රටේ සම්පත් හා දේපොළ විකිණීමට එරෙහිව ජනතාව දැනුවත් කිරීමින් අද (4) ජනතා විමුක්ති පෙරමුණ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී අත් පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් ආරම්භ කළේය.

ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ටිල්වින් සිල්වා, වසන්ත සමරසිංහ ඇතුළු සාමාජිකයෝ පිරිසක් ඊට එක්ව සිටියහ.

‘හම්බන්තොට වරාය අවුරුදු 99 කට චීන සමාගමකට පැවරීමට කටයුතු කරමින් සිටිනවා. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ද විකිණීමට සූදානමින් සිටිනවා. කහටගහ පතල, බෝගල පතල, පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ආදී ස්වභාවික සම්පත් විකිණීමට සැලසුම් කරලා. මේ වැඩපිළීවෙළ අපි පරාජය කළ යුතුයි.‘ යැයි ජවිපෙ නායකයා එහිදී කීවේය.

_DSC0008 _DSC0029 _DSC0075 _DSC0125