සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ සමනල තටු චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් ජුලි 13 වන ඉරිදා ලන්ඩන් නුවරදී පැවැත්වීමට යයි.
දක්ෂතා ඇතත් දුප්පත්කම නිසා අසරණ තත්වයට පත්ව ඉන්නා ශ්‍රී ලංකාවේ ඈත පිටිසර ගම්මානවල ජීවත්වන දරුවන් හට පිහිටවීමේ අරමුණෙන් පිහිටුවා ගන්නා ලද " උපන්දින පදනම" මඟින් සංවිධානය කර ඇති එම චිත්‍රපට දර්ශනයේ සියලුම මුදල් එම සංවිධානයේ වැඩකටයුතු සඳහා යොදාගනේමට බලාපොරොත්තු වන බව සංවිධායකයෝ කියති.
මෙම ආධාර දර්ශනය සඳහා තම සිනමා නිර්මාණය ලබාදීම සම්බන්ධයෙන් " උපන්දින පදනම" සෝමරත්න දිසානායකයන් වෙත් තම කෘතඥතාවය පළකරයි.
උපන්දින පදනමේ අරමුණු පැහැදිලි කරමින් නිකුත් කර ඇති නිවේදනයක සඳහන්ව ඇත්තේ තම බලාපොරොත්තුව වන්නේ " කැලේ පිපෙන මල් කැකුළු සිදාදියට ගෙන ඒම නොව කැලේම පිපී මුළු ලොවම සුවඳවත් කරන්නට අත හිත දීම " බවය.
ලන්ඩන් නුවර ශ්‍රී ලාංකික දරු දැරියන්ගේ කළා කුසලතාවයන් හඳුනාගෙන ඒ සඳහා ඒම දරු දැරියන් තවදුරටත් දිරිමත් කිරීමේ අරමුණෙන් " උදව් පතන දරුවන්ට අත දෙන්න" යන තේමාව යටතේ චිත්‍ර තරඟයක් පැවැත්වීම සඳහාද " උපන්දින පදනම" කටයුතු යොදා ඇත.
"සමනල තටු" චිත්‍රපටයේ දර්ශන දෙකක් ජුලි 13 වන ඉරිදා සවස 6 ට සහ 8.30 ට ක්වීන්ස්බරිහි සියලු සාන්තුවරයින්ගේ දේවස්ථාන ශාලාවේදී පැවැත්වෙයි.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
"සමනල තටු" ලන්ඩන් යයි