පසුගිය ජනාධිපතිවරණයේ දී අන්තර්ජාලය ජනමතය වෙනස්කිරීම සඳහා සම්ප්‍රදායික මාධ්‍ය පරයමින් ඉදිරියට පැමිණ ඇතැයි ආචාර්ය රංග කලංසූරිය මහතා පවසයි. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ කොළඹ දී පැවැත්වෙන ජාත්‍යන්තර මාධ්‍ය සදාචාරය පිළිබඳ සාකච්ඡාවේ දී අද අදහස් දක්වමිනි.
ශ්‍රී ලංකාවේ යාපනය, කොළඹ, ගාල්ල මොණරාගල ඇතුළු දිස්ත්‍රික්ක 14ක් පදනම් කැරගනිමින් කරන ලද සමීක්ෂණයක දී මේ බව හෙළිවූ බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
සමීක්ෂණය සිදුකළේ මැතිවරණයේ ඡන්ද විමසීමට දින කිහිපයකට පෙර බවත් එහිදී මැතිවරණ සමයේ තොරතුරු දැන ගැනීම සඳහා තමන් මාධ්‍ය භාවිතා කරන බව සියයට 80ක් දෙනා පැවසූ බව ද ආචාර්ය කලංසූරිය පවසයි.
ඔවුන්ගෙන් සියයට 93ක් ප්‍රධාන වශයෙන් භාවිතා කැර ඇත්තේ රූපවාහිනිය බවත් අංක දෙකට පත්ව ඇත්තේ අන්තර්ජාලය බවත් ඔහු අනාවරණය කළේය. සියයට 27ක් මැතිවරණය ගැන තොරතුරු දැනගැනීමට අන්තර්ජාල පුවත් වෙබ් අඩවි හා සමාජ වෙබ් අඩවි භාවිතා කරද්දී සම්ප්‍රදායික මාධ්‍යය වූ පුවත්පත් හා ගුවන්විදුලිය පසුපසට ඇද වැටී ආකාරය පැහැදිලි වූ බවත් හෙතෙම කීවේය. ඔහු පවසන්නේ අනපේක්ෂිත ලෙස ගාල්ල, දෙනියාය, මොණරාගල, අනුරාධපුරය වැනි දිස්ත්‍රික්කයන්හි ඈත එපිට ගම්මානවල පවා විශාල පිරිසක් අන්තර්ජාලය භාවිතා කරන බව එම සමීක්ෂණයේ දී අනාවරණය වීමෙන් තවදුරටත් අන්තර්ජාලය ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයට ආගන්තුකයකු නොවන බව පැහැදිලි බවයි.
ඡන්දය දෙන පාර්ශවය තීරණය කිරීම සඳහා මාධ්‍යයේ බලපෑම සිදුවූ ආකාරය පිළිබඳ සමීක්ෂණය කිරීමේ දී නෙී ගොස් ඇත්තේ සියයට 80ට තම තිරණය වෙනස්වීම කෙරෙහි මාධ්‍යයේ ප්‍රචාරය බලපෑ බවයි. එහිදී වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ රූපවාහිනී මාධ්‍යයෙනි. එය සියයට 59ක් වෙද්දී අන්තර්ජාලය හේතුවෙන් තම මතය වෙනස් වූ බව සමීක්ෂණයට ලක්වූ අයගෙන් 31% ක් පවසා තිබිණි. පත්තර හේතුවෙන් තම මතය වෙනස් වූ බව පැවසූ සංඛ්‍යාව 1% කි. ගුවන්විදුලිය හේතුවෙන් මතය වෙනස් වූ පිරිස 0.05% ක් තරම් ඉතා අඩු අගයක වූ බව ද ආචාර්ය කලංසූරිය කීවේය.
මේ සමීක්ෂණයේ තවත් එක් අංගයක් වී ඇත්තේ මාධ්‍යය සදාචාරය ආරක්ෂා කළා ද යන්න ගැන මහජන මතය විමසීමයි. එහිදී සියයට 70ක් පවසා ඇත්තේ මාධ්‍ය ආචාර ධර්ම සියල්ල උල්ලංඝනය කැර ඇති බවයි. ඉන් 54.5% ක මතය වි ඇත්තේ රාජ්‍ය මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍යය ද ආචාර ධර්ම උල්ලංඝනය කරමින් මාධ්‍ය වාර්තා කළ බවයි.
ආචාර්ය රංග කලංසූරිය මහතා පවසන්නේ මේ සමීක්ෂණයේ තවත් බොහෝ කරුණු ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව වසර විස්සක් යද්දී මැතිවරණයකට ඡන්දය දමන්නේ ගෙදර ඉඳලා අන්තර්ජාලය හරහා... බලන්නකෝ නැද්ද කියලා (නි)
ගයාන්, කියන එක හරි. මම හිතනවා, අවුරුදු 10න් විතර එහෙම වෙයි.(හේ)
ඔව් ඔව් ඒක නම් හරි. (නි)
අන්තර්ජාලය පමණක් නොව, ඊමේල්, කෙටි පණිවුඩ මේ සියල්ලක්ම පාවිච්චි කළා. විශේෂයෙන් අපි වැනි විදේශික ශ්‍රමිකයන්. (නි)
"සියයට 27ක් මැතිවරණය ගැන තොරතුරු දැනගැනීමට අන්තර්ජාල පුවත් වෙබ් අඩවි හා සමාජ වෙබ් අඩවි භාවිතා කරද්දී " මේ 27% සමස්ත ලාංකික ඡන්ද දායකයින්ගෙන්ද? එසේනම් සමීක්ෂණයට ගත්ත නියැදිය තරමක් ප්‍රශ්නකාරී වගේ (බ)
අන්තර්ජාලයෙන් කරපු කෙන් ගෙඩියක් නැහැ..අන්තර්ජාලයේ තියෙන ඔප දුප කුණු වෙබ් බලල තම අදහස් වෙනස් කර ගන්න තරම් මෝඩ පුද්ගලයෝ ලංකාවේ නැහැ..අතීතය නොදන්නා මේ රටේ යුද්ධයක් තිබුණු බව නොදන්නා 88/89 භීෂණ සමයක් තිබුණු බව නොදන්නා තරුණ පරපුරට වෙනසක් අවශ්‍ය උනා...ඒ වගේම රට ගැන නොහිතා බඩ ගැන හිතන කොපමණ ලැබුනත් මදියි කියල හිතන අයට වෙනසක් අවශ්‍ය උනා..සුළු ජාතීන්ට සිංහල බෞද්ධ බලවේග රජ කරන මේ රජය පෙරලන්න අවශ්‍ය උනා..කට්ටිය එකතු වුනාම ලක්ෂ හතරමාරක් වැඩි උනා..එච්චරයි උනේ..ඕක සෝඩා බෝතලේ කැඩුව වගේ තමයි..බොහොම කෙටි කාලයයි.. (නදී)
ගයන් ඔබ හරි එහෙම තමයි ලෝකේ වෙනස් වෙන්නේ අපි නොහිතන විදියට (නදී)