සමූපකාර සේවකයන්ට රුපියල් 5000 ක වැටුප් වැඩිවීමේ යෝජනාව ක්‍රියාත්මක කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛනයෙන් පහළ සේවකයන්ට අසාධාරණයක් සිදුව ඇතැයි කියමින් වෙන්නප්පුව විවිධ සේවා සමුපකාර සමිති පරිපාලනයට හා වයඹ පළාත් සභාවට විරුද්ධව වෙන්නප්පුව සමුපකාර සමිතියේ සේවකයෝ අද (28) එම සමිතියේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.
එම ස්ථානයට පැමිණි වෙන්නප්පුව සමුපකාර සමිතියේ සභාපති ලලිත් පීරිස් මහතා කීවේ මෙම වැටුප් වැඩිවීම් සම්බන්ධ චක්‍රලේඛය හොර රහසේ ක්‍රියාත්මක කළ එකක් නොවන බව හා එය වෙන්නප්පුවට පමණක් ක්‍රියාත්මක වන්නක් නොවන බවයි.
2025 දෙසැම්බර් මස 18
84
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
939
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමූපේ වැටුප් අසමබර වී සේවකයෝ පාරට බසිති
කුමාර Sunday, 28 June 2015 09:27 AM
සමුපේ පිනට ගන්න පඩියට රණ්ඩු වෙන හැටි (බ)
මූසිල Sunday, 28 June 2015 10:16 AM
කුමාර ඔය සමුපකාරයෙන් පිනට බඩු ගන්න කෙනෙක්ද ලංකාවේ ඉන්න හැම මිනිහෙක්ම පිනට මොනවා හරි හම්බ වෙලා තියනවා එක්කෝ රජයෙන් එක්කෝ දෙමව්පියන්ගෙන් උදාහරණ නොමිලේ අධ්‍යාපනය නොමිලේ සෞඛ්‍ය , අම්මගෙන් ඉස්කෝලේ යන්න බස් එකට ගත්ත සල්ලි ඔක්කොම පිනට හම්බ වෙච්ච ඒවා අනික අපි ගිය ආත්මේ බැංකු ගිණුම මේ ආත්මෙදි වියදමට ගත්තේ නැහැනේ ඔය පෞද්ගලික හොස්පිටල් වල බෙහෙත් ගත්තත් ඔයාට බෙහෙත් දීපු ඩොක්ටර් ඉගෙන ගත්තේ නොමිලේ සමහර බෙහෙත් වලට ආණ්ඩුවෙන් මොන හොස්පිටල් එකෙන් ගත්තත් ගානක් වියදම් කරනවා එ්ක හින්ද පින් පව් කතා කරන්න එපා (බ)
බණ්ඩාර Sunday, 28 June 2015 10:37 AM
දුර දිග බලා කටයුතු කළාට හොද පාඩම්. ඔයාල ඉල්ලුව වෙනස තමයි දැන් ලැබිලා තියෙන්නේ.දැන් ඉතින් පාරේ පෝස්ටර් අල්ලාගෙන දගලනවා. (බ)
කමල් Sunday, 28 June 2015 11:56 AM
මහනුවර පුජපිටියේ සමිතියේත් ලොක්කෝ හොදට කනවා. පොඩි යට මොනවත් නැහැ. අපිත් උද්ඝෝසණ කරන්න වෙයිද දන්නේ නැහැ (නදී)
කසුන් Sunday, 28 June 2015 12:23 PM
සමුපකාර වල හොර වැඩ ගොඩක් තියනවා. යහපාලනයෙන්වත් මේවා හොයනවනම් හොදයි . අවුරුදු 60 පැනපු අයත් තාම හොරා කනවා. පුජාපිටියේත් එහෙම තමා (බ)
කමල් Sunday, 28 June 2015 12:24 PM
පූජාපිටියේ බස් එකත් ටෙන්ඩර් නැතුව ජීඑම්ගේ හිතවතකුට දීලාලු. (බ)