical rep" වරුන් හරහායි. මම දැනට අවුරුදු 20ක් පමණ ඖශධ වෙළඳාමේ යෙදී සිටින අතර, ඖශධ සමාගම් වල නියෝජිතයින් මෙම සාම්පල විකිණීමටත්, වෙළඳ තොග සදහා "බෝනස්" වශයෙන් ලබාදීමත් බොහෝ කාලයක පටන් සිදුකෙරේ. විදේශ රටවල නම්, වෛද්‍යවරුන් සාම්පල සඳහා පත්‍රිකාවක් පුරවා එය ලබාගත් බවට සහතික කරයි. ලංකාවේ ඖශධ වෙළඳාම ආචාර ධර්මයන්ට පටහැනි ජාවාරමක් ලෙස ක්‍රියාත්මක වේ. අවශ්‍යනම් මෙම පහත් පෙලේ සමාගම්වල නම් පවා ලබාදිය හැක.
ඖෂධ සමාගම් සමග සෑහෙන්න තරහක් තියෙනවා වගෙ. මූනම් ඔය කිපපු විදිහටම සාම්පල් විකුණලා එලවලද දන්නේ නෑ